‌‌දේශගුණික විපර්යාස, මිහිතලය ගිලගන්නා ”අර්බුදයේ මොහොත පැමිණ ඇත”- ඩේවිඩ් ඇටෙන්බොරෝ අනතුරු අඟවයි

‌‌දේශගුණික විපර්යාස, මිහිතලය ගිලගන්නා ”අර්බුදයේ මොහොත පැමිණ ඇත”- ඩේවිඩ් ඇටෙන්බොරෝ අනතුරු අඟවයි

16 January 2020 11:16 pm

ඩේවිඩ් ඇටෙන්බොරෝ… මිනිසා විසින් මිනිසාට මිහිතලය අහිමි කරමින් සිටින බව පැවසුවේ අද ඊයේක නොව ‌බොහෝ කලකට පෙරය. වසර 93ක් මිහිමත සිදු වන පෙරළීන් දකිමින් මිහිතලයට ආදරය කළ ඔහු සුප්‍රසිද්ධ ලයිෆ් කලෙක්ෂන් බීබීසී පාරිසරක වැඩ සටහනේ ප්‍රධාන මෙහෙය වන්නා සහ නිෂ්පාදකවරයාය.

උත්තර හා දක්ෂීණ ද්‍රවයන්ගේ ග්ලැසියර දියවෙමින්, මුහුදු මට්ටම සීග්‍රයෙන් ඉහළ නැගීමේන් සිදු වන විපත්, ස්වභාවික ජීවය වනසලාන ලැව් ගිනි, ගිනි කඳු පිපිරී යෑම්, සාගර උෂ්ණත්වය පෙර නොවී විරූ ලෙස ඉහළ යෑම, දරා ගත නොහැකි පාරිසරික උෂ්ණත්වය මේ සියල්ලක්ම හේතුවෙන මේ මොහොත වන විට මිහිතලය විඳවමින් සිටී. ලොව විශාලතම ග්ලැසියරය අද වන විට මිය ගොසිනි, ලොව විශාලතම දිය ඇල්ල වික්ටෝරියා මේ මොහොත වන විටත් සිටින්නේ ජීවිතය යදිමිනි. ඒහෙත් ඊට වග කිව යුත්තෝ තවමත් මාන බලන්නේ බලය හා මූල්‍ය ශක්තිය තර කර ගැනීමටය. ඒ් නිසාම ඔවුන් කිසිවෙක් දේශගුණික විපර්යාස නමින් දෙයක් මිහිතලයේ සිදු වන බව කිසිසේත් විශ්වාස ‌‌නොකර සිටී.

මෙකී තත්ත්වය පිිළිබදව මුළු මහත් ලෝකයේම අවධානය යොමු කරවමින් ඩේවිඩ් ඇ‌‌‌‌ටෙන්බෙරෝ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කර ඇත.

අර්බුදයේ මොහොත පැමිණ ඇත. ”

ඔහු අනතුරු ඇඟවීය.

“මම කතා කරන පරිදි, ගිනිකොන දිග ඕස්ට්‍රේලියාව ගිනි ගනිමින් තිබේ. ඇයි? ඒ් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යන නිසායි ..,“

බීබීසී ආයතනය ශ්‍රීමත් ඩේවිඩ් සමග දේශගුණික විපර්යාස පිළීබද කරන ලද විශේෂ සාකච්ඡාවකදී ඔහු මෙසේ පැවසීය.

ඇතැම් දේශපාලකයන් සහ විචාරකයන් ඔිස්ට්‍රේලියාවේ ඇති වූ ලැවු ගිනි සහ ගෝලීය උණුසුමේ ඉහළ යෑම අතර කිසිදු සම්බන්ධතාවක් නැතැයි පැවසීම ”ඒහෙම පිටින්ම විකාරයක්”

මිහිතලයේ උණුසුම ඉහළ යෑම පිටිපස සම්පූර්ණයෙන්ම ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් බව අප හොඳින්ම දන්නා සත්‍යයි.

ඔහු තව දුරටත් බීබීසී සේවය සඳහා අදහස් දැක්වීය.

ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බර්ග් ‘අර්බුදයේ මොහොත’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

ඔහු මේ මගින් අවධාරණය කරන්නේ දේශගුණික විද්‍යාඥයින් පවතින තත්ත්වය පැහැදිලි කරමින් ඉතා ඉක්මන් ප්‍රතිචාරයක අවශ්‍යතාව පිළිබදව අවධාරණය කරමින් සිටියදී ඒ් පිළබඳව වූ අන්තර්ජාතික සාකච්ඡා වල වේගය ඉතා මන්දගාමී බවයි.

පසුගිය දා ස්පාඤ්ඤයේ මැඩිරිඩ් හී දී පැවති දේශගුණික තත්ත්වය පිළිබඳ සාකච්ඡා බලාපොරොත්තු සුන්වීමක් ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා, බ්‍රිතාන්‍ය රජය, සහ අනෙක් අය විසින් හංවඩු ගසනු ලැබ බවට ඔහු චෝදනා කරයි.

