ජයලත් මනෝරත්න දිවි රඟමඬලින් සමුගනී !!

ජයලත් මනෝරත්න දිවි රඟමඬලින් සමුගනී !!

12 January 2020 08:05 am

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. 

පසුගිය කාලය තුළ විටින් විට දැඩි අසනීප තත්වයන්ගෙන් රෝහල්ගතව සිටි ඒ මහතා මියයන විට 71 හැවිරිදි වියේ පසුවිය. 

ජයලත් මනෝරත්නයන් යනු වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය මෙන්ම කලා ක්ෂේත්‍රයෙහි විවිධ ඉසව් ඔස්සේ සිය ප්‍රතිභාව පෙන්නුම් කළ විශිෂ්ඨයකු වූ අතර ඔහුගේ අඩුව කලා ක්ෂේත්‍රය තුළ තදින්ම දැනෙනු ඇත. 

RN