මං තමා ලොකුම හොල්මන !

මං තමා ලොකුම හොල්මන !

21 October 2021 11:08 pm

අවුරුදු දා කට්ටිය එක්ක හොලමන් කතා කිව්වට පස්සෙ මේ කතාව මතක් වුණේ....

මම නම් කනත්තක් පහු කරගෙන ගෙදර යන කෙනෙක් සහ කනත්ත පේන දුරක ගෙදර තියන කෙනෙක් නිසාත් පොඩි කාලේ ඉඳන් නෑදෑ අයියලා අක්කලා එක්ක ඔය කනත්ත සහ සියලුම යක්කු පෙරේතයෝ ගැන කතායි අහලා, බය වෙලා බය කරලා, යක්කු බලන්න රෑ දොලහ වෙනකම් ඇහැරගෙන ඉඳලා, හොඳට පදම් වෙලා නිසා කළුවරට සහ අමනුස්ස කතා කෙරෙහි කිසිම බයක් නැතුව හිටිය කෙනෙක්.

මහ රෑත් පාන්දරත් රෝහලම කිසි හැල හොල්මනක් නැති වෙලාවෙත් ඇවිදගෙන යන්න වෙනවා වාට්ටුවට හදිසියක් වෙලා කතා කරාම. යුද්ධේ ඉවර වුණු මුල නම් මහ රැයෙත් රෝහල පුරා සොල්දාදුවෝ හිටියා නිදිවරමින් ආයුධ අත දරාගෙන. රෝහලම මහ දවල් වගේ එළියයි ලයිට් නිසා. රෝහලක් නිදියන්නේ නෑනේ රැයක් දවාලක් නෑනේ.

මෝචරිය පහුකරලා යන්න තියෙන මනෝවෛද්‍ය වාට්ටුවට ඒ කාලේ රෑටත් තනියම යනවා. ආයේ ක්වාටර්ස් යද්දී බලෙන්ම ඇටෙන්ඩන්ලා පස්සෙන් දුවන් එනවා ආරක්ෂාවට.

ඔන්න කොහොම හරි අපිට තිබ්බා ප්‍රසව වාට්ටු දෙකක්. මේ දෙකෙන් වැඩි පුරම අපි රැඳෙන්නේ පරණ වාට්ටුවේ වෛද්‍ය විවේක කාමරයේ. අලුත් වාට්ටුවේ ලේබර් රූම් එක හෙවත් ප්‍රසූතිකාගාරය සහ කාමරය මහා විශාලයි ඒවගේම ඒක වාට්ටුවෙන් පිට කොරිඩෝවක එහායින් තමා තිබ්බේ... අලුතෙන් හදපු එක. 

එක දවසක් හවස, දරුවෝ ලැබෙන්න හිටිය අම්මලත් ඔක්කොමලා ඒ වෙනකොට "ඩිලිවර් කරලා" සියල් වැඩ සපුරල,මම එපිස් ටිකත් පට් පට් ගාලා මහලා ඒ වෙනකොට. 7 ට ඕෆ් වෙන්න මිස්ලා යන්න සැරසෙනවා. පසු ප්‍රසව කාලය ඉතින් සෙල්ලම් නෙමේ. රුධිර වහනය ගැන බලාගෙන ඉන්න ඕනේ. බැරි වෙලාවත් මිස් වුණොත් අම්මලාගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ. ලෝකේ, දරු ප්‍රසූතියෙන් පසු අම්මල වැඩියෙන්ම මිය යන හේතුව පසු ප්‍රසව රුධිර වහනය. මගේ පොඩි අක්කා (කසින්) මියගියෙත් පළමු දරුවා ලැබිලා ඒ එක්කම ආපු මේ තත්ත්වය නිසා. ඉපදුණු සැනින් දරුවෙක්ට අම්මා අහිමි වෙනවා කියන එක ඛේදවාචකයක් !

ඉතින් අම්මලා සියල්ල මොනිටර් කරලා පිට කරනකම් ඒ කොටසේ තිබ්බ මේසය මත ලැප්ටොප් එකත් දිග ඇරගෙන පෙරි නේටල් මෝටැලිටි මීටිමේ ( peri natal mortality meeting)  ප්‍රසන්ටේශන් එක හදනවා. 

ඒ කීවේ ප්‍රාදේශීය සෞඛ්‍ය  සම්බන්ධ ලොකු මීටිමක් තියෙනවා අම්මලා සහ බබාලගෙ ප්‍රශ්න කතා කරන. දරු ප්‍රසූතියේදී අපහසු වුණු අමාරුවුණු අසාධ්‍ය වුණු කේසස් කතා කරනවා. එහිදී අපේ වැරදි හොයනවා කියලා අපි හිතුවට ඇත්තටම වැරදුණු තැන් සහ ඒවා නිවැරදි කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා බලනවා. විශේෂඥ වෛද්‍යවරු ඒ ගැන උපදෙස් දෙනවා. රෝහලම රැස් වෙනවා. දරු උපත් ප්‍රසව කාලය ගැන විස්තර හොය හොයා අවි අමෝරාගෙන එන ප්‍රදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට මෙන්ම මව්-දරු පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ට තමා අපි බයම. (MOH and MOMCH)

ඔහේ යන්නන් වාලේ යන්නේ නැතුව මේ රටේ ප්‍රජා සහ ප්‍රතිකාර අංශවල සෞඛ්‍ය සේවය මේ තරම් කාර්‍යක්ෂම සහ වගකීමක් සහිත වෙන්න ඒ ඇඟිලි ගැසීම් උදව් වෙනවා. ප්‍රසුතිකාගාරය පැත්තේ ඇවිත් පරණ සටහන් පොත් එහෙමත් බලා ස්ටාෆ් එකෙන් විස්තරත් අහගන්නවා එයාලා. 