එහිදී මුහුණ දෙමින් සිටින ප්‍රධාන තත්ත්වයන් පිළිබඳව තීරණ ගැනීම කල් තැබුණු අතර ඔිස්ට්‍රේලියාව, බ්‍රසීලය,ඇතුළු රටවල් කිහිපයක් සිය යුතුකම් පැහැර හැරීමට උත්සහා කළ බවට චෝදනා ලැබීය.

         ”මෙය ක්‍රීඩා කිරීමක් නොවන බව අප වටහා ගත යුතුය”

”මෙය හුදෙක් ලස්සන කුඩා විවාදයක්, තර්ක කිරීමක් හා සම්මුතියක් ඇති කර ගැනීමක් පමණක් නොවේ”

මෙය හදිසි තත්ත්වයක් වන අතර එය විසඳිය යුතුව පවතී… ඒ පමණක්ද නොව එම විසදුම කරා ළඟා වන්නේ කෙසේදැයි යන්න අපි දනිමු. ගත යුතු පියවර ගැන දැන දැන ඒය ප්‍රතික්ෂේප කිරීම සැබවින්ම පරස්පර විරෝධී දෙයකි.

ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බර්ග් තව දුරටත් අනතුරු අඟවයි.


ගත යුතු පියවර මොනවාද?

2018 දී එක්සත් ජාතීන්ගේ දේශගුණ විද්‍යා මණ්ඩලය විසින් අනාගතයේදී වඩාත් භයානක ලෙස උෂ්ණත්වය ඉහළ යාම වළක්වා ගැනීමට සාධාරණ අවස්ථාවක් ලෝකයට ලබා ගත හැකි ආකාරය විස්තර කළේය.

2030 වන විට පෘථිවිය උණුසුම් කරන වායූන් – විදුලි බලාගාර, කර්මාන්තශාලා, වාහන සහ කෘෂිකර්මාන්තයෙන් සිදු වන හරිතාගාර වායු විමෝචනය අඩකින් අඩුවිය යුතු බව එහි සඳහන් ය.

ඒ වෙනුවට සිදුවන්නේ ප්‍රතිවිරුද්ධ දෙයයි.

එම වායූන් මුදා හැරීම තවමත් ඉහළ යමින් පවතින අතර ප්‍රධාන වායුව වන කාබන් ඩයොක්සයිඩ් මේ වන විට මිනිස් ඉතිහාසයේ අත්දැකීම් වලට වඩා බොහෝ ඉහළ මට්ටමක පවතී..

ශ්‍රීමත් ඩේවිඩ් ඇ‌ටෙන්බර්ග් පැවසූ පරිදි:

“ගෙවී යන සෑම වසරකම අදාළ  පියවරයන් සාක්ෂාත් කර ගැනීම වඩ වඩාත් අපහසු වේ.”


එය මේ මොහොතේ වැදගත් වන්නේ ඇයි?

මෙම වසර දේශගුණික විපර්යාසයන් කෙරේ සෘතූන් මාරු කිරීමේ තීරණාත්මක අවස්ථාව උදාවී ඇති වසර ලෙස දැකිය හැකි වේ.

දේශගුණය සම්බන්ධ තීරණාත්මක සමුළුවක් ලෙස සැළකෙන COP26 මෙම වසරේ නොවැම්බරයේ එක්සත් රාජධානියේ ග්ලාස්ගෝහීදී පවත්වනු ලැබේ. එයට පෙර ලෝකය පුරා රාජ්‍යයන් ඔවුන්ගේ පාරිසරික ඉලක්කයන් දැඩි කිරීමට බලකෙරෙමින් සිටී.

ඒ් ඔවුන්ගේ වර්ථමාන ප්‍රතිපත්ති එතරම් දුරට සැබෑ නොවනු ඇති බැවිනි.

පොරොන්දු වූ පරිදි ඔවුන්ගේ ප්‍රථිපලයන් ඉදිරිපත් කරනු ඇතැයි උපකල්පනය කරමින් (ඒ බවට කිසිදු සහතිකයක් නොමැත), පුර්ව කාර්මික යුගය හා සසඳන විට මෙම සියවස අවසන් වන විට සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය අංශක 3ට වඩා ඉහළ යෑම අඛණ්ඩව සිදු වනු ඇත.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්ජාතික කමිටුවේ (අයිපීසීසී) නවතම තක්සේරුව මඟින් එහි අන්තරායන් පැහැදිලි කරයි.

