ධම්මික පෙරේරා - අනාරාධිතයෙකුගේ අනපේක්ෂිත ආගමනය -3 කොටස

ධම්මික පෙරේරා - අනාරාධිතයෙකුගේ අනපේක්ෂිත ආගමනය -3 කොටස

21 July 2019 04:09 pm

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා බවට පත්වීමට ධම්මික පෙරේරා සුදුසුද?  සියල්ල අසමත් රටක ආර්ථිකය කෙරෙහි ඔහු තබන වැඩි බර, ලංකාව සිංගප්පූරුවක් කිරීමේ සිහිනයට තබන තවත් ලංසුවක්ද? ධම්මික පෙරේරාව අප කියවාගත යුත්තේ කෙසේද?

ලංකාවේ ආර්ථිකය හරිහැටි සුවපත් නොවෙන ගිලනෙකුට සමාන ය. 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය, මා මීට නැවත නැවතත් ලියා ඇති පරිදි, දිගු කලක් ඔත්පළ ව රජයේ රෝහලක ඇඳක් මත සිටින රෝගියෙකි. එම රෝගියාගේ ඥාතීන් වන අප, සන්සුන් ව කල්ගත කරන්නේ ඇය අද හෙට මිය යාවේ අවදානමක් නොපෙන්වන නිසා ය. ඇය කතා කරයි. සෙස්සන්ට ඇහුම්කන් දෙයි. ඔවුන් පවසන දේවල් තේරුම් ගනියි. ඉල්ලීම් කරයි. බෙහෙත් බීම, ආහාර ගැනීම සහ නිදා ගැනීම ද සිදු කරයි. 

නමුත් ඇය තවදුරටත්, තමන්ගේ දෙපයින් සිට ගැනීමට අසමත් - රෝගී කාන්තාවකි. බොහෝ රෝගීන් මෙන්ම ඇය ද කාලයෙන් කාලයට සුවපත් වීමේ ලක්ෂණ පෙන්නුම් කරයි. එවිට අප තිගැස්සෙන අතර, ඇයව රෝහලෙන් ඉක්මනින්ම ගෙදර එවනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. නමුත් එකී ‘හොඳ කාලය‘ දුක්බර ලෙස ඉතා ඉක්මනින් අවසන් වෙයි. 

පාස්කු ප්‍රහාරයෙන් පසු ආර්ථිකය ශුන්‍ය වීමේ අවදානමක්

අප්‍රේල් මාසයේ හටගත් පාස්කු සිදුවීම් මගින් මේ තත්වය තවදුරටත් පිරිහීමට ලක් කර ඇත. සාමාන්‍යයෙන් ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 4 ක වාර්ෂික ආදායමක් ගෙන එන සංචාරක කර්මාන්ත අංශය ‍මේ වන විටත් අඩපණ වී තිබේ. මෙයට 17 වසරකට පෙර බාලි දූපත්වල කුටා බෝම්බ ප්‍රහාරය සිදුවීමෙන් පසු සංචාරක කර්මාන්තය නැවත යථා තත්වයට පත්වීමට වසරකට ආසන්න කාලයක් ගත විය. පුද්ගලයන් 129 දෙනෙකු මරා දැමූ 2015 නොවැම්බරයේ පැරිස් බෝම්බ ප්‍රහාරයෙන් පසු එපමණම කාලයක් සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වීමට කල් ගත වූයේ, සංචාරකයන්ගේ පැමිණීම දරුණු ලෙස අඩු නොවී තිබියදී ය. 

පාස්කු ප්‍රහාරය හේතුවෙන් ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.5%කින් මන්දගාමී වෙතැයි අපේක්ෂා කෙරේ. තවද 2001 වසරෙන් පසු ලංකාව කිසි විටෙක මුහුණ නොදුන් තත්වයක් වන ආර්ථිකය ශුන්‍ය තත්වයට පත්වීම ද මේ නිසා සිදුවිය හැකිය. 
 
අප කිසිවිටෙක යහපත් ආර්ථිකයක් පවත්වාගෙන නැතිද? ඔව්. පසුගිය දශක කිහිපය ඇතුළත හොඳම කාලය පැමිණියේ යුද්ධයෙන් පසුව ය. 2007-8 කාලයේ විශ්වීය වශයෙන් බලපෑ ඊනියා ‘මහා උද්ධමනය‘ තිබියදී ද (බොහෝ ආසියානු රටවල් එයින් වසරක් ප්‍රමාද වී එහි බලපෑමට නතු විය) 2010-12 අතර කාලයේදි ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා හොඳින් සක්‍රියව පැවතිණි. මේ වසර 3 තුළ දළ දේශීය නිෂ්පාදිතය 8.0% සිට 9.1% දක්වා විචලනය වූ අතර, එය සුළු පටු ජයග්‍රහණයක් නොවන්නේ, නිදහස ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පැවති තත්වය සලකා බැලීමේදී ය (2012 වසරේදී සටහන් වූ 9.1%ක දළ දේශීය නිෂ්පාදිතය මේ දක්වා ලංකාවේ හොඳම තත්වයයි). 

පශ්චාත් යුධ සමයේ ආර්ථිකය යථා තත්වයට පත් වීම ඉතාම හොඳින් සිදුවූ අතර, 2012 මහබැංකුවේ වාර්ෂික වාර්තාවේදී ඉදිරිපත් වූ එක් ප්‍රශ්නයක් වූයේ ශ්‍රී ලංකා ආර්ථිකය පමණට වඩා රත් වී තිබේද  යන්නයි (ආර්ථිකය පමණ ඉක්මවා රත්වීම සිදුවන බව කියන්නේ හොඳ ආර්ථික වර්ධන වේගයක් දිගු කලක් තිස්සේ පැවතීම සහ නිෂ්පාදකයන් විසින් අතිරික්ත නිෂ්පාදනයන් සිදුකිරීම මත අතිරික්ත නිෂ්පාදන ධාරිතාවක් ඇති වීම හේතුවෙන් උද්ධමනය ඉහළ යාමයි. ආර්ථිකය පමණ ඉක්මවා රත් වීමට ප්‍රධාන හේතුව වන්නේ පාරිභෝගික ධනවත්භාවය ඉහළ යාම හේතුවෙන් මිනිසුන් අතිරික්ත පරිභෝජනය සඳහා යොමු වන විට ප්‍රමාණවත් සැපයුම් කෝටාවක් නොතිබී වේ). නමුත් මේ කතාන්දරය කෙටි කලක් සඳහා පමණක් පවතින්නක් විය. 

2013-14 කාලයේදී මෙම වර්ධන වේගය පහළ වැටුණේය. එතැන් පටන්, නායකත්වයේ සිදුවූ අනුක්‍රමික වෙනස්වීම් නොතකා එය තවදුරටත් පහළ මට්ටමක පැවතියේය. මේ වන විට පවතින ආර්ථික දර්ශකයන් ඒ අන්දමින්ම තවදුරටත් පැවතියහොත්, 2030 වසර අවසානයේ වුවද, අප විසින් වාර්තා කරනු ඇත්තේ ඇමරිකානු ඩොලර් 6000 ක දළ දේශීය නිෂ්පාදිතයක් පමණි. වසර 10 ක් ඇතුළත ඇමරිකානු ඩොලර් 10,000 කට ළඟා වීම සඳහා අප විසින් අවම වශයෙන් 8%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගත යුතුය. 

වසර 15 ක පර්යේෂණයක්

ධම්මික පෙරේරාගේ ක්‍රමෝපායික සැලැස්ම වසර 15කට අධික කාලයක් මුළුල්ලේ ඔහු විසින් සිදුකළ පර්යේෂණයේ ප්‍රතිඵලයකි. එය අමාත්‍යාංශ 30 ක් ආවරණය කරයි. එම සැලසුමේ ඇතැම් සංචරකක පමණක් ඔහුගේ ද සහාය ඇතිව පැය දෙකක කාලයකදී අධ්‍යයනය කිරීමට මා හට පුද්ගලිකව හැකි විය. යමක හොඳ නරක කියන්නට එය සහමුලින්ම කා බැලීම අවශ්‍ය නොවේ. 
මෙම සැලසුම ඉලක්කගත යහපත් එකකි. යෝජනා පුළුල් සහ තනි කණ්ඩායමකින් අපේක්ෂා කළ හැකි උපරිමයට ප්‍රායෝගික ද වේ. 

මෙම සැලසුම ඉලක්කගත යහපත් එකකි. යෝජනා පුළුල් සහ තනි කණ්ඩායමකින් අපේක්ෂා කළ හැකි උපරිමයට ප්‍රායෝගික ද වේ. එය ක්‍රියාත්මක භාවයට පත් කරන්නේ ද ඔවුන් විසින් ම නම්, නියත වශයෙන්ම එහිදී එම සැලසුම දැඩි සම්නිරීක්ෂණයකට ද හසුවනු ඇති. එනයින්ම එමගින් එම කාර්යයේ සුවිශේෂීභාවයේ අගය ද අවප්‍රමාණ නොවේ.

ප්‍රබල කේන්ද්‍රීය සැලසුමකට ආර්ථික මග වෙනස් කරමින් දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කළ හැකිද? 

මෙහිදී අයෙකුට ප්‍රධාන ලක්ෂණ දෙකක් සැණෙකින් හඳුනාගත හැකිය. ඇතැම් යෝජිත ප්‍රවේශයන් අලුත් ඒවා නොවේ. මුලින්ම, ඒවා දැනට වසරක පමණ කාලයක් දියත් කිරීමට වෙර දරන - ඇතැම් අමාත්‍යාංශයන් හි පොරොත්තු ලැයිස්තුවේ ඇති ව්‍යාපෘතිවලට සමාන ය. ඉන්පසු ඒ සියලු කටයුතු සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමක් කෙරෙහි යොමු වේ. 

සමීප දසුනකදී තවත් ලක්ෂණ කිහිපයක් මේ තුළ දැකගත හැකිය. අමාත්‍යාංශ සැලසුම් එකකට එකක් සම්බන්ධිත ය. එක් සැලසුමක් ක්‍රියාවට නැංවීම සඳහා රුපියල් බිලියන 10 ක අරමුදල් අවශ්‍ය යැයි සිතමු. එවිට එම අමාත්‍යාංශය විසින්ම හෝ වෙනත් අමාත්‍යාංශයක සැලසුමක් විසින් එම අරමුදල් සොයාගැනීම සිදු කරයි. සියලු අරමුදල් පැමිණෙන්නේ බදු වැඩි කිරීම්වලින් නොවේ. ඒ වෙනුවට වසර 5 ත් 10 ත් අතර කාලය තුළ බදු අනුපාතිකය අඩු කිරීමට විශාල වශයෙන් අදහස් කෙරේ. 

මෙවැනි කටයුතු සඳහා අවශ්‍ය අරමුදල්වලින් වැඩි කොටස ලබා ගැනෙන්නේ නිෂ්පාදනය වැඩි කිරීම මගින් ඉතිරි කරගනු ලැබු මුදල්වලිනි. මෙම ප්‍රවේශය හේතුවෙන් ජාතික අයවැය උපයෝජනයේදී මෙන්, ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවන අදියරේදී අමාත්‍යාංශ ලේකම්වරුන්ට අරමුදල් පිළිබඳ ප්‍රශ්න නැගීමට ඉඩක් ඉතිරි කරන්නේ නැත. ඔබ මෙතෙක් නිරීක්ෂණය නොකළේ නම් කිව යුතුව තිබෙන්නේ කිසිම අවස්ථාවක මෙවැනි චින්තනයක් දේශපාලකයෙකුගෙන් හෝ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගෙන් නම් කිසිවිටෙක ඉදිරිපත් නොවනු ඇති බවයි. මෙබඳු සම්බන්ධක සැලසුම් හඳුනා ගැනීම සඳහා තියුණු ව්‍යාපාරික මනසක් අවශ්‍ය වේ. 

කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධයෙන් ඔහු මෑතක පටන් දක්වන දැඩි උනන්දුව සියලු සැලසුම්වල දැකගත හැක්කේ යැයි යමෙකුට අපේක්ෂා කළ හැකිය. ‘ඩිජිටල් ක්‍රමෝපායික සැලසුම්‘වල වැඩි කොටස මගින් මනුෂ්‍යයා විසින් පෙන්වන ස්වභාවික බුද්ධිය මත වැඩ කරමින් ඒවා ක්‍රියාවට නැංවීම යෝජනා කෙරෙයි. ටෙස්ලර් සිද්ධාන්තය මෙසේ කියයි. ‘‘කෘත්‍රිම බුද්ධිය යනු, මෙතෙක් කර නැති සියල්ලයි.“

50 දශකයේ ස්ථානගත වී සිටි පසුපස අසුනින් ඉදිරිපස අසුනට පැමිණ සිටින ක්‍රෘතිම බුද්ධිය විසින් මේ වන විට අන්තර්ජාතික ව්‍යාපාරවල ගාමක බලය බවට පත්ව තිබේ. මයික්‍රොසොෆ්ට් සහ අලිබබා සමාගම් විසින් නිර්මාණය කර තිබෙන AI මොඩල දෙකම ස්ටැන්ෆෝඩ් සරසවියේදී සිදුකරන ලද කියවීම සහ අවබෝධය පරීක්ෂණයේදී මනුෂ්‍යයාට වඩා ඉහළ ලකුණු ලබාගෙන තිබේ. පුදුමයක් නැත. AI මේ සියල්ලේම කේන්ද්‍රයේ ස්ථානගත වී සිටියි. 

ඇසිය යුතු සැබෑ ප්‍රශ්නය

තවද මෙම සැලසුම් ආර්ථික බාධක ජය ගැනීම සඳහා පමණක් නොවේ. ඇතැම් විට සමාජයීය ප්‍රතිඵලයන් අත්පත් කර ගැනීම පූර්වාදර්ශය බවට පත් වේ. මේ සඳහා හොඳ උදාහරණයක් වන්නේ යෝජිත බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වේ. අනවශ්‍ය ලෙස රඳවාගෙන සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව අඩු කිරීම එමගින් ඉලක්ක කරයි. සිරකරුවන් විසින් වර්ධනය කර ගනු ලබන කුසලතා මත ඔවුන්ගේ දඬුවම් ලිහිල් කෙරේ. සෑම සිරකරුවෙකුම බන්ධනාගාරයෙන් පිටත් ව යන්නේ වැඩිදුර ඉගෙන ගත් පුද්ගලයෙකු ලෙස ය. 

දළ ජාතික නිෂ්පාදනය ඩොලර් 8000 දක්වා ඉහළ නැංවීම ? හොඳයි.. මෙය අමාත්‍ය කාර්යාලය වෙතින් භාණ්ඩාගාරය වෙත ආ යුතු සැලසුමකි. ධම්මික පෙරේරා එක් අංශයක් වෙත පමණක් අවධානය යොමු කරනවා නොවේ. කාර්මික, සේවා සහ කෘෂිකර්මය යන අංශ ත්‍රිත්වයේම වටිනාකම තෙගුණ කිරීම (මෙය මා ඔහු සමග එකඟ නොවන එක් කරුණකි) ඔහුගේ සැලසුමයි. 

හිටපු ආයෝජන මණ්ඩල සභාපතිවරයා අන්තර්ජාතික ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම ගැන සියල්ල දන්නේ යැයි අපි සිතමු. ඒ අනුව මෙය නිවැරදි වාතාවරණය බිහිකිරීමේ අභියෝගයකි. එය සිදු කර ඇති ප්‍රමාණයට වඩා වැඩි කර කීම පහසු ය. අන්තර්ජාතික වශයෙන් විශේෂ ආර්ථික කලාප විසින් සැබෑ වෙනසක් සිදු කර තිබේ. ඔබ එතරම් දුර යාමට අවශ්‍ය නැත. තමිල්නාඩුවේ පෝක් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන දේ මෙයයි. එහි නූතනකරණය කළ ප්‍රතිවලිතයක් සිදු කළ නොහැක්කේ ඇයි?

අවසාන වශයෙන්, සමස්තයක් ලෙස සැලකීමේදී ප්‍රශ්නය වන්නේ ධම්මික පෙරේරා ජනාධිපති වේ ද නොවේද යන්න නොවේ. දිනන්නේ කවුද යන්න ද නොවේ. ප්‍රශ්නය වන්නේ වසර 2025 දී අපට සිටින්නට අවශ්‍ය කොතැනකද යන්නයි. සියලු ජනාධිපති අපේක්ෂකයන් අතරින් අවම වශයෙන් අදහසක් හෝ පවතින්නේ ධම්මික පෙරේරා හට යැයි මම අනුමාන කරමි. ‘මධ්‍යම ආදායම් උගුල‘ බොහෝ දෙනෙකුට තේරුම් ගත නොහැකි සංකල්පයක් ද නොවේ. එම වාතාවරණය තුළ ඔහු නිසැක වශයෙන්ම තමන්ගේ සලකුණ තබනු ඇත. 

විද්වතෙක් , ප්‍රතිපත්ති පර්යේෂකයෙක් සහ ස්වාධීන විශ්ලේෂකයෙකු වශයෙන් සැලකෙන චානුක වත්තේගම විසින් ඩේලි මිරර් පුවත්පතට ලියන ලද Presedential Election 2020: Dhammika Perera - A Man And a Plan ලිපියේ අනුවාදයේ අවසන් කොටස මෙහි පළ වේ.

පෙර ලිපි-

ධම්මික පෙරේරා - අනාරාධිතයෙකුගේ අනපේක්ෂිත ආගමනය -1 කොටස

ධම්මික පෙරේරා - අනාරාධිතයෙකුගේ අනපේක්ෂිