මානසික පීඩාවන්ට වේදිකාව මනා ප්‍රතිකාරයක් - මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර

මානසික පීඩාවන්ට වේදිකාව මනා ප්‍රතිකාරයක් - මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර

25 February 2020 11:45 pm

වත්මන් සමාජය තුළ  අප බොහෝදෙනා පීඩාවිඳින විවිධාකාර මානසික පීඩනයන්ට,මානසික රෝගයන්ට,වේදිකා නාට්‍යය ඉතා සුදුසු ප්‍රතිකාරයක් වන බව මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා ප්‍රකාශ කර සිටියි.

බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ  ප්‍රහසන නාට්‍යකරුවකු වන රේ කූනි ගේ '' two into one '' නාට්‍යය ඇසුරින් නෂ්පාදනය කෙරෙන '' යතුරු හිලෙන් බලන්න " වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙලට එක්වෙමින් අබේසුන්දර මහතා මේ බව සඳහන් කළේය .

මේ වනවිට සමාජය තුළ පවතින දැඩි තරඟකාරී බව හේතුවෙන් බොහෝ දෙනෙකු විවිධාකාර මානසික පීඩනයන්ට ගොදුරු වන බවත් , ඒ හේතුවෙන්ම ඔවුන් විවිධ මානසික රෝගයන්ටද ලක්වන බවත් මහාචාර්යවරයා මෙහිදී පැවසීය .

වේදිකා නාට්‍යය රසවිඳීම හරහා මෙම මානසික ව්‍යාධීන්ට සහනයක් ලැබෙන බවත් මහාචාර්යවරයා පැවසීය .

"යතුරු හිලෙන් බලන්න" වේදිකා නාට්‍යය සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ තුසිත සිල්වා මහතාගේ අධ්‍යක්ෂණයක් වන අතර එහි පිටපත කුමාර සිරිවර්ධන මහතා විසින් සම්පාදිතය.

ශ්‍රියන්ත මෙන්ඩිස් , අජිත් ලොකුගේ , පබෝධා සන්දීපනී , කුසුම් රේණු ඇතුළු ප්‍රවීණ හා ජනප්‍රිය නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වන මෙම නාට්‍යය නිෂ්පාදනය කර ඇත්තේ සමන් නානායක්කාර මහතා හා කාමිණි රාජපක්ෂ මහත්මියයි .