යමක උෂ්ණත්වය 1.5C ට වඩා ඉහළ යාමෙන් අදහස් වන්නේ වෙරළබඩ ගංවතුර, තාප තරංග සහ කොරල් පර වලට සිදු වන හානිය වඩාත් දරුණු වනු ඇති බවයි. නවතම සංඛ්‍යාලේඛන වලින් පෙනී යන්නේ ලෝකය දැනටමත් 1C ට වඩා උණුසුම් වී ඇති බවයි.


ඊළඟට කුමක් සිදුවේද?

සියල්ල මේ අයුරින්ම සිදුවුව හොත් තවදුරටත් ලෝකය උණුසුම් වීම නොවැළක්විය හැක්කකි.

රීඩින්ග් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එඩ් හෝකින්ස් පවසන පරිදි ”අපි දැනටමත් වෙනස් වූ ලෝකයක ජීවත් වෙමු.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳ විද්‍යාඥයෙකුගේ නිරූපණය බොහෝ විට සමාජ මාධ්‍යවල අද වන විට වෛරල්ස් බවට පත් වී ඇත. සෑම වසරකම උෂ්ණත්වය සාමාන්‍යයට වඩා වැඩි හෝ ඊට වඩා අඩු බව පෙන්වීමට ඔහු තද පැහැති ඉරි භාවිතා කරයි – උණුසුම් සඳහා රතු පැහැයේ විවිධ වර්ණ සහ සිසිල් සඳහා නිල් පැහැයේ මට්ටම් ඒම නිරූපණය තුළ  භාවිත කර ඇත.

 

මේ වසරේ පාරිසරික න්‍යාය පත්‍රයේ තවත් ඇත්තේ කුමක්ද?
ස්වාභාවික ලෝකය හා අපට ඒය හානි කිරීම නැවැත්විය හැකිද ?

බොහෝ දේශපාලකයන්ගේ අවධානය දේශගුණික විපර්යාස කෙරෙහි යොමුවනු ඇති අතර, 2020 ද පරිසර පද්ධති කෙරෙහි මිනිස් ක්‍රියාකාරකම් වලට සිදුවන හානිය නැවැත්වීම සඳහා වැදගත් විය හැකිය.

මෙය වැදගත් වන්නේ ඇයිද යන්න පිළිබඳව පැහැදිලි කරන ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බර්ග් ට අනුව : “අප ගන්නා සෑම හුස්ම වාතය සහ අප කුස පුරවා ගන්නා සෑම ආහාරයක් සඳහාම අපි ඇත්ත වශයෙන්ම ස්වාභාවික ලෝකය මත රඳා සිටිමු.”

සොබාදහම ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රධාන සමුළුවක් සඳහා ලෝක නායකයින් චීනයේ නගරයක් වන කුන්මින් වෙත ආරාධනා කරනු ලැබ ඇත.

ඉදිරි දශකය තුළ සතුන්, කෘමීන් හා ශාක විශේෂ මිලියනයක් පමණ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව පසුගිය වසරේ නිකුත් කළ වාර්තාවක් මගින් අනතුරු ඇඟවීය.

වඩාත් මෑත අධ්‍යයනයකින් හෙළි වූයේ නගරවල වර්ධනය, ගොවිතැන් සඳහා වනාන්තර එළි පෙහෙළි කිරීම සහ මසුන් සඳහා ඇති ඉල්ලුම වැඩිවීම භූමියෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් සහ සාගරයෙන් තුනෙන් දෙකකට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති බවයි.

ඒ් හා සම්බන්ධ එක් විද්‍යාඥයෙකු වන ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ මහාචාර්ය ඇන්ඩි පර්විස් පවසන්නේ ඉතා වැදගත් විශේෂිතයන් ගේ වැදගත්කම නොසළකා හැරීමෙන් අපි අපගේ ආරක්ෂිත දැලෙන් දුරස් වෙමින් පවතින බවයි. අප යැපෙන පරිසරයන් අප කුණු කූඩයට දමමු”. ඔහු පවසයි.

සැකසූ ආහාර සහ ෂැම්පූ සඳහා පාම් තෙල් භාවිතා කිරීමේ සිට වේගවත් විලාසිතා මගින් ඇති කරන පීඩනය දක්වා සෑම දෙයකම බලපෑම ඔහු පෙන්වා දෙයි.

බොහෝ සංවර්ධිත රටවල සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය වටහාගෙන ඇති අතර මහාචාර්ය පර්විස් පවසන්නේ “අප විසින් විකුණන දේවල පාරිසරික පිරිවැය හැසිරවිය නොහැකි තරම් දුප්පත් රටවලට අප විසින් අපනයනය කර ඇති” බවයි.

‍කුන්මිං හි රැස්වීම ග්ලාස්ගෝහි එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට මසකට පෙර ඔක්තෝබර් මාසයේ දී සිදු වන අතර එය පෘථිවිය සමඟ අපගේ සබඳතාවලට තීරණාත්මක බව මේ වසරේ සනාථ කරනු ඇත.

Hansani Sampath | outboundtoday.com