ස්කුටරේ ගමන් යන
ඉදහිටක බස් එකෙත් යන
තුන්සකට හදිසියේ අත වනන
අපි හරිම සාමාන්‍ය ගැහැනු
ජිවිතේ බර දරන
ඉදහිටක සැලුනයට ගොඩ වදින
මාසෙකට විතර හුල්ලන
හොදම දේ දරුවන්ට කියන
අපි හරිම සාමාන්‍ය ගැහැනු
ජිවිතේ බර දරන
හිනාවෙන දනන් ළග සිනාසෙන
කතා කරනා තැනක කතා කරන
පොල් පැළයකට හැරෙනා ගොනුන් දැක පසු බසින
කයි කතන්දර නම් ඕසේකට අසන
අපි හරිම සාමාන්‍ය ගැහැනු
ජිවිතේ වැඩිපුරම දුක විඳින
ඔරවගෙන ගියෝතින් ඒකිගේ ලොකුකම කියන
වැඩි කතාවට ගියෝතින් චරිත සහතික ලියන
මතුපිටින් පේන රූපයට විනිශ්චය පත් ලැබෙන
අපි හරිම සාමාන්‍ය ගැහැනු
කාටවත් කවදාවත් නොතේරෙන
තනි රකින්නට හුගාක් අය ඇවිදින් විමසන
කරබාගෙන හිදින තැන පත්තිනිද ඔච්චමට කියවන
ගල්මුල් මිසක් හොදක් හරි අඩුවෙන්ම ලැබෙන
අපි හරිම සාමාන්‍ය ගැහැනු
දවසක හුස්ම අත් අරින ...............
- නිලූෂා ඩිලානි බොතේජු
2021-03-08 23:00:00
2021-03-08 22:30:00
2021-03-08 21:51:00
2021-03-08 20:30:00
2021-03-08 20:14:00