සුභාෂිණි චතුරිකා සමග අද රෑ ‘පියැසි කවුළුවේ’ කතා බහක්

සුභාෂිණි චතුරිකා සමග අද රෑ ‘පියැසි කවුළුවේ’ කතා බහක්

24 March 2021 05:30 pm

නොබෙල් සාහිත්‍ය සම්මානලාභී පෘතුගීසී ලේඛක ‍ජොසේ සරමාගෝ විසින් රචිත skylight කෘතියේ  සිංහල පරිවර්තනය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ කතා බහක් පැවැත්වීමට අද (24)දින කටයුතු සූදානම් කර තිබේ.

එම කෘතිය ‘පියැසි කවුළුව’ ලෙසින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ සුභාෂිණි චතුරිකා විසිනි.  

ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා  වලින් සිංහලට පරිවර්තන කාර්යයයේ යෙදෙන ඇය මේ වන විට එම භාෂා දෙකටම අයත් කෘති හතක් පමණ  සිංහල‍ට පරිවර්තනය කර ඇත.

මෙය සරමාගෝ ගේ කෘතියක් සිංහලට පරිවර්තනය වුණු ප්‍රථම වතාව වන අතර කෘතියට පාදක වන්නේ තට්ටු නිවාසයක ජීවත් වන පවුල් හයක  ජීවන අරගලය පිළිබඳ කතාවකි.

පියැසි කවුළුව  කෘතිය පිළිබදව අද රාත්‍රී 9 ට ZOOM තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙන සාකච්ඡාවේදී ප්‍රධාන අදහස් දැක්වීම සිදු කරනු ලබන්නේ ‍ලේඛිකා  කත්‍යානා අමරසිංහ විසිනි.

"අහස පොත් " මුහුණු පොත හරහාද එම කතා බහ සජීවීව විකාශනය වේ.

එම මුහුණු පොත හරහා හෝ පහත දැක්වෙන යොමුව ඔස්සේ ඔබටත් එම සංවාදය සමග සම්බන්ධ විය හැකිය.

ZOOM ID - 8503155015

PASSCODE - chem123