පෙම්වත; පෙම්පත් ඒවා සුළඟේ ගිය පසු
ජෑම් ගහ හෙවනට වී හඬන්නද මම
පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන
දෑත මුහුණේ ඔබාගෙන
පැරැණි දළ සේයා පට මතක, මතක් කරමින්
ගස්ස ගස්සා පටු උරහිස්
හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද?
පිළිතුරක් දෙන්න නොවෙහෙසන ඔබ පවා
ආතතියෙන් පුරවන්න
'ඒ පෙම්පත් මා ලියූවේ නොවේ'
කියන්නට නොපැකිළෙන ඔබ පවා තිගැස්වන්න
හඬන්නද මම? ඔව්!! අර ජෑම් ගහ හෙවනටම වී•
- කාංචනා අමිලානි
2021-01-15 23:00:00
2021-01-15 21:45:00
2021-01-15 20:55:00
2021-01-15 20:38:00