අපිට මෙන්සස් වෙනවා

අපිට මෙන්සස් වෙනවා

24 November 2020 07:00 pm

//ලෝකේ බොහෝ රටවල කාන්තා සනීපාරක්ෂාව, ප්රජා සෞඛ්ය ගැන සංවාදය තියෙන්නේ අපට වඩා ගොඩක් ඉස්සරහින්. ඔසප් දිනයට සනීපාරක්ෂක තුවාය අදිනවා වෙනුවට වඩා සෞඛ්යරක්ෂිත ක්රමවේදයන්වලට ලෝකේ බොහෝ රටවල ගැහැනු ගිහින් තියෙනවා. ඔසප් වේදනාව සහ අපහසුතාව ගැන වඩා දැනුම්වත් සාකච්ඡා ඔස්සේ කාන්තාවන්ට ඔසප් දින නිවාඩු ලබා ගැනීමේ ප්රවනතාවක් අද ලෝකයේ ඇති වෙලා තියෙනවා. අපේ රටේ එහෙම සාකච්ඡා තැනින් තැන කෙදිරිලි වගේ මතු වුනත් ඒවා ඉදිරියට යන්නේ නැහැ. එහෙම විවෘත ගැඹුරු සාකච්ඡාවක් නැතිකමේ ප්රතිඵලය තමයි රෙද්ද වෙනුවට අපිට අදින්න තියෙන පැඩ් එකටත් බඳු ගැහිල්ල වැරදියි කියල අද කෑගහන්න වෙන්නේ. මොකක් වුනත් කාන්තා සනීපාරක්ෂාව වෙනුවෙන් මේ රටේ ගෑනු තාම කිසිම ආණ්ඩුවකින් ලොකු ලොකු දේවල් ඉල්ලලා නැති එකේ අදින්න තියෙන පෑඩ් එකේ හරි බද්ද අකුලගත්තොත් හොඳයි. මොකෝ මේ බදු ගහපු අයට නැතත් අපිට මෙන්සස් වෙනවා // – ජයනි අබේසේකර

//මම දන්න පිරිමි හිටියා තමන්ගේ ගෙදර ඉන්න ගැහැනියට ඔසප් වෙනවා කියල පවා නොදන්න. ඒ ගැහැනිය මේ වේදනාව දරාගෙන ගෙදර උයන්න ඕන, දරුවෝ බලාගන්න ඕන. පිරිමියා දන්නෙ නෑ ඔසප් වේදනාවක් හරි එහෙම දෙයක් වෙනවද කියලවත්. මෙය ඒ තරම් රහසිගත දෙයක්. අපේ රටේ ප්රජා සෞඛ්ය සම්බන්ධයෙන් විවෘත සාකච්ඡාවක් අවශ්යයි. මේක හරිම ස්වාභාවික දෙයක්. ගැහැනියකට ඔසප් නොවෙනවා නම් කොහොමද මේ ලෝකේ පවතින්නේ? අපි ගැහැනියක් දිහා බලන්නෙත් පිරිමියෙක් දිහා බලන්නෙත් වෙළෙඳපොළ අලෙවි භාණ්ඩ විදිහටයි. මේ ශරීරය සහ එහි අභ්යන්තරය පිළිබඳ සොයාබැලීමක් නැහැ. ඒවා අපිට කැත වැඩ. මේ සියල්ල පිළිබඳ මුළු සාකච්ඡාවම වෙන්නේ නැතිනම් ඔසප් නිවාඩු පිළිබඳ වන කතාබහ මේ සමාජයට උඩින් බස්සපු එකක් වෙනවා. මොකද මෙහි මුල පිළිබඳ කතා බහක් වෙලා නැති නිසා.// –කුමාරි කුමාරගමගේ

