අපි සම-සමව
අවිස්වාසයෙන්
ඔබේ මාස්ක් එකට උඩින් ඔබේ දෑස
මගේ මාස්ක් එක උඩ නවතින, මත්බරව
ඇස් හීන්වීගෙන
දැන් අපි සිනාසෙන
මහත්වරු අප වටා කැරකෙන
අඩිකෝදු අරගෙන
දුර මනින, මාස්ක් පිරික්සන, උණ බලන, රවන, ගොරවන, ඉදහිට සිනාසෙන
කොරෝනා නගරය මේක
සිප ගැනුම් පවා තහනම් කළ
ගුගුරන, ගොරවන, අඩි හප්පන
“ඈත් වී ඉන්න!!!”
රාජ්ය අණ නිකුත් වෙන
ආයෙත් ඇස් හීනි වෙන
මාස්ක් විනිවිද මුහුණ පුරා ඇවිදින
නතර වෙන, ගිමන් හරින, සුසුම්ලන
විනිවිද පෙනෙන ඉටි ආවරණ ඇතුළට තල්ලු වෙන
සමුගැනීම් පවා අමතක වන
කොරෝනා නගරය
උඩ තට්ටුවල උපන්දින පවා සමරන
- කාංචනා අමිලානි
2021-01-20 23:00:00
2021-01-20 22:09:00
2021-01-20 21:22:00
2021-01-20 20:59:00
2021-01-20 20:02:00