කොටුවට නැති කුරුදුවත්තට ඇති සමරිසි ප්‍රජාව !

කොටුවට නැති කුරුදුවත්තට ඇති සමරිසි ප්‍රජාව !

18 June 2019 08:35 am

ඊයේ ප.ව.3 සිට ශක්තික නිදහස් කර ගැනීම ඇතුළු භාෂණයේ නිදහස වෙනුවෙන්, කොටුවේ උද්ගෝෂණ ව්‍යාපාරයක් තිබුනා මෙහි සිටින බොහෝ අය දන්නවා ඇති. මේ අරගලය වනාහි හුදෙක් ශක්තික වෙනුවෙන් කරන අරගලයක් නොවන නිසා සහා භාෂනයේ නිදහස සමරිසි ප්‍රජාවටද ඉතා දැඩිව බලපාන නිසාම මමත් ඉතින් සමරිසි ප්‍රජාවේ කිහිප දෙනෙකුටම දැනුම් දුන්නා උද්ගොෂණයට සම්බන්ද වෙන්න කියා. සමහරුන්ට රස්සාව සහ 3ට එලියට එන්න බැරිලු, සමහරුන්ට උන්ගේ ලොකු ක්රියාකරිකයගෙන් අහන්න ඔනාලු, සමහරුන්ට වෙලා තිබුනොත් විතරක් එන්නම්ලු, සමහරුන්ට සරලවම මේක අදාළ නැහැලු. අවසානයේ කොටුවට පැමිණ සිටියේ ඇගිලිවලින් ගිණිය හැකි කිහිප දෙනෙකි.

ඊට පස්සේ අභිමානි චිත්‍රපට උළෙල සමාරම්භක උත්සවය තිබුණා හවස 6ට හෝර්ටන් ප්ලේස් එකේ. සමරිසි ප්‍රජාව වෙනුවෙන් විශාල පිරිසක් එයට සහභාගී වූහ. මේක සමරිසි ප්‍රජාව වෙනුවෙන්ම කෙරෙන ප්‍රයිඩ් මාසේ ඉවෙන්ට් එකක් නිසා සමරිසි කට්ටිය වැඩියෙන් ඊට සහභාගි වීම තේරුම් ගන්න පුළුවන් උනත්, ඒ හා සමාන වැදගත්කමකින් යුත්, තත්කාලින සමාජ අරගලයක් වන පුද්ගලයාගේ නය්සර්ගික අය්තියක් වෙනුවෙන් කෙරෙන කොටුවේ කෙරෙන පොදු සටනකට වඩා චිත්‍රපට උළෙලක් වැදගත් වුයේ කෙසේද යන්න මට නොතේරේ. 

මේ සටන ශක්තික වෙනුවෙන් පමණක් නොවේ, ඔබගේ මගේ සහ අප සැමගේ භාෂණයේ නිදහස ආගමට උකස් තිබීමට එරෙහිවයි. හෙට ඔය කියන චිත්‍රපට උළෙලවල් පවා යම් හෙයකින් ICCPR පනත යොදාගෙන ආණ්ඩුව විසින් සමරිසි ප්‍රජාවගේ භාෂණයේ අයිතිය තනහම් කලොත් අපට ලැජ්ජාවක් නැතුව අයෙත් කොටුවට යන්න පුලුවන්ද යන්න මම සමරිසි ප්‍රජාවේ අනෙක් ක්‍රියාකාරින්ගෙන් අසන්නට කැමැත්තෙමි...

- තියාගරාජා වරදාස් ( Wara Thiyagaraja )