කඳුකරේ කඳු අතේ නැති කවියක්...

කඳුකරේ කඳු අතේ නැති කවියක්...

28 January 2019 07:59 am

ඔව්, මහත්තුරුණි නුඹලාට අනුව අපි හැඩි දෙමළු
එපාද ඉර පායන්න අහසෙ බණ්ඩාරවෙල බදුළු
අකුල් ගානේ හැම දෙමළියෙකුටම දුන්නා කැකුළු
මැස්සොද අපි සිංහ කූඩුවල බැඳුණු දැල්වල මකුළු

 

දළු ගෝණිවල කදුළු බර දන්නෙ මෙන්න මේ උකුළු
අළුගෝසුවණි පැහැරගත් එළුවන් කෝ අහනවා වණ වඳුළු
දුටුගැමුණුගේ සිට එකම විසදුම අළු කරන එකද දෙමළු
කසිප්පු බීපු තේ ගස් වලට අද ඉතුරු දිරාපු ඇට මිඳුළු

දළු කඩන රූපයක් එල්ලාන හැඩ බලද්දි තල සඳළු
පඩි පෙළක් පැටව් එකම ගුලියක කඩමාළු වල පැදුරු
එලිබහින අතරතුර කිචිකවනවා පස්ස තුත්තිරි පඳුරු
නෝනාවරුණි, මුත්‍රා කර බලන්න නිකමට ආ දාක බදුළු

ලේ බොන්න ඇඟිලි කරු ලියාගෙන කූඩළු පොකුරු
කෝඩෙකින් පසු ඇවිත් වපුරන්න පැල්පතක වී අහුරු
නින්දගම් අපට හැම තිස්සේම උලුක් කරගෙන මුඟුරු
තේ පඳුරකට ඇයි වෙන්න බැරි වුනෙ පඳුරක් කඳුරු

ජීවිතය අළු වෙයි ලැයින් කාමරයක දඟරයක් සේ මදුරු
ගෝණියක මියැදෙන්න ඉපදෙයි කඳුකරේ ලැයිමක ලදළු
ඇවිලෙන්න ඕනමද ලැව් ගින්නක් පහව යන්නට අදුරු
ඇත්තටම තේ කුඩු කියන්නෙ වියලාපු අපේ කඳුළු

- සුජීව හෙට්ටිතන්ත්‍රී