පකිස්තානයේ චීන ආයෝජනයන්ට එරෙහි විරෝධය

පකිස්තානයේ චීන ආයෝජනයන්ට එරෙහි විරෝධය

22 April 2021 12:10 pm

සම්පත් බහුල නමුත් ඌණ සංවර්ධිත පෙදෙසක් වූ පකිස්තානයේ  බලුකිස්තාන ප්‍රාන්ථයේ සිදුකරන චීන ආයෝජනයන්ට එරෙහිව  ගොඩ නැගෙන විරෝධයේ තවත් පියවරක් ලෙස ඊයේ බලුකිස්තානයේ ප්‍රධාන නගරය වූ Quetta නගරයේ පකිස්තානයේ චීන තානාපතිවරයා රැඳීසිටි හෝටලයක සිදුවු කාර් බෝම්බයක් පුපුරවා තිබෙනවා. මෙයින් පුද්ගලයන් සිව් දෙනෙක් මියගොස් ඇති අතර සාකචඡාවකට සහභාගිවීමට පිටතට ගොස් සිටි තානාපතිවරයාට හානියක් සිදුවී නොමැති බව සඳහන්ය. 

බලුකිස්තානය යනු ස්වාභාවික වායු ඉන්ධන සහ ඛනිජ සම්පත් බහුල පකිස්තානයට අයත් කොටසකි. චීන-පකිස්තාන් ආර්ථික කොරිඩෝව (CPEC) ව්‍යාපෘතිය යටතේ චීනය ඩොලර් බිලියන ගණනක මුදල් බලුකිස්තාන කලාපය වෙත පොම්ප කරමින් සිටින්නේ ඔවුන්ගේ කලාපීය බලය තහවුරු කරගැනීමේ අදියරේ කොටසක් ලෙසිනි.

නමුත් මේ සම්බන්ධයෙන් බලුකාස්තාන වැසියන්ගේ ඇත්තේ දැඩි විරෝධයකි. එහි වැසියන්ට මේ තුලින් ලැබෙන ප්‍රතිලාභ අවම බවත් සියලුම ප්‍රතිලාභ ගලායන්නේ වෙනත් ප්‍රදේශ තුලින් පැමිණෙන පුද්ගලයන් අතට බවත් ඔවුන් චෝදනා කර සිටිනවා. 

චීන ව්‍යාපෘති උදෙසා පකිස්තානය තුල විරෝධ එල්ලවූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2019 වසරේදී චීනයට අරාබි මුහුදට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදෙන ලෙස Gwadar හි සැලසුම් කරනු ලැබූ වරාය ව්‍යාපෘතියක් වෙනුවෙන් තරු පන්තියේ හෝටලයක සාකාච්ඡා පැවැත්වෙන අතර තුර කඩා වැදුනු තුවක්කුකරුවන් පිරිසක් එහි සිටි පුද්ගලයන් අට දෙනෙක් ඝාතනය කලේය. එම වසරේම ජුනි මාසයේදී  පකිස්තාන කොටස් වෙළඳපොලට ප්‍රහාරයක් එල්ලවූයේද එහි කොටසක් චීන සමාගම් විසින් හිමිකාරත්වය දරන නිසා බවද හෙලිවිය. මේ සියලු ප්‍රහාරයන්ගේ වගකීම බාරගත්තේ Balochistan Liberation Army විසිනි.

- Sha Danthanarayana