රෙදි ගැලෙව්වාට ස්තූතියි - ’ද නිව්ස්පේපර්’ !

රෙදි ගැලෙව්වාට ස්තූතියි - ’ද නිව්ස්පේපර්’ !

14 August 2020 06:54 am

'පත්තරවලට ලියන මහත්තුරුත් බොරු කියනවද?'
ලුයියා අහන්නේ හෙළඋදාව පත්තරයේ ප්‍රධාන කර්තෘවරයාගෙන් ය. ලුයියා සහ ගුණා පොළොන්නරුව, ගල්ලෑල්ලේ සිට කොළඹ ආවේ පත්තර කන්තෝරුවක් හොයාගෙන ය. ඒ ගුණාගේ සහෝදරයා වන එම්.කේ.ශාන්ත ගැන වසර නවයකට පෙර පළවූ ප්‍රවෘත්තියක් නිවැරදි කරගන්නට ය.

තම සහෝදරයා 'කොටියෙක්' බවට පත්තර මුල් පිටුවල ලොකු අකුරින් පළවූ ප්‍රවෘත්තියට වසර නවයකට පසු නිවැරදි කිරීමක් ලැබී ඇත. ඒ ඇතුළු පිටුවක සෙන්ටිමීටර් තුනේ-තුනේ ඉඩකි. සහෝදරයා බස් රථයකට බෝම්බයක් බැඳගෙන පැන්න බව පත්තරවල ගිය පසු, ගමේ මිනිස්සු ගුණාගේ කකුල් කැඩූහ. අම්මා සමග ජීවත් වූ ගේ ගිනි තැබූහ. එදායින් පසු ගුණාට හිටියේ අම්මාත්, ලුයියාත් විතර ය.
'අපේ මල්ලි කොටියෙක් නෙමෙයි කියලා මේ ගමේ පිළිගත්තෙ උඹ විතරයි.'

ගමේ සිටින අකුරු කියවන්නට - ලියන්නට නොදත්, මී හරක් බලාගන්නා ලුයියාට, ගුණා කියන්නේ එහෙම ය. කන්න තියෙන ස්පන්චිය දෙකට කඩා ගුණාට කෑල්ලක් දෙන්නට ඉන්නේ ලුයියා විතර ය.
කුණු ගොඩට විසි කළ එළවළුවල කොටස් එකතු කරන ගුණාට අහම්බෙන් සෙන්ටිමීටර් තුනේ-තුනේ නිවැරදි කිරීම හමු වේ. ලොකු අකුරින් ප්‍රවෘත්තිය දැමූ පත්තර මහත්තුරු ඊළඟ දවසේ ප්‍රවෘත්ති ගැන හිතන විට, ගුණාලාට සියල්ල සිදු විය. සියල්ල සිදු වී තිබුණද, වසර නවයකට පසු හමු වූ නිවැරදි කිරීම ගුණාටත්, අම්මාටත් අලුත් ජීවිතයක් දෙන්නේය.

'අපේ මල්ලි කොටියෙක් නෙමෙයි.'
කඩපිළේදී, ගමේ මිනිස්සු ඉදිරිපිට ස්ථිරසාරව ඒ වචන හතර කියන්නට ගුණාට හයිය ලැබෙන්නේ සෙන්ටිමීටර් තුනේ-තුනේ ඒ පත්තර කෑල්ලෙන් ය. ඒත් බහුතරයේ තර්කය වෙනස් ය.
'කොටියෙක් නෙමෙයි නම් මෙච්චර පොඩිවට දායි ද?'

