චීනය ගැන තවදුරටත් සරලව ....

චීනය ගැන තවදුරටත් සරලව ....

22 October 2020 11:33 am

ලබාගන්නා ණයක් නැවත ගෙවීමට නොහැකි පුද්ගලයෙකුට පිලිගත් බැංකුවකින් ණයක් දෙන්නෙ නෑ..
හැබැයි ගමේ ගිනි පොලීකාරයා එහෙම මිනිස්සු හොයාගෙන ගිහින් පොලියට  ණය දෙනව..
ඒ ණය ගෙවාගත නොහැකි පුද්ගලයාගේ ඉතිරිව ඇති ගේයි ඉඩමයි ඩැහැගැනීමේ අපේක්ෂාවෙන් ..
අවසානයේ ආර්ථිකයේ අන්ත පතුලට වැටි පුද්ගලයාට ගිනිපොලී කාරයා ගහන ගහන පදේට නටන පොලී කරුගේ රූකඩයක් වනවා හැර වෙන කල හැක්කක් නැත..

පිලිගත් මුල්‍ය ආයතනයක් ණය ලබාදීමේදී තමාගේ ව්‍යාපාරික ලාබ අරමුණු මෙන්ම ණය ලබන්නාගේ ප්‍රගතියද අපේක්ෂා කරයි.
මොකද ආයාතනයේ කීර්ති නාමයට වානිජ ලෝකයේ වැදගත් බූමිකාවක් හිමිව ඇති බැවින්..
නමුත් ගිනි පොලී බූමිකාව යනු ණය ලබාගන්නා ණය උගුලක හිරකර කනකර අතගාගන්නා වෙනම පැලෑන් එකක්..
ලංකාව සහ චීනය අතර අන්තර් සම්බන්ද තාවයද ගිනිපොලී කාරයා සහ බංකොලොත් පුරවැසියා අතර භූමිකාවට සමාන එකක්.

දැනට ණය නැවත ගෙවීමේ සක්‍යතාවයේ පහලම මට්ටමක සිටින අපට පැනල ණය දෙන එකම මූලාශ්‍රයද චීනය..
මේ ණය තොන්ඩුව හරහා ස්වකීය බලදේශපාලනයේ උපායමාර්ගික කඳවුරු බවට ලංකාව වැනි පරිධියේ දුර්වල රාජ්‍යයන් ඉත්තන් බවට පත්කර ගැනීමේ චීන ධනේශ්වරයේ සැලැස්ම මේ මොහොතේ වේගයෙන්  කරලියට එමින් තියෙන්නෙ..

චීනය කියන්නෙ අන් රටවල ස්වෛරී බාවයට ස්වාධිපත්‍යයට ගරුකරන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහිත දර්ශනයක් තියෙන රටක් නෙමේයි.
මේ වෙනකොටත් චීනය තායිවානයට අනවශ්‍ය දේශපාලන  අතපෙවීම් කරමින් හමුදා මෙහෙයවමින් ජාත්‍යාන්තර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රඥ්ඥප්තීන් මහදවල් උල්ලංඝනය කරමින් ඉන්නෙ..

යුරෝපීය ධනවාදය හා චීන ධනවාදය අතර පවතින ප්‍රධාන වෙනස යුරෝපීය ධනවාදය යුරෝපීය ප්‍රජාව ඇතුලෙ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නඩත්තුකරන්ට විශාල පිරිවැයක් දරනව..ඔවුන්ට චීනයට වගේ හිතේ හැටියට අභ්‍යන්තර ප්‍රජාවගෙ ජීවිතවලට වගේම බාහිර රටවල් වලට දේශපාලන හෝ මිල්ටරි අතපෙවීම් කරන්ට බෑ..
මොකද එහෙම උනොත් විරෝධය මතුවෙන්නෙ යුරෝපයේ අභ්‍යන්තරයෙන්මයි..
බාහිර යුද්ධ වලින් මැරෙන සොල්දාදුවනගේ මිනී රට ඇතුලට එනකොට ඒ රටවල්වල ජනතාවගෙ ජීවත්වීමේ අයිතිය සහ නිදහස් අධ්‍යාත්මයත් එක්ක ඒ සිදුවීම ගැටෙන්ට ගන්නව..එතෙන්දි මුලින්ම ඒ ක්‍රියාමාර්ග වලට එරෙහිව පාරට බහිනේ ඒ රටවල්වලම(යුරෝපයේම) ජනතාව ...

නමුත් චීනයට අදාලව සීයට සීයක්ම මේ තත්වය වෙනස්...
චීනය ඇතුලේ ද්‍රශඨිවාදයක අධ්‍යාත්මික වහල්ලු මිසක ප්‍රජාතන්ත්‍රවාදී සත්වයෝ නෑ..
චීන ප්‍රාග්ධනයේ ඕනෑඑපාකම් වලට බිලිවෙන්ට සූදානම්  ඕන තරම් සොල්දාදුවන් චීනෙ ඇතුලෙ ඉන්නව..
එතෙන්දි චීන ආන්ඩුවට වන්දිබට්ට ස්තෝත්‍ර ගයනා කරන චීන්නු මිසක් චීන සොල්දාදුවන්ගෙ මිනී රට ඇතුලට එනවට විරුද්ද වෙන ලිබරල් මානුෂිකත්වය සහිත ජනතාවක් චීනෙ ඇතුලෙ නෑ..

යම් හෙයකින් ලෝක ගෝලය චීන ආධිපත්‍යයකට යටවීමක් වැනි දෙයක් උනොත් ඒක සමාජ ප්‍රගමනය යුග ගනනාවකින් ආපස්සට යාමක් ලෙස විග්‍රහ කරගන්ට පුළුවන් ..

- ප්‍රියශාන්ත රාජපක්ෂ