ඉතින් එදා....

අන්තිමට දරුවා ප්‍රසූත කරපු අම්මත් දරුවා තුරුල් කරගෙන ස්ට්‍රෙචර් එකේ හිනාවක් එක්ක "නන්ඩ්‍රි අම්මා" කියලා ලේබර් රූම් එකෙන් පිට වුනා, එතකොට හතට විතර ඇති. ඉන්පස්සේ මිස්ලා ඇටෙන්ඩන්ලා ලේබර් රූම් එක පිරිසිඳු කරලා යන්න ගියා. මම තවම වැඩ...

කොහොම හරි ඔන් කෝල් හිටියේ වෙන කෙනෙක් නිසා මට කරදර බාදා ආවෙත් නෑ. රෝහලේ අපේ ඒකකය වෙනුවෙන් ප්‍රසන්ටේශන් එක හදලා ඉවර වෙද්දි රෑ නමය විතර වුණා. ලැප්ටොප් එකේ ප්ලග් ගලවලා පැක් කරගෙන එළියට එන්න දොර එහෙ මෙහෙ කරද්දී එතන තිබුණු කාමරේක පුළුන් ඔතමින් ගෝස් පැක් හදමින් හිටිපු පිරිස කෑ ගහගෙන වාට්ටුව පැත්තට දිව්වා.

මාත් බයවෙලා දොර ඇරගන්න බැරුව තව ලතවෙලා.... පැටලිලා... ලැප්ටොප් එකත් බීඑච්ටී ටිකත් උස්සන් මාත් අරයලා පස්සේ දුවනවා. වාට්ටුවම කළුවරයි ලයිට් නිමලා... කට්ටිය ආත භූත නැතිව දුවනවා.

ඉතින් කොහොම හරි දුවන අය පස්සෙ මං දුවලා, ඒ අය තව හයියෙන් දුවලා... ලයිට් ඇති කොරිඩෝවට ගියාම තමා භය බිරාන්ත වෙච්ච හති දමන මිස්ලා ඇටෙන්ඩන්ලා පිරිස දැක්කේ.

"මොකෝ දිව්වේ"

"අයියෝ ඩොකටර්ද ලේබර් රූම් එකේ හිටියේ..." හති දම දම හිටිය මිඩ්වයිෆ් මිස් කෙනෙක් අහපි.

ඩියුටි මාරුවුණ නිසා මේ රෑ වැඩ ආපු අය දන්නෙ නෑ මං ඇතුලේ කියලා. වැඩ අහවර කළ අයට කියන්න අමතක වෙලා මං හිටියා කියලා. ඇතුලෙන් සද්ද එද්දී... මේ කට්ටිය පණ එපා කියලා දුවලා.

හේතුව අහගත්තෙත් එතකොට. ඒ වෙනකොටත් ලේබර් රූම් එකේ කාලෙකට කලින් සිදුවෙච්ච මාතෘ මරණයක් නිසා ඒ මැරුණු අම්මා හොල්මන් කරන බවට කතාවක් තියෙනවාලු. කිහිප දෙනෙක් දැකලත් තිබුණා. දැක්ක අය හැඩරුව පවා කීවා. ඒක ඒ කට්ටිය සීරියස්ලි ගත්තු කතාවක් !

ඉතින් එයාලා හිතලා ඇතුලේ සද්ද ඒ නිසා කියලා... දොරත් අරිද්දි තව බය වෙලා.

මම කිව්වා 

"මේත් ඉතින් හොල්මනක් තමා වැඩි වෙනසක් නෑ" කියලා....

පස්සේ ඉතිං මෙයාලව සනසන්න "අපෝ ඕවා බොරු කතා.. හොල්මන් කොහෙද දොරවල් අරින්නේ" කියලා දාර්ශනික කතා කීවට පිලිගන්න කෙනෙක් හිටියේ නෑ.

මං බය වුනෙත් නෑ.

ආ අර මෝචරිය පහු කරලා ඒක වටේ දිග කොරිඩෝවකින් යන්න ඕනේ මනෝවෛද්‍ය වාට්ටුවට... යද්දි අතරමැද කටස් ඩාං කියලා සද්ද ඇහෙනවාමයි. මාත් මුලින් ගැස්සුණා හයියෙන් අඩිය ඉක්මන් කරා. ඕකටත් බය වෙච්ච අය ඉන්නවා.

බලද්දි මෝචරියේ මිනී තියලා තියන ෆ්‍රිසර් එකේ ෆෑන් එක ඔන් ඕෆ් වෙනවා !

බය වෙලාම නැද්ද ?

මොකෝ නැත්තේ  සද්දවලට පොඩ්ඩක් හිත ගැස්සිලා තියෙනවා. ඒත් තවම හොල්මන් දැකලා නම් නෑ.

සතුටින්ම හිටි කාලය... අනිත් කොනේ ප්‍රසව වාට්ටුවේ, ඩිස්චාජ් ලියන අතරේ..

අනිත් කොන



Recommended News