එදා පටන් ගුණාගේ අම්මාගේ හීනය පත්තර මුල් පිටුවක ලොකු අකුරින් මේ නිවැරදි කිරීම දමා ගැනීම ය. ගමේ කිසිවකුගේ පිහිටක් නැති කාශ්ඨකයේ පැල්පතක ජීවත් වන අම්මාට බැරල් එකකට වතුර පුරවා දී ගුණාත්, ලුයියාත් කොළඹ එන්නේ ඒ හීනය ඉටු කරන්නට ය. ගුණාලා තවමත් කොටි ය. ඔවුන් කොටි නොවන බවට පිළිගන්නා ලුයියා අකුරු ලියන්නට - කියවන්නට නොදන්නා ඒකෙකි.
කෝච්චියෙන් කොළඹ එන ගුණාලාට මුලින්ම අහිමි වන්නේ, ඔවුන්ගෙන් හොරකම් කරන්නේ සල්ලි තිබූ බෑගයයි. පත්තර කෑල්ල තියෙන්නේද එහි ය. බෑගය හෝ සල්ලි නොව, නැති වූ පත්තර කෑල්ල හොයමින් දෙදෙනා කුණු බක්කි පීරයි. ඉරී ගිය පත්තර කෑල්ල හොයාගන්නා ගුණා සහ ලුයියා, පත්තර කඩේකින් කන්තෝරුවල ලිපින විමසයි. පත්තර විකුණන්නා කියන්නේ පත්තරයක් මිලදීගෙන, එහි අහවල් පිටුවේ බලන ලෙසයි.

'පත්තරයක් දෙන්න.'
'මොකක්ද ඔ්නෙ පත්තරේ?'
'කැමැති එකක්.'
ලුයියාගේ මේ 'කැමැති එකක්' යන වචන දෙක අතිශය තීරණාත්මක ය. ගල්ලෑල්ලේ සිට කොළඹ පත්තර කන්තෝරුව හොයාගෙන එන ලුයියාට පත්තරවල නම් ගැන අදහසක් නැත. මතුපිට අර්ථය එසේ වුවත්, සියලු පත්තරවල ලොකු අකුරින් දැම්මේ ගුණාගේ සහෝදරයා කොටියෙක් බවයි. පත්තරවල නම් දැනගෙන සිටියත් ලුයියාට දෙන්නට තියෙන උත්තරය 'කැමැති එකක්' යන්න විතර ය.
පත්තර කන්තෝරුවකට යන ලුයියා සහ ගුණා, ගේට්ටුව ළඟට වී බලා ඉන්නේ ආරක්ෂක නිලධාරියා ඇහැරෙන තුරු ය.
'මොකද ඔතැන?'
'ඇහැරෙනකම් හිටියෙ.'

ඇහැරෙනකම් බලා ඉන්න, ඇහැරෙන සූදානමක්වත් නැති තවත් කතා කොපමණක්ද ? මතුපිට ලෝකයේදී ගේට්ටුව ළඟට යන අයෙකු ඊට තට්ටු කර තමන්ගේ අවශ්‍යතාව කියයි. ඒසේ නොමැති නම් 'මොකද ඔතැන' යනුවෙන් ඇසූ විට, පත්තරේ මහත්තයෙක් හම්බෙන්න හෝ එවැන්නක් කියයි. ඒත් ලුයියාට සහ ගුණාට ලෝක දෙකක් නැත.


මේ තමන්‌ගේ ජීවිතය පිළිබඳ තීරණාත්මක තැනකි. වැඩේ කරගැනීම විනාඩියකින් ඉස්සර වීම යනු අම්මාට විනාඩියකට පෙර සතුට ලබාදීමකි. හීනය හැබෑකිරීමකි. ගමේ මිනිසුන්ගේ නින්දා - අපහාස විනාඩියකට කලින් නතර වීමකි. ඒත් සිදුවන්නේ ඔවුන් අනෙකාගේ නිදහසට ඉඩදී බලා සිටීම ය. ඒ ලොකු ගේට්ටුවෙන් ඇතුළුවන්නට වරම් ලැබෙන තෙක්ම ඉවසීම ය.
පත්තර කන්තෝරුවෙන් - කන්තෝරුවට යන ගුණා සහ ලුයියාට ලැබෙන්නේ එක සමාන පිළිතුරු ය.

