ගුරු තර්ක නිසා පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ යෝජනාව හකුළා ගතයුතු නැත

ගුරු තර්ක නිසා පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ යෝජනාව හකුළා ගතයුතු නැත

12 June 2021 05:54 am

ලංකාවේ ගුරුවරුන්ට ඉංග්‍රීසි දැනුම නැතැයි යන තර්කය මත පාසල්වල පලමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ යෝජනාව අකුලා ගත යුතු නැත.

මන්ද මෙම යෝජනාවට අනුව ලබන වසරේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය යුතු වන්නේ පලමු ශ්‍රේනියට පමණි.

ඒ සඳහා යෙදවිය යුත්තේ සීමිත ගුරුවරුන් පිරිසක් වන අතර ඔවුන් ලබා දෙන ආරම්භය ඉදිරියට ගෙන යාමට ඉහල ශ්‍රේනිවලට උගන්වන ගුරුවරුන්ට ඒ සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන අතර , එය අභියෝගයක් ලෙස භාර ගැනීමට හැකියාවක් නැති ගුරුවරු වෙත්නම් ඔවුන් ඔවුන්ට සුදුසු වෙනත් රැකියාවන් සොයා ගනු ඇත.

කුඩා ලමයෙක්ට සරල බසින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම අපහසු කාර්යයක් වන්නේ ඔවුන් මුල සිට සිංහල හෝ දෙමළ පවුල් පසුබිමක හැදෙන හෙයින් වුවත් ලංකාවේ දෙමාපියන් සහ ගුරුවරු මෙම අභියෝගයට ක්‍රම ක්‍රමයෙන් අනුගත වනු ඇත.

ඔන් ලයින් ක්‍රමය අමුතු විජ්ජුම්බරයක් සේ මීට වසරකට දෙකකට පෙර සිතුවත් දැං දැන් එය සාමාන්‍යකරනය වෙමින් පවතින්නාක් මෙන්ය.

ලංකාවේ අනාගත පරම්පරාව හෝ මේ කොදෙව් මානසිකත්වයෙන් මිදී, විශ්වීය දැනුම හුවමාරු කර ගන්නා පිරිසක් කිරීමටනං, පුහු ජාති ආලය හා භාෂා ප්‍රේමය උඩ දමන දාං ගැට කාරයින්ගේ උගුලේ නොවැටී , ආණ්ඩුව සෘජු ප්‍රතිපත්තියක සිට ක්‍රියා කල යුතුය.

විශේෂයෙන් 1956 න් ඇරඹි මේ සිංහල භාෂා උමතුව නිසා සිදු වුන ව්‍යසනය මෙන් තවත් විනාශයකට රට තල්ලු කල නොයුතු හෙයිනි.

අපට දිනා ගත නොහැකි වුන ලෝකය අපේ දරුවන් හෝ දිනා ගත යුතු වන හෙයිනි.

- වසන්ත සිරි වටගොඩ