තරුණ සමුළුවත් මාධ්‍යට වාරණය වුණා නම් ...

තරුණ සමුළුවත් මාධ්‍යට වාරණය වුණා නම් ...

25 August 2019 05:19 pm

සාම්ප්‍රදායිකව දෛනිකව පවත්වන දේශපාලන පක්ෂවල මාධ්‍ය හමු සම්බන්ධයෙන් නම් තිබෙන්නේ හරිම උදාසීන හැඟීමක්. මොකද ඒවායෙදි තීරණාත්මක කාරණා ප්‍රශ්න කෙරෙන්නේ නැති තරම් සහ බොරු ෆැක්ට්ස් ඇන්ඩ් ඩීටේල්ස් සමාජගත කරන වේදිකා නිසා. හැබැයි වාරණය මොන මුහුණුවරින් ආවත් හොඳ නෑනෙ.

සාමාන්‍යයෙන් ජනාධිවරණ කැම්පේන් එකකදි තරුණ සමුළුවක් කියන්නෙ වැදගත් දෙයක්. (වෙන රටවල) අපේ රටේ නම් මේ කිසිම දෙයක් ගැන ලොකුවට සැලකිල්ලට ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය එනවා. මොකද සමුළු නෙවෙයි. තමන්ම සම්මත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පවා වැරදීමක් කියල හරිම සරලව කියන්න පුළුවන් මහජන නියෝජිතයෝ අපට ඉන්න නිසා.

මේක නම් හරිම ඉන්ටරෙස්ටින්. මොකද දැන් මේ වාරණය කෙලින්ම එන්නේ තමන්ගේම වාර්තා ලියන කණ්ඩායමට නිසා. මේ වගේ දෙයක් ජනමාධ්‍යට බොහෝම තීරණාත්මකයි. ඒත් හොඳට බලන්න. ඒකට ජනමාධ්‍ය ආයතන මට්ටමින් කිසි අවුලක් නෑනෙ. ඇයි ඒ? දැනටම ඒ වාරණයට අභියෝග කෙසේ වෙතත් අවම මට්ටමින් ප්‍රතිචාරයක් දක්වන්නවත් ඔවුන් අසමත් නිසා.

බල හවුල හැදෙන හැටි ගැන දැන් තියාම අදහසක් අපට ගන්න පුළුවන්. සරලව කිව්වොත් මෙහෙම කීත් නොයාර් උස්සන් යද්දි ලලිත් අලහකෝන් මහින්දට දීපු ටෙලිෆෝන් කෝල් එක නිසා ජීවිතේ බේරුණේ මහින්ද රාජපක්ෂ රෙජිම් එක ඇතුලේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ රෙජිම් එකේදි එහෙම කෝල් එකක්වත් දෙන්න බැරි වේවි. එච්චරයි.

- බිඟුන් මේනක ගමගේ