'ඔ්ක ලොකු අකුරින් දැම්මා කියලා මොකක්ද අපේ පත්තරේට තියෙන වාසිය?'
ගුණාලා ළඟ ඊට උත්තරයක් ඇත.
'අපේ මල්ලි කොටියෙක් කියලා ලොකු අකුරෙන්නෙ ගියෙ?'
ඒත් එය පත්තර මහත්තුරුන්ට උත්තරයක් නොවේ. ඔවුන් ගුණා සහ ලුයියාව තැනින් - තැනට යවති. ඒ අතර ය, ලුයියා මුලින්ම කී කතාව අහන්නේ.
'පත්තරවලට ලියන මහත්තුරුත් බොරු කියනවද?'
මේ වටේ යන අතරතුරදී ය, ලුයියා විසින් හිරු රශ්මි පත්තරයේ ප්‍රධාන කර්තෘවරයාට පහරදෙන්නේ.
'මහත්තයටත් අම්ම කෙනෙක් ඇති නෙ?'
ගුණාගේ ඒ කතාව කර්තෘවරයාට අනුව බලපෑමකි.
'මට බලපෑම් කරන්න එන්න ඒපා.'
කර්තෘවරයාගේ කකුල් අල්ලා වැඳ වැටෙන ගුණාව ඔහු තල්ලු කර දමයි. තිබහට ඉල්ලූ වතුරට සල්ලි ඉල්ලන විට, නිදහස් චතුරස්‍රය ළඟ ලස්සනට ඉදිකර ඇති වතුර මල්වලින් නාද්දී පොලිසියෙන් එළවා දමන විට, පත්තර කන්තෝරු ලිපින හොයද්දී හිඟා කන කාලකන්නි කියා එළවන විට ආදී කොළඹ නොපනත්කම් සියල්ල ඉවසන ලුයියා මෙහිදී ඉවසන්නේ නැත. ගමේ මිනිස්සු කකුල් කැඩූ, අත් ආධාරකවලින් ඇවිදින ගුණාට පහර දුන් විගස, ලුයියා කර්තෘවරයාට පහර දෙයි. අර සියල්ල ඉවසන ඔහු, මිතුරාට පහරදීම ඉවසන්නේ නැත.

'කර්තෘවරයාට මැර ප්‍රහාරයක්'
'ආණ්ඩුව පෙරළීමේ විරුද්ධ පක්ෂයේ කුමන්ත්‍රණයේ ඒක පියවරක්'
ප්‍රවෘත්ති මවමින් ලුයියාගේ ප්‍රහාරය රට කළඹයි. ලුයියා අත්අඩංගුවට පත් වේ. කර්තෘලා අතරින් මතු වූ ජර්නලිස්ට් තරුෂි ඔවුන්ව අත්හරින්නේ නැත. මුල්ම පත්තර කන්තෝරුවේදී ඔවුන්ට උදව් කිරීමට උත්සාහ කළද, ඇය පුහුණු වන මාධ්‍යවේදිනියක් පමණි. ඇයට කළ හැක්කේ සීමාසහිත උදව්වකි. ලුයියා බලන්නට පොලිසියට ඒන තරුෂි මෙසේ අසයි.
'මොකද වුණේ?'
'මගෙ රේඩියෝ එක නැති වුණා.'
ලුයියාගේ අවශ්‍යතාවල සීමා ඉර එසේ පැහැදිලිව පෙන්නුම් කරයි. රිමාන්ඩ් කෙරෙන ලුයියා බන්ධනාගාර බසයට නගින්නට පෙර ගුණාට කියන්නේ 'උඹත් වරෙන්කො' යනුවෙන් ය.
ගුණා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පදික වේදිකාවේ වාඩි වී සිටින විට, ඔහුට බත් පාර්සලයක් සහ සල්ලිවලට ගත් වතුර බෝතලයක් ගෙන එන්නේ තරුෂි ය. ඇය එහිදී බෑගයෙන් ගන්නා තුනට කඩන කුඩයක් ගුණා අතට දෙයි.
'දැන් ඔ්නෙ වෙන්නෙ නෑ තමයි, පස්සෙ ඔ්නෙ වෙයි.'

කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල විසින් නිර්මාණය කරන ලද 'ද නිව්ස්පේපර්' චිත්‍රපටයේ ඇති වඩාත් ප්‍රබලම සංකේතය එයයි. කොළඹ පමණක් නොවේ, ගමේදී ද ගුණාලාට ආවරණයක් නැත. ඔවුන් වැස්සට තෙමෙන්නේය. අවුවට වේලෙන්නේය. විශේෂයෙන්ම කොළඹදී ඔවුන් සියලු ආකාරයේ අත්තනෝමතික සැලකීම්වලට මුහුණ දෙයි. ඒවායින් බේරෙන්නට ඔවුන්ට ආවරණයක් නැත. ප්‍රධාන කර්තෘලා, පුවත්පත් හිමිකරුවන් අතරේ තරුෂිට ඔවුන්ට කුඩයක් වෙන්නට බැරි ය. අඩු තරමේ තමන්ගේ හිසේ සෙවණට ඇති කුඩය පවා ආරක්ෂා කරගන්නට තරුෂිට බලයක් නැත. එහෙත් ඇය කුඩය දෙයි. තුනට කඩන කුඩා කුඩය ඔවුන්ට දෙයි. මුළු ඇඟම නැතත්, සෙම වැඩි වී නිව්මෝනියාවෙන් මැරෙන ඒක වළක්වාගන්නට ඔළුව බේරාගන්නට ඒයින් හැකියාව ලැබෙනු ඇත.
ඒහෙත් ගුණාට කුඩය දෙන තරුෂිට, කර්තෘවරයා පැහැදිලි කරන්නේ ඔවුන්ගේ ලෝකයේ ජනමාධ්‍යයේ වගකීමට ඇති තැන ගැන ය.

'ඒ් දෙන්න පහර දීලා තියෙන්නෙ සාමාන්‍ය ජර්නලිස්ට් කෙනෙකුට නෙමෙයි, ප්‍රධාන කර්තෘ කෙනෙකුට. ඒ් දෙන්නට උදව් කරන එක ඔයාගෙ වෘත්තියේ අනාගතයට ඒච්චර හොඳ නැති වෙයි.'
රිමාන්ඩ් ඒකේදී ලුයියාට මුණගැහෙන නැදිමාලෙ පුෂ්පෙ නම් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ලෙස පෙන්වන පුද්ගලයාගේ ප්‍රකාශය, කොයි ආණ්ඩුව ආවත් අරලියගහ මන්දිරයට රිංගන බව කියන මේ කර්තෘවරයාට එල්ල කළ ප්‍රහාරය තවත් උපහාසයට ලක්කරයි.
'අපිවත් බාරගන්නෙ නැති ගේම් ඒකක්නෙ තමුසෙ දීලා තියෙන්නෙ.'

ලුයියාව අගය කිරීමෙන් පසු ඔහු කියන්නේ 'ඒළියෙදි හම්බෙමු' කියා ය. ලුයියාගේ ලෝකයේ ඒළියක්, ඇතුළක් නැත. ඔහු ඒක්වරම අහන්නේ 'ඒ මොකටද' කියා ය.
ඇප ලබා ඒළියට ඒන ලුයියා ලවා, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැනි කැට වර්ගයක් ප්‍රවාහනය කරවාගැනීමට පුෂ්පෙ කටයුතු කරයි. ඒ පොලිසියෙන් ඔවුන්ව ලුහුබඳින නිසා ය. මේ පාර්සලය ගැන කිසිදු අදහසක් නැති ලුයියා සහ ගුණා යන්නේ පොලිසියට ය. ඒ් ඔවුන්ට පත්තර කන්තෝරුවකින් ගේන්නට කියන ලියුමක් ගන්නට ය. පොලිසියට ඇතුළට යන ලුයියාගේ බෑගය පරීක්ෂා කරන පොලිස් නිලධාරියා, ඒක්වරම පුෂ්පෙගේ පාර්සලය ගෙන 'මේ මොනවද' යනුවෙන් අසයි. එහිදී එක්වරම උත්තර දෙන ගුණා කියන්නේ 'ගෙදරින් ගෙනාපු අළුවා වගයක්' කියා ය.

