ලිබරල් සංස්කෘතික Goalpost

ලිබරල් සංස්කෘතික Goalpost

22 September 2020 07:00 pm

ලිබරල් සංස්කෘතියේ මූලිකම ලක්ෂණයක් විදියට පේන්නෙ සම්ප්‍රදායන් බිද දැමීම. ඒක පුද්ගල නිදහස වෙනුවෙන් ඉතා වැදගත් බව සංස්කෘතික ලිබරල්වාදීන් විශ්වාස කරනවා.

නමුත් සම්ප්‍රදායන් කියන්නෙත් වෙනස් වෙන දේවල්. මීට දශක ගානකට පෙර බටහිර රටවල සම්ප්‍රදාය උනේ පිරිමියෙක් සහ කාන්තාවක් අතර වෙන විවාහ. පසුව ඒ සම්ප්‍රදාය බිද දැමුනා. දැං සමලිංගික විවාහත් සාමාන්‍ය දෙයක්.

ප්‍රශ්නය මේකත් ටික දවසක් යනකොට 'සාමාන්‍ය' වෙන එක. ඒකත් සම්ප්‍රදායක් වෙනවා. එවිට ඒ සම්ප්‍රදායත් බිද දමලා ඊට එහා යන්ඩ වෙනවා. පහත නිව්ස් එක වැදගත් වෙන්නෙ ඒ පසුබිමේ. (මෑතකදි අවුරුදු 11, 12 වයස්වල ගැහැණු ලමුන්ගෙ ලිංගිකත්වය හගවන Cuties නම් ච්‍රත්‍රපටය වලට එකතු උනා. ඒකට ලොකු විරෝධයක් එක්සත් ජනපදයෙ ආවත් චිත්‍රපටය නිර්මාණය වූ ප්‍රංශයේ එවැනි විරෝධයක් ආවෙ නෑ). 

‍මේක හොදටම පේනවා ගබ්සාව පිළිබද කතිකාවෙ. බටහිර රටවලත් මුලින් ගබ්සාව නීතිගත උනේ ස්ත්‍රී දුෂණ සහ incest වැනි අවස්ථාවල. එය සාමාන්‍යකරණය උනාට පසුව යම් කාලයක් තුළ ඕනම කෙනෙකුට ගබ්සාවට ඉඩ සැලසුනා. මේ වන විට සමහර ලිබරල් ප්‍රාන්තවල (සහ කැනඩාව වැනි රටවල) කළළයක් උපත ලබන අවස්ථාව දක්වා ඕනම මොහොතක ගබ්සා කළ හැකිය (late term abortion). සමහර ලිබරල් එතික්ස් ගැන කතා කරන අය ඉපදීමෙන් පසු ළදරුවන් 'abort' කිරීමක් ගැනත් කතා කරනවා (post natal abortion). 

‍මේක ළමුන්ට රාජ්‍ය පාසල්වල දෙන 'ලිංගික අධ්‍යාපනය' (sex education) සම්බන්ධයෙන්ද දැකිය හැකිය. අද බටහිර රටවල pre-school ළමුන්ට same sex marriage, transgenderism වැනි සංකල්පත් උගන්වනවා. මෙය සැලකිය හැක්කේ ලිංගික අධ්‍යාපනයකට වඩා රාජ්‍ය පාසල් අධිකාරිය පාවිච්චි කරලා ලිබරල් ලිංගික සදාචාරය කුඩා ළමුන්ගෙ ඔලුවලට එබීමක් ලෙසයි (sexual indoctrination). 

ලංකාවෙ වගේ ළමුන්ට ලිංගික අතවර වෙන එක වලක්වන්ඩ ලිංගික අද්‍යාපනය දෙනවා වගේ පොලිටිකලි කරෙක්ට් කතා දැං ඒගොල්ල කියන්නෙ නෑ (ඉස්සර කිව්වට). ඒ වෙනුවට කියන්නෙ සමාජයේ සමලිංගික හෝ ලිිංගික සංක්‍රාන්තිකයන්ට වෙනස් ලෙස සැලකීම වැළැක්වීමට එසේ කරනවා වැනි පොලිටිකලි කරෙක්ට් කතා.

මෙහි කෙළවර කොතැනද? මේ Goalpost එක කවදාවත් ළගා විය හැකි එකක් නොවේ. මොකද goal එකට ලගා වූ විට goalpost එක තවත් ඉස්සරහට යනවා.  

‍මේ ආකාරයට දිගින් දිගටම සම්මතයන් කඩා දැමීමෙන් තොරව ලිබරල් සංස්කෘතියට පැවැත්මක් නැහැ. මොකද එක සම්මතයකදි නතර උනොත් එය සම්ප්‍රදායවාදයකට හැරෙනවා. සංස්කෘතික ලිබරල්වාදය අනුව එවැන්නකට ඉඩක් නෑ. ප්‍රශ්නය එයින් සමාජයේ පැවැත්මට සහ ස්ථාවරත්වයට කොතරම් බලපෑමක් විය හැකිද යන්නයි. මන්ද යත් ගොඩක් සංස්කෘතික සහ සදාචාරමය සීමාවන් ඇතිවීමට මූලික හේතුවත් සමාජයේ ස්ථාවරත්වයක් පවත්වාගැනිම නිසා.

ප.ලි.

අනෙක් අතට ලිංගික අපරාධ වැඩිවීමට හේතුව ලිංගික නිදහස නැති වීම කියන ජනප්‍රිය මතයත් පහත නිව්ස් එකෙන් අභියෝගයට ලක් වෙනවා. මේ ආකාරයට නීති වෙනස් කිරීමක් කරන්ඩ වෙලා තියෙන්නෙම එවැනි ක්‍රියා බහුල වීම නිසා නොවේද?

ජාතික චින්තනය