මුළු ලෝකෙම අළු පාටයි !

මුළු ලෝකෙම අළු පාටයි !

20 October 2021 06:00 pm

අවුරුද්ද:  1989 දවසක් 
වෙලාව : උදේ 10.00 ට විතර 
තැන: නුවරඑළිය අඹේවෙල පාරෙ බ්ලැක්පූල් වැව් තාවුල්ල 

සිද්ධිය : සමුගැනීමේ නවාතැන ඒකාංගික ටෙලි චිත්‍රපටයේ ජවනිකාවක් රූගත කිරීම  
රංගනය : එච්.ඒ. පෙරේරා සමග ප්‍රදීපා ධර්මදාස

අංග රචනය : වසන්ත විට්ටච්චි  
කැමරා අධ්‍යක්ෂණය : පරාක්‍රම ද සිල්වා 
තිර රචනය සහ අධ්‍යක්ෂණය : කපිල කුමාර කාලිංග 

එච්.ඒ. සහ ප්‍රදීපා වැව අයිනෙන් ඇවිදගෙන එනවා. කතාකරන්නෙ එච්.ඒ. පෙරේරා. ඇසුරු සැනින් ඝන මීදුම් පදාසයක් ඇවිත් මුළු දර්ශන තලයම ආක්‍රමණය කරලා ඒ මොහොතෙ තිබුණු දැඩි පැහැ අන්තරය පලවා හරිනවා. හරියටම පරිසරයට හවස 6.30 වගේ පෙනුමක් ඇවිත්. කපිල අයියා ඒ මොහොතෙම ස්ක්‍රිප්ට් එක අතට අරං ක්ෂණිකව ඩයලොග් දෙකක් එකතු කරනවා.

"මුළු ලෝකෙම අළු පාටයි.
නිශ්ශබ්ද විලියම් ඉපදෙන්න ඇත්තෙත් හරියටම මෙන්න මේ වගේ තැනක."

ඒ අපේ ජ්‍යෙෂ්ඨයා, කපිල අයියා එක්ක වැඩ කරද්දි මට මතක මතක එක සිද්ධියක් විතරයි.

කපිල අයියා ලියපු දේවල් අතරින් අපි සැරටම ගුවන්විදුලිය අහපු කාලෙ "මකරාගේ තානායම" ප්‍රාණවත් නාට්‍ය පිටපතත්, දයාසේන ගුණසිංහ මහත්තයා ඉතාම අභිරුචියෙන් මතක් කරපු "චිත්‍ර ප්‍රදර්ශනය සහ පෙම් යුවල" කෙටිකතාවත් අපේ මතකයේ තැන්පත් වෙලා තියෙන්නෙ, කොන්ක්‍රීට් දැම්ම වගේ.

ඊයේ අපේ මිත්‍ර ප්‍රියංකර සිල්වා නුවර ඇවිත් කපිල අයියත් එක්ක වැඩක් කරන්න. මගෙනුත් පොඩි සහයෝගයක් ඉල්ලුව.

අවුරුද්දකට විතර පස්සෙ මම කැමරාවත් එක්ක අතේ හිරි ඇරගත්තා.
මේ සෑහෙන කාලෙකට පස්සෙ ගත්ත කපිල කුමාර කාලිංග ගේ පින්තූර.

 - හේමන්ත අරුණසිරි

UN



Recommended News