ඒ් පාර්සලයේ ඇති අළුවා වැනි සුදු පැහැති කැට ද්‍රව්‍යය ගුණා සහ ලුයියා දකින්නේත් ඒ වෙලාවේ ය. විශේෂයෙන්ම එවැනි පාර්සලයක් ලුයියාගේ බෑගය තුළට දැමූ බවක්, ගුණා දැනගන්නේද නැත. කොළඹට පැමිණි පසු යම් යම් අවස්ථාවලදී, ඉදිරිපත් වීම අතින් ගුණා ඉන්නේ ලුයියාට වඩා ඉදිරියෙන් ය. ඒ් ඔහු අකුරු කියවීමට දන්නා නිසා වන්නට ඇත. ඒහෙත් මෙහිදී ඒක්වරම පොලිස් නිලධාරියා ඉදිරියේ ගුණා, තැනට ගැළපෙන ලෙස සටකපට උත්තරයක් දීම බලාපොරොත්තු විය නොහැක්කකි. පොලිස් නිලධාරියා ද ඒයින් සෑහීමකට පත් වේ. ඒය චිත්‍රපටයේ හමුවන තරමක් පිළිගත නොහැකි අවස්ථාවකි.
මේ අතරවාරයේ ගුණා සහ ලුයියාට සහයෝගය දීම නිසා තරුෂිට රැකියාව අහිමි වේ. රැකියාව අහිමි වූ තරුෂිත්, ගුණා සහ ලුයියාත් විහාරමහාදේවි උද්‍යානය අසල බංකුවක වාඩි වී සිටී. ඔවුන්ට පිටුපසින් පෙනෙන්නේ සෞභාග්‍යයේ සංකේතයක් ලෙස හැඳින්වෙන, රටේ පොහොසත්කම ලොවට කියන නෙළුම් කුළුණ ය.
'දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නෙ?'

නෙළුම් කුළුණ ඉදිරිපට සිට, උදාසීනව උත්තර දෙන ගුණා කියන්නේ 'අපි ගමේ යනවා නෝනා' යනුවෙන් ය. ඔවුන්ට කොළඹ හෝ මේ මහ පොළොව යට කුඩයක් නැති බව දැන් තහවුරු ය. එහෙත් ඇය තවදුරටත් බලාපොරොත්තු සහගත ය.

'තව ටිකක් උත්සාහ කළොත් නරකද ?'
කුඩය දීම නිසා රැකියාව පවා අහිමි කරගත් ඇය, ඔවුන්ගෙන් සමුගන්නේ ලුයියාට රේඩියෝවක් තෑගිදීමෙන් පසුව ය. හරක් බලද්දී මෙන්ම කොළඹදී ද ලුයියාගේ බෙල්ලේ ඒල්ලුණු, ඔහුගේ පාළුව මැකූ රේඩියෝවේ වටිනාකම ඇය තේරුම්ගෙන ය. එය මානුෂීය ය. ඒය ආදරණීය ය. රේඩියෝව ලැබුණු පසු ලුයියාගේ මුහුණේ මතුවන සතුට දෙස බලා සිටින ඇය, හැඟීම් කැටි කරගෙන නිහඬවම නික්ම යයි.
ගමේ යෑමට කොළඹ, කොටුව දුම්රිය ස්ථානය දෙසට යන ගුණාට සහ ලුයියාට අනපේක්ෂිත සිදුවීමකට මුහුණ පෑමට සිදු වේ. එය භාග්‍යයත්-අභාග්‍යයත් මැද කතාවකි. බැංකුවක් කොල්ල කා පළා යන කොල්ලකරුවකුගෙන් සල්ලි බෑගයක් බිම වැටේ. ලුයියා ඉදිරියේ වැටෙන ඒය, ඔහු අහුළා ගනී. කොල්ලකරු ඒය ලුයියාගෙන් උදුරාගන්නට හදද්දී, ඔහු දෙන්නේ නැත. ඊට හේතුව බැංකුව ඉදිරිපිට කාන්තාවක් හඬාවැටීම ලුයියාගේ අවධානය‌ යොමුවීම ය. ඔහුට මොකක්දෝ අවුලක් දැනේ. ලුයියාගෙන් බෑගය ගන්නට, කොල්ලකරු ඔහුට පහර දෙයි. යළිත් ගල්ලෑල්ලේ මිතුරා මතු වේ.
සල්ලි, මංකොල්ල කතා අදාළ නැත. ගුණා බයිසිකලයෙන් පැන කොල්ලකරුගේ කකුල බදාගනී. ඊට හේතුව ලුයියාට පහරදීම ම පමණි. ඒ් අතරවාරයේ පොලිසියෙන් පැමිණ කොල්ලකරු අත්අඩංගුවට ගනී. සියල්ල ගුණාලාගේ තාවකාලික වාසියට පෙරළෙන්නේ ඉන්පසුව ය.

ඒ් අතරවාරයේ කොල්ල කල්ලියේ නායකයා ලෙස දැක්වෙන පුද්ගලයෙකු, තාත්තගේ දානෙට දොළොස්නමක්ම වඩම්මමු, මං අටපිරිකර ගේන්නම් වැනි අම්මාට කියන කතා හරහා මුදලට යට වූ ආගමික විහිළු සම්බන්ධයෙන් ද චිත්‍රපටයේ අවධානය යොමු කෙරේ. එය ඒක්වරම මතුවූවක් නොවන්නේ ගුණා සහ ලුයියා ගල්ලෑල්ලේ ගමේ පන්සලේ හාමුදුරුවන් මුණගැසෙන්නට ගිය කතාව මුලදී දිග හැරී ඇති නිසා ය.
'අත්හැරලා දාන්න.'
හාමුදුරුවන් කියන්නේ ඒහෙම ය. බුදුහාමුදුරුවන්ට අපහාස කළත්, උන්වහන්සේ ඉවසූ බව ගමේ පන්සලේ හාමුදුරුවෝ ගාථා උපුටා දක්වමින් කියයි.
'ඒ්ත් බුදුහාමුදුරුවන්ගෙ කකුල් කැඩුවෙ නෑනෙ.'
ගුණාගේ ඒ කතාවත්, 'හාමුදුරුවො අපිට කිව්වෙත් පෝයදාට කට පාඩමින් කියන කතා ටිකමනෙ බං' යනුවෙන් කීමත්, කොල්ල කල්ලි නායකයා දානයට වියදම් කරන ආකාරය ගැන කීමත් අපූරු සම්බන්ධයක් හදයි. ගුණා සහ ලුයියා යනු බලය නැති කොටස ය. ඔවුන්ට ආගමේදී හිත හදාගන්නට ඇත්තේ 'කර්මය තමයි' යන්න පමණි.
පොලිසියේ මැදිහත්වීමෙන් ගුණාගේ අම්මාගේ සිහිනය ඉටුකර දීමට අදාළ වැඩ සිදු වේ.
'සාමාන්‍යයෙන් නිවැරදි කිරීමක් හෙඩ්ලයින් ඒකේ දාන්නෙ නෑ'.
පුවත්පත් කර්තෘවරුන් විසින් මීට මැදිහත් වන පොලිසියේ ඉහළ නිලධාරියාට කියන්නේ එහෙම ය.
'ඒ්ත් වැරදි ප්‍රවෘත්තිය හෙඩ්ලයින් එකේ ගියානෙ.'
ඊට පුවත්පත් කර්තෘවරුන්ට උත්තර නැත. අවසානයේදී අම්මාගේ සිහිනය ඉටු වේ. ගුණාගේ මල්ලී, ඒම්.කේ.ශාන්ත නිරේදෝෂයි යනුවෙන් පුවත්පතක මුල් පිටුවේ ලොකු අකුරින් පළ වේ.
ඒතැනින් චිත්‍රපටය අවසන් නැත. අම්මාගේ හීනය ඉටු කොට, ඒය අම්මාට පෙන්වන්නට කොළඹින් කෝච්චියට නගින්නට ගුණාට හැකියාවක් ලැබෙන්නේ නැත. කකුල නිසා සිදු වන ප්‍රමාදයෙන්, ඔහු කොටුව දුම්රිය ස්ථානයේ පඩිපෙළක් මත සිටියදී කෝච්චිය පිටත් වේ. ගුණා, ලුයියාව පත්තරය සමග පිටත් කර හරී. ගුණාගේ ආධාරක බයිසිකලය ඒ් වනවිටත් කෝච්චියට පටවා තිබීම මෙන්ම අම්මාට පත්තරය පෙන්වන්නට තියෙන හදිසිය ද ඒහිදී සමානව මතු වේ.
'අම්මට පත්තරේ පෙන්නපං. කාගෙන් හරි අහලා ගල්ලෑල්ලෙන් බැහැපං'

සංකීර්ණ කොළඹ අත්හැර, ඔවුහු යළි ගම් වදින්නට සූදානම් ය. ඒහි ඉන්නේ අම්මා පමණි. අම්මාට පත්තරය පෙන්වීම ඔවුන්ගේ දිනුම ය. ඒ් අතරේ යළිත් ලුයියාගේ අකුරු නොහැකියාව ද මතු වේ. හැමදාම ඔවුන්ට කාගෙන් හරි අහන්නට සිදු වේ. ජීවත් වෙන ඒක එඔවුන්ට ස්වාධීනව සිදු කරගන්නට නොලැබෙන දෙයකි. ඔවුන්ට හයිය ආවරණ ලැබෙන්නේ ද නැත. තරුෂි වැන්නන්ගෙන් ලැබෙන කුඩ, වැටෙන වැහිවලට ඔරොත්තු දෙන්නේ නැත.

ලුයියා ගෙදර යන විට අම්මා හාමතේ මිය ඇදිලා ය. ඇය වළලා, පත්තරය වළ උඩින් තබා ඔහු දණ ගසා වඳියි.
'බුදු සරණයි'
කොල්ලකරුවන් ගුණාට වෙඩි තබා මරා දමයි.
'ඊයේ කොටුව දුම්රිය ස්ථානයේදී පාතාල කල්ලි දෙකක් ගැටී කුඩු ඒජන්තයෙක් මරුට !'
පසුදින සියලු පුවත්පත් ගුණාගේ මරණය එසේ වාර්තා කරයි.

පත්තර ජීවිතය ගැන මේ ජාතියෙන් ලියැවුණු - කියැවුණු නිර්මාණ රාශියක් තිබුණද, මේ මහ පොළොවේ පණ පිහිටවූ 'ද නිව්ස්පේපර්' මා අතිශය ලැජ්ජාවට පත්කළේය. ලියූ අකුරුවලට වගකියන්නට හැකි යැයි පෞද්ගලිකව විශ්වාස කළ ද, පොදුවේ එක්ව ප්‍රකාශයට පත් කළ, නියෝජනය කරන වෘත්තිය මගින් ඒළිදැක්වුණු පුවත්පත් මගින් ගුණාලා කී දෙනෙකුගේ කකුල් කඩා දමන්නට ඇද්ද ? අම්මලා කී දෙනෙක් හාමතේ මිය පරලොව යවන්නට ඇද්ද ? ලුයියා වැන්නන් කීදෙනෙක් තවදුරටත් යන්නට මගක් නොදැන පාර අසමින් සිටිනු ඇද්ද ?
රෙදි ගැලෙව්වාට ස්තූතියි - ද නිව්ස්පේපර් !

- ශාලික විමලසේන