චීනය හා ඇමරිකාව ...

චීනය හා ඇමරිකාව ...

29 October 2020 05:35 am

ධනවාදය මිහිමත පය තිබ්බෙම ඉහින් කනින් ලේ පෙරාගෙන..
අද යුරෝපීය සමාජය බුක්ති විඳින ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යටින් තියෙන්නෙ ලොව පුරා වෙසෙන පීඩිත ජාතීන් ලක්ෂගානක් මලකඳන්.

අද ඇමරිකාව ප්‍රමුක යුරෝපයේ රටවල් විසින් පවත්වාගෙන යන ලිබරල් මානුෂිකත්වය නඩත්තුවෙන්නෙ ලෝක යුද්ධ දෙකක් හරහා කඳුගසා ගත් ප්‍රාග්ධනයක වියඳමින් සහ ලක්ෂගානක් අප්‍රිකන් මහ්ද්වීපයේ ඉඳලා ඇමරිකාවට පටවපු කළු වහල්ලුන්ගේ ලේ කඳුළු දහඩිහ මතින්....

යුරෝපයේ සාමාන්‍ය ජනතාව අද බුක්තිවිඳින ආර්ථික හා දේශපාලන නිදහස කියන්නෙ ඒ ගොඩ ගසා ගත් අතිරික්ත ධනයේම ජනතාවට ලැබුන දසම ගාන.....

ආසියාව හැමවෙලේම ඉන්නෙ කාලයේ පිටි පස්සෙන්..එදා අමෙරිකන් බූමිකාවට අද පන දෙන්ට යන්නෙ චීන පාලක බියුරෝව..

 චීන කම්කරුවන් යනු සියළු ආර්ථික හා දේශපාලන අයිතීන්ගෙන් වියෝ කරනු ලැබූ වහල් යන්ත්‍ර විශේෂයක්..
ඔවුන් හපකර උරාගත් ලාබය නිලධාරීවාදී ධනකුවේරයන් කීපපොලක් අත කේන්ද්‍ර ගතවෙලා තියෙන්නේ...
චීන පාලනය කියන්නෙ බොරු කොමිනිස්ට් වහන්තරාවක් උඩින් පොරොව ගත්ත හිට්ලර්ගෙ ජාතික සමාජවාදී පක්ෂය පන්නයේ ආඥාදායක ධනපති ජුන්ටාවක් ...

ඇමරිකානු පුරවැසියන්ට ධවල මන්දිරේ ඉස්සරහට ගිහින් අමෙරිකානු දේශපාලන පිලිවෙතට එරෙහිව උත්ගෝසනය කරන්ට පුළුවන්..
 හැබැයි චීන ජනතාවට බීජින් රතු චතුරස්‍රය ඉස්සරහට ගිහින් චීන දේශපාලන පිලිවෙතට එරෙහිව එරෙහිව උත්ඝෝසනය කරන්ට බෑ..
වරක් රතු චතුරස්‍රය ඉස්සරහ කරපු ශිෂ්‍යය උත්ඝෝසනයකට චීන පාලකයෝ රතු හමුදාව දාලා වෙඩි තියලා බර ගානක් මරලා දැම්මා..

දැන් දැන්   අසල්වැසි ගොදුරු රාජ්‍යයන්  වෙත ඉව අල්ලමින් සිටින චීන පාලකයින්ගෙ කලාපයේ අනෙක් රටවල්  සම්බන්ද මෘග විදෙස් ප්‍රතිපත්තියත් මීට වෙනස් එකක් වෙන්ට බෑ...

අමෙරිකාවට තියෙන දීර්ඝ කාලීන අපකීර්තිමත් ඉතිහාසය නිසා ඇමරිකන් විරෝධය කියන එක අපෙ වගේ රටවල් ඇතුලෙ ලාබෙට අවුළුවන්ට පුළුවන් ..
හැබැයි හිස ඔසවමින් ඉන්න වියරු චීන අධිරාජ්‍යවාදයට එරෙහි විරෝධය අවුළුවන එක එච්චර ලේසි නෑ..
ඒ චීනය උඩින් තවරගෙන ඉන්න සහ ගොඩක් අය රැවටිලා ඉන්න ව්‍යාජ කොමිනිස්ට් පින්තාරුව නිසා..

ඒ වගේම ලංකාවෙ අනගාරික ධර්මපාලගේ සිට වීරවංශ දක්වා ජාතිවාදී අවතාර තමන්ගෙ පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් ඇමරිකන් විරෝධය ජනප්‍රියවාදයක් විදියට පාවිච්චි කලා..
ඒ හරහා ඇමරිකන් අධිරාජ්‍යවාදයටත් වඩා ප්‍රතිගාමී ගෝත්‍රවාදී ආන්ඩුත් පිහිටවා ගත්තා....

- ප්‍රියශාන්ත රාජපක්ෂ