//මම හිතනවා ඔසප් දින නිවාඩුවක් කාන්තාවකට ලබා දීමට තිබෙනවා නම් හොඳයි කියල. එවැනි යෝජනාවක් හෝ ඉදිරිපත් වී නොමැති නිසා නිවාඩුවක් ලබා දීම සම්බන්ධයෙන් කුමනාකාරයේ බාධා ඇතිවේද යන්න කිව නොහැකි වුවත් සෞඛ්ය අමාත්යාංශය සමඟත් සාකච්ඡා කරලා කාන්තාවකට එවැනි නිවාඩුවක් ලබා ගැනීමේ තිබෙන අවශ්යතාවය තවදුරටත් විමසා බලා තහවුරු කර ගැනීම තුළ යම් තීරණයකට එන්නට අපිට හැකියාව තිබෙනවා.//- චන්ද්රානි බණ්ඩාර හිටපු ළමා හා කාන්තා කටයුතු ඇමතිනී

// Menstruation is a normal physiological process. ඒක මෙහෙම අවුල් කියලා හිතලා නිවාඩු ගන්න එකේ නොවේ කළ යුත්තේ. ඒ වෙනුවට 1)ලිංගික අධ්යාපනය 2)ඔසප් වේදනාවට ඇති ප්රතිකර්ම 3)සෞඛ්ය සේවාවන් දියුණු කිරීම 3)පාසල් සහ අනෙක් සෑම තැනම වැසිකිළි සහ යටිතල පහසුකම් දියුණු කිරීම 4)යල් පැන ගිය සමාජ මත දුරු කිරීමේ දැනුවත් කිරීම් සහ පුහුනුවීම් 5)වෙනත්…

කාන්තාව බලාත්මක කිරීම විනා ගෙදරට කොටු කිරීමවත්, සමාජයෙන් තවත් ගල් ගහන ක්රියාදාමයක් වත් නොවේ කළ යුත්තේ // – වෛද්‍ය තුෂ් වික්‍රමනායක

//2021 අයවැය යෝජනාවලින් පසු ආණ්ඩුව සනීපාරක්ෂක තුවාවලට තවත් 15%ක බදු පණවලා. සනීපාරක්ෂක තුවායක් මිලදීගැනීමේදී ලාංකික කාන්තාවක් විසින් විශාල බදු ප්‍රමාණයක් ගෙවිය යුතු බව පැහැදිලියි.

සාමාන්‍යයෙන් ගත් කල කාන්තාවන් සිය ජීවිත කාලය තුළදී දින 2500 – 3000 අතර කාලයක් ඔසප් වීම සමඟ ගත කරන බවට තක්සේරු කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ අධ්‍යයනයක් අනුව, ශ්‍රී ලංකාවේ මව්පියන්ගෙන් 60%ක් සිය දියණියන් ඔසප් දිනවලදී පාසල් යවන්නේ නැහැ. 80%ක් මව්පියන් සිතන පරිදි මෙම දිනවලදී නෑම මගහැරිය යුතුයි.

සෞඛ්‍ය ප්‍ර‍වර්ධන කාර්යාංශයේ සේවය කරන ප්‍ර‍ජා වෛද්‍ය විශේෂඥ අසන්ති ප්‍ර‍නාන්දු බලපිටියගේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍ර‍ජා වෛද්‍ය මහාචාර්ය පුෂ්පා ජයවර්ධනගේ සහභාගිත්වයෙන් කලුතර දිස්ත්‍රික්කයේ 10 ශ්‍රේණියේ පාසල් ශිෂ්‍යාවන් අතර වසර පහකට පමණ ඉහතදී කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වූ පරිදි එම ගැහැණු ළමයින්ගෙන් 44.4%ක් ඔසප් දිනවලදී පාසල් යාම මගහරින බව පවසා තිබුණා. එසේම, ඔසප් ස්වස්ථතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් තිබුණේ දිස්ත්‍රික්කයේ පාසල් අතරින් 48.9%ක පමණයි// – අජිත් පැරකුම් ජයසිංහ

- සමබිම