සනත් බාලසූරිය ’පියෙරෝ සහ පාද්රේ’ සමගින් පාඨකයා හමුවට

සනත් බාලසූරිය ’පියෙරෝ සහ පාද්රේ’ සමගින් පාඨකයා හමුවට

28 September 2019 04:52 pm

ප්‍රවීන මාධ්‍යවේදී, ලේඛක සනත් බාලසූරිය මහතාගේ නවතම කෘතිය 'පියෙරෝ සහ පාද්රේ' එළිදැක්වීම අද (28) සිදු කෙරිණි. ඒ මේ දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිල අතරතුරදීය.

පියෙරෝ සහ පාද්රේ කෘතියේ ප්‍රකාශකයා වන 'සම පොත්' කුටියේදී කෘතිය එළිදැක්වුණු අතර එහි පළමු පිටපත, සනත් බාලසූරිය මහතා සමග මාධ්‍ය මෙහෙවරේ යෙදුණු ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය වෙත පිරිනැමිණි.

රාජපක්ෂ පාලන සමයේදී එල්ල වූ දේශපාලන තර්ජන හේතුවෙන් ජීවිත ආරක්ෂාව පතා විදෙස්ගත වූ සනත් බාලසූරිය මහතා මේ වනවිට ජර්මනියේ දිවි ගෙවයි.

මෙම අවස්ථාවට සනත් බාලසූරියගේ සමකාලීන මාධ්‍යවේදීන්, හිතවතුන් පිරිසක් එක්ව සිටියහ.

සේයා රූ - අජිත් සෙනෙවිරත්න