අවමගුල් තොරණ සමග ලන්ඩන් කවි ඔක්තෝබර් කලාපය

අවමගුල් තොරණ සමග ලන්ඩන් කවි ඔක්තෝබර් කලාපය

1 October 2021 12:13 pm

ලන්ඩනයේ සිට මුදාහැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය 'ලන්ඩන් කවි' අන්තර්ජාල සඟරාවේ ඔක්තෝබර් කලාපය‍ මේ වනවිට වෙබ් අවකාශය වෙත මුදාහැර තිබෙනවා. ලන්ඩන් කවි, ප්‍රවීන කිවියර අනුර හෑගොඩ මහතාගේ සංස්කාරකත්වයෙන් ඔබ අතට පත් වේ.

මෙවර ඔක්තෝබර් කලාපය ප්‍රවීන හා නවක කවීන්ගේ කාව්‍ය රචනා 88 කින් ඔපවත් වී තිබෙනවා.

පහත පළවන්නේ, ලන්ඩන් කවි මෙවර කලාපයෙන් උපුටා ගත් කාව්‍ය නිර්මාණයකි.

අවමඟුල් තොරණ - ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

සොහොන ළඟ තොරණ
හරි ලස්සනට ඇන්දාට
එන අයට තමයි ඒ
නොවෙයි මළ උන්දෑට

සුදු තමයි ගැළපෙනා පාට
දුක්මුසු දේට
එත් හැම තැන ම වගෙ
තියෙන්නේ කළු පාට

පෙති හැලෙන මලක්
ඇන්දොතින් පරවෙන රෑට
හොඳ වුණත් මල් මැරෙන බව
මතක දෝ කාට

කඳුළු බිඳුවක් අඳිමු
පෙනෙන්නට සංකාව
අමාරු ම නම් ඒක
අඳිමු අපි ලංකාව

(ගෙත්තම් පාණ, නවතම කාව්‍ය සංග්‍රහයෙනි)

UN



Recommended News