සුජීවගේ Untouched මංගල දර්ශනය සඳහා සූදානම්!

සුජීවගේ Untouched මංගල දර්ශනය සඳහා සූදානම්!

11 February 2020 02:44 pm

ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කරන, සුජීව පතිනිසේකර රචනය හා අධ්‍යක්ෂණය කරන ලද Untouched නූතන ඉංග‍්‍රීසි වේදිකා නාට්‍යයේ ජාත්‍යන්තර මංගල දර්ශන එක්සත් එමීර් රාජ්‍යය විසින් සංවිධානය කරනු ලබන 'ෆුජෙයිරා' ජාත්‍යන්තර නාට්‍ය උළෙලේදී හා ඉන්දියාවේ කල්කටා 'ඩුම් ඩුම්' ජාත්‍යන්තර නාට්‍ය උළෙලේදී වේදිකාගත වීමට නියමිතය. 

පසුගිය දෙසැම්බර් මස නිෂ්පාදන කටයුතු අවසන් කළ Untouched වේදිකා නාට්‍යයේ රංගයෙන් සුබුද්ධි ලක්මාලි දායක වන අතර, විධායක නිෂ්පාදනය, රංග වින්‍යාසය හා නිර්මාණකරණය එම්. සෆීර් ගෙනි. සංගීතය වින්දක වීරසිංහගෙන්ද, වේදිකා කළමනාකරණය ප්‍රිමාල් කේ. පෙරේරාගෙන්ද, සහාය වේදිකා කළමනාකරණය එම්. ශාරෆ්ගෙන්ද වන අතර, රංගාලෝකය වසන්ත කුමාර හා සුජීව පතිනිසේකරගෙනි. 

ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායමේ 40 වෙනි නිෂ්පාදනය වන Untouched මෙරට වේදිකාගත වීමට නියමිතව ඇත්තේ මේ වසරේ අගෝස්තු මස පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලේදීය.

Untouched යනු තත්කාලීන රංග නිර්මාණයකි. මෙහිදී භාෂාව ලෙස ඉංග‍්‍රීසි භාවිතා කළත් රංගන ශිල්පිණියගේ ශරීර රිද්මය, හඬ භාවිතය හා චලනයන් උපයෝගී කොට සංගීතයට බද්ධව සැකසූ නූතන රංග කලා ප‍්‍රවනතාවක් වන මොනෝ ඩ‍්‍රාමා ප‍්‍රබේදයට අයත් අත්හදා බැලීමකි.

Untouched නිර්මාණය ඉදිරි වසර දෙක තුල ආසියාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව යන කලාපවල රංගගත කිරීමට සැලසුම් කර ඇත.

සියලු ඡායාරූප බලන්න මෙතන click කරන්න.