CSR මාසික විද්වත් සිනමා කතිකාවත - මෙවර ’ඇවිලෙන සුළුයි’

CSR මාසික විද්වත් සිනමා කතිකාවත - මෙවර ’ඇවිලෙන සුළුයි’

18 April 2021 06:11 pm

ලංකාවේ තිරගතවන නවතම සිනමාපට සිනමා ශාලාවෙන් ගැලවූ වහාම විචාරක මේසයට ගෙන එමින් සිංහල සිනමාව සම්බන්ධව අඛණ්ඩව මාසිකව පවත්වාගෙන යන එකම සිනමා කතිකාව 'CSR මාසික විද්වත් සිනමා කතිකාව'යි. එහි නවතම පියවර අප්‍රේල් 24 වැනි සෙනසුරාදා පැවැත්වෙන අතර මෙවර, සිනමාවේදී චින්තන ධර්මදාසගේ 'ඇවිලෙන සුළුයි' සිනමාපටය ඒ සඳහා තෝරාගෙන තිබේ.

චිත‍්‍රපටය අප්‍රේල් 24 වෙනි සෙනසුරාදා සවස 1.00 ට ප‍්‍රදර්ශනය කරනු ලබන අතර චිත‍්‍රපට ප‍්‍රදර්ශනයෙන් අනතුරුව සවස 3.00 ට විද්වත් අදහස් දැක්වීම හා සංවාදය ආරම්භ වේ.
 
මෙවර CSR මාසික විද්වත් සිනමා කතිකාවේදී භූපති නලින්, විදර්ශන කන්නන්ගර, ලංකා බණ්ඩාරනායක සමග නීතිඥ රධිකා ගුණරත්න අදහස් දැක්වීමට නියමිතය.
 
'CSR මාසික විද්වත් සිනමා කතිකාව' පූර්ණ අනුග‍්‍රහය හා සංවිධානය මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය එ්කකය විසින් වන අතර මෙහි සංවිධාන හා සම්බන්ධීකරණ සහාය 'කෙටි චිත‍්‍රපට සංගමය','ශ‍්‍රී ලංකා විකල්ප සිනමාවේදීන්ගේ සංසදය' සහ 'නිදහස් මාධ්‍ය සංසදය’ මගිනි.
 
වැඩි විස්තර: - 0777 656003 (තිළිණ අලහකෝන් - CSR මාධ්‍ය ඒකකය)

UN