පරා මාළු ඔළුව - Head of Jack Fish

පරා මාළු ඔළුව - Head of Jack Fish

20 June 2019 06:00 pm

ඊයේ හාමිනා බීෆ් කරිය මිරිසට හදලා තිබුනා...
ඉතින් උදේ කෑමට, ඕක එක්ක රෝස්පාන් ඉස්තරන්....
පාන් ගන්න කඩේට ගියාම කඩේ වහලා.....
පොලොස් ජීප්පුවත් එතන....
අපරාදේ කියන්නේ එතනම ඒජින්සියක වැඩ කරන රොයිටර් කෙනෙක් මගේ ළගටම ඇවිත් මාව අප්ඩේට් කළා...
අවුරුදු 28 ක කොල්ලෙක් උඩින් පැනලා සුවිසයිඩ් කරගෙන....
(ඒ කියන්නේ පොර කොරෙනල් රාළහාමිගෙ රාජකාරියත් කරලා අහකයි).......
ඒ ඇරෙන්නේ මළ එකාගේ ජීවිත කතවත් කියන්න යනකොටම ඇත්ත රිපෝටර් කෙනෙක් ආවා...
අනේ ඉතින් අරූ මාව හලලා රිපෝටර් පස්සෙන් ගියා....

මම රෝස්පාන් හොයාගෙන ෆාරුක් නානාගෙ හෝටලේ පැත්තට ගියා....
එතනත් පාන් තියෙන කඩේ බඩු ඉවරයි....
ඒ පාර කඩයප්පන් කඩෙන් ආප්ප ගත්තා...
ආප්ප ගන්න අස්සෙ ෆජිලි නානගෙ ලෑල්ලෙ ඉන්න පරවා මා එක්ක හිනාවෙනවා....
ඒ... ඌ දන්නවා උගේ ඔළුවට මම ෆුල් ලව් කියලා....
ඒ පාර එන ගමන් 300 ක් දීලා ඔළුව කපලම ගත්තා..
(ඔළුව ටිකක් ලොකු නිසා කෑලී කපලා ගත්තේ.... නැහ්නන් පලු දෙකට ඉව්වම තමයි ආතල් කෑලී ඔක්කොම අහු වෙන්නේ...)
පොරටත් තෙරෙන්න ඇති 300 ට ඒ ටික මදි කියලා...
ඒ පාර තා කෑල්ලකුත් ෆ්‍රී දුන්නා....

මේ දවස්සොල කෑම බීම ගැන බුකිවාසීන්ගේ උනන්දුව බොහෝම තියෙන නිසා මාළු ඔළු ගැනත් ලියන්න හිතුනේ.....

පෝක්දල ජයන්තට පින්සිදු වෙන්න පටන් ගත්තු ලංකා ඌරු මස් සංසදය වගේම හරක් මස් බුදින්නන්ගේ සංගමෙත් නැගලම යන නිසා......

ලංකා ඌරූ මස් සංගමය කොච්චර ජනප්‍රියත්වයක් හිමිකරගෙන තියෙනවද කියනවා නම් දැන් යාළුවා කිලෝ එක සුපියල් 800 ක් තරම් මාකට්.....

කුකුලා නෝ වෙයාර්.....

මට නම් ඉතින් මාලුවගෙ රසම කොටස තමා ඔළුව.....
ඒත් හැම මාළුවගෙම ඔළුව රස නෑ.....
ජපානේ කියන්නේ පුදුම මාළු පෙරේතයෝ ඉන්න රටක් නේ...
උන් නම් අමුවෙනුත් කනවා.... ඒ ටූනා....
අපිට අනුව නම් කෙලවල්ලා....
අපේ විමල් වීරවංශ සහෝදරයාට අනුව ජපන්නුන්ට මොළේ තියෙන්නේ කෙලවල්ලෝ ඔළු කන නිසාය කියලා කිව්වට....
පොර නම් ඒ කෑම කාලා නෑ කියලා තමයි බැලුවම නම් පේන්නේ...
හැබයි මාළු ඔළු නොකෑවට, ගල් ආදා මාළු නම් ඉරට්ටෙන් කන්නෙ ඔය සැට්ටෙකම.....

මාතලන් මාළු ඔලුවලින් කැමතිම පරා ඔළුව තමයි....
අපි ඉතින් පුක ලෑල්ල උනත් ගම ගාල්ලේ කොල්ලොනේ....
දකුණේ උන් මාළු වලට කොහොමත් පෙරේතයි...
ඒ වගේම රහට උයන්නත් සුපිරි සූපවේදියෝ.....
ඒවා එනවා ඇත්තේ DNA එක්කම වෙන්ටෑ....
ඇඹුල් තියාල් වගේම.....
අපේ තාත්තා හෙවත් මිස්ටර් සැම්සන්ගේ, ප්‍රියතම කෑමක් වෙච්චි පරා ඔළුව, 7මගෙත් ප්‍රියතම එකක් වෙන්නෙත් ඒ නිසා..

ගෙදරදි කෑවම ඇරෙන්න පරා ඔළුව ඒ රසටම කාලා තියෙන්නේ තැන් තුනකින් විතරයි....
ඒ සැලින්කෝ එක වැඩ කරන කාළේ හොස්පිටල් ස්ට්‍රීට්ටෙකේ තිබුන හෝටලේකින්....
දැන් ඒක එතන නෑ...
අනිත් තැන මැනිං මාකට්ටෙක ඇතුලේ හෝටලේ...
ඕකේ ඉන්න අති බහුතරේ ගාල්ලේ මාතර නිසා කටට රහට නැත්නම් එකෙක් ගොඩවෙන්නේ නැති නිසා ගමේ රහටම, කොලිටියටම බඩු සර්ව් කරනවා..
හැබයි උදේම නොගියොත් බඩු ඕවර්....
ඒ තරම් මාකට්....

අනෙක් තැන අපි පොඩි කාළේ තාත්තගෙ හිතවතෙක් උන යාපනේ දෙමළ මුදලාලිගෙ ගෙදර....
ඒ පොඩිකාළේ..... ඒත් ඒ රස අදටත් මතකයි...
කොහොමත් යාපනේ ගෙවල් වල සී ෆුඩ් ඕන එකක් පට්ට රහයි..
විශේෂයෙන් ඉස්සෝ.... කකුළුවෝ.... දැල්ලෝ.....

ඕක හැබයි කටට පුරුදු රසේ නැත්නම් කෑම බොරු.....
අපරාදේ කියන්නේ ගෙදරින් ඇවිත් බින්න බැස්සයින් පස්සේ...
නැන්දම්මා වගේම හාමිනත් අඩු නැතිවම අර රසටම බඩු හදනවා.....

අඩුම කුඩුම දාල කිරට හදලා......
ලා තැඹිලි පාට වෙන්න මිරිස් කුඩු ටිකක් දාලා ගත්තම දෙන්න පුළුවන් ඇස්ටි හැලෙන්න...
පහේ එහෙම හොදට වදින්න මද ගින්දරේ මැටි හට්ටියේ තමයි ගේම ගහන්න ඕන....
එතකොට.... ඇහයි .... ජෙල් එක වගේ මොළෙයි පට්ටම රහයි....

- මාතලන්