ලංකාව ධර්ම රාජ්‍යයක් කිරීමට පෙරට වරෙව් !

ලංකාව ධර්ම රාජ්‍යයක් කිරීමට පෙරට වරෙව් !

31 May 2019 12:53 pm

මඩිහේ පඥ්ඥාසීහ නමින් ප්‍රසිද්ධ මහා හිමි නමක් කලකට පෙර සිටියේය LTTE සංවිධානය වනාන්තරයේ සිට හමුදාවලට පහර දෙන බැවින් ඔවුන් විනාශ කිරීමට ආණ්ඩුවේ හමුදා අසමත් වූ කල්හි ඒ මහා තෙරුන් වහන්සේ සිය බුද්ධි ප්‍රභාව පිරිමදිමින් ආණ්ඩුවට දුන් උපදෙස වුයේ වව්නියාවේ සිට යාපනය දක්වා මහා වනයට නාපාම් බෝම්බ දමා වනාන්තරය වනසන ලෙසය.

 

දැන් මඩිහේ ඥාණසීහ නාහිමි නැත එහෙත් ඒ අඩුපාඩුව මකන්නට ශ්‍රී ලංකා ද්වීපය ආරක්ෂා කිරීමට පොරොන්දුවී සිටින උපුල්වන් දෙවියන් විසින් වෙනත් හිමි නමක් ඒවා තිබේ .

උන්වහන්සේගේ නම ඕමල්පේ සෝභිත හිමිපාණෝය එම ගරු තෙරුන් වහන්සේද වටිනා උපදෙසක් දිව්‍යමය ඥානයෙන් කල්පනා කොට ආණ්ඩුවට දී තිබේ ඒ සිංහල ජාතිය බේරා ගැනීමේ උතුම් අභිප්‍රායෙන්ය.

ඒ උපදේශය වන්නේ සියලුම මුස්ලිම් ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ සේවය තහනම් කිරීමය .

මෙවැනි වටිනා උපදෙස් දිය හැක්කේ පුජනිය , වන්දනීය ගරුතර ස්වාමින් වහන්සේලාට පමණය.

එබැවින් මගේ අදහස වන්නේ ලංකාවේ පාලනය භික්ෂුන්ට භාර දිය යුතු බවය ගිහියනට කිසිදු රාජ්‍ය පාලන තනතුරක් නොදිය යුතුය .ගිහියන් අවුරුදු 70 ක් රට පාලනය කොට ඇතිවී තිබෙන ප්‍රතිඵල ඇස්පනා පිට ඔබට පෙනේ .

ජනාධිපති තනතුරටත් පාර්ලිමේන්තු පළාත් සභා නගර සභා ප්‍රාදේශීය සභා මන්තීර් ධුර භික්ෂුන්ට දිය යුතුව පමණක් නොව ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ඉහල තනතුරු සියල්ල භික්ෂුන්ට දිය යුතුය.

එමෙන්ම සියලුම උසාවි වල විනිසුරු තනතුරුවලටද භිස්න්ශුන් වහන්සේලා පත් කළ යුතුය.

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට භාර දිය යුත්තේ අග්‍ර විනිශ්චයකාර තනතුරය පොලිස් පති තනතුර වුවද උන්වහන්සේට ගැලපේ.

ජනාධිපති තනතුරට ඉතාමත් සුදුසු භික්ෂුන්වහන්සේ වන්නේ රතන හිමියන් ය.

ප්‍රසව සහ නාරි වෛද්‍යවරු ලෙස පත් කල යුත්තේ උපාසකම්මලා සමග ඉතා ලඟින් ඇසුරු කරන ගරු භික්ෂුන්වහන්සේලාය ඒ සඳහා සුදුසු භික්ෂුන් වහන්සේලා නම් කරන ලෙස ,වන්දනීය පුජනීය ඕමල්පේ සෝභිත හිමි පානන්ගෙන් ඉල්ලා සිටිමු.

නැගෙනහිර පළාතේ ආණ්ඩු කර ධුරයට මඩකලපුවේ මංගලාරාමයේ අම්පිටියේ සුමන මහතෙරුන්වහන්සේ ඉතා සුදුසුය.

ලංකාව ධර්ම රාජ්‍යයක් කිරීම සඳහා වන මගේ අවංක ව්‍යායාමයට ඔබගේ නොමසුරු සහය ලබා දී නිවන් සුව ලබාගන්න.

සමස්ත ලෝකයම එකම බෞද්ධ අධිරාජ්‍යයක් කිරීමේ උදාර පුණ්‍ය කර්මය ශ්‍රී ලංකා ද්වීපයෙන් අරඹමු.

- බර්ටි රණවීරගේ