අපේ තාත්තා වඩුවෙක් වෙමි....

අපේ තාත්තා වඩුවෙක් වෙමි....

14 June 2019 12:30 pm

අපේ තාත්තා වඩුවෙක් වෙමි. ඒ නිසා අපේ ගෙදරත් පුටු නැතෙයි කියා මගේ යාලුවෙක් කින්ඩිය දැම්මාම මම ඌට කිව්වේ පුටු නැති උනාට අපේ ගෙදර සෝෆා තිබේ කියා කීවෙමු. වෙන වඩුවෝ අටුව කඩා පුටුව හදනවා කියා කියනවාය. අපේ තාත්තා නම් පුටු හදන්නේ ගස් කපලා ගන්න ලී දඬුවලින් කියා අපි දන්නෙමි. 

ලී ගන්න ගස් කපන්න ඕනෑ වෙති. ගස් කපන්න ඉස්සර ගත්තේ පොරොව කියා අපේ සීයා කියා සිටියෙමු. අයියා නම් කිව්වේ ගස් කපන්නෙ වඩුවො නෙමෙයි, රට කරවන මහ %$& පුතාලා කියා කියලා සිටියෙමි.

රිෂාඩ් කියා මාමා කෙනෙක් විල්පත්තුව කැලේම කපනවා කියා අයියා කිව්වාම, අක්කා කිව්වේ අනේ බොරු කියන්න එපා. එයා හරි අහිංසක එක්කෙනෙක් කියා කීවෙමු. තාත්තා නම් කීවේ ඌ විල්පත්තු කපන කොට අපේ #@$& පුතාලා සිංහරාජේ කපනවා කියා කියා සිටියෙමු.

අක්කාට එහා ගෙදර අයියා කියන්නේ වඩු කිරිල්ලි කියලාය. ඒ අයියාගේ අම්මා අපේ අම්මාට කීවේ අනේ තොගෙ නල්ල මලේ බඩුව අපේ එකාගේ කරේ එල්ලන්න හිතන්න නම් එපා කියලාය.

ඒකට කේන්ති ගියපු තාත්තා කීවේ, මගේ කෙල්ල දෙකේ දෙකේ කෑලි වලට ඉරලා බොල්ගොඩ ගගට දැම්මෙත් තොපේ වේස කොල්ලාට නම් දෙන්නේ නෑ කියලාය.

ආච්චි නම් කියන්නේ දවල් තිස්සේ ඉරලා ඉරලා හැන්දෑවට කන පැලෙන්න බීලා රෑටත් මේ යකා ඉරන නිසා අපිට කනක් ඇහිලා නිදා ගන්න බෑ කියා කීවෙමු. ඒ උනාට ආච්චි මේ දවස්වල ඉන්නේ හරි සතුටෙන් වෙමු.

ඒ තාත්තා මේ දවල්වල ඉන්නේ වඩු මඩුවේ නොව මොරටුව හන්දියේ ඉස්ටේජ් එකක උඩ නිසා වෙමි. එතන පොහොට්ටුවේ මාමලා ගොඩක් උපවාස කරමි. අපිත් පවුල් පිටින් තාත්තා බලන්න ගියෙමි.

ඉස්ටේජ් එකෙන් බැහැලා ආපූ තාත්තා අල්ලාගත් අම්මා කිව්වේ අනේ බලන්නකො දවසට දෙකට ඇදිලා ගිහිල්ලා ඔයා නොකා නොබී ඉදලා මැරුනොත් අපිට යන කළ දසාව මොකක්ද කියා කීවෙමු.

එවිට තාත්තා කීවේ මගුලක් කතා නොකර ඉන්නවා ඕයි ගෙදෙට්ට වඩා හොදට කාලා බීලා බයිට් එක්ක ෂොට් එකකුත් හම්බ වෙනවා කියා කීවෙමු. අපේ තාත්තාද මහින්ද මාමිට හරි ආදරේය. ඒ එයා කන බොන මිනිහා කියලාය.

ඉතින් අනේ සිරිසේන මහත්තයා කියන්නේ ඇත්ත නේ ගස් කැපුවම අපේ දරුවන්ටත් ගහක් කොලක් නැති කාන්තාරෙකද ඉන්න කියන්නේ කියා කිව් අම්මාට, තාත්තා කිව්වේ ඒකට තමයි ගෑණියේ වැවිලි කර්මාන්ත ඇමති කෙනෙක් ඉන්නෙ කියලා කීවෝය.

තාත්තා සිරිසේන මහත්තයා එක්ක තරහයි නේද කියා අක්කා ඇසුවෙමු. එතකොට තාත්තා කිව්වේ අනේ නෑ දුවේ මං එයාව යතු ගාලා කැටයම් දාලා වැලි කරදහියෙන් අතුල්ලලා පොලිෂ් කොරලා හකලා කැබිනට් එකේ ලස්සනට තියනවා හිටන් කීවෙමූ..

එවිට සීයා කීවේ උඹෙ $#@% රෙද්ද දාහන් කැබිනට්ටෙකේ, උන්නෑහෙට කැබිනට් අරහන් කියලා කීවෙමු..

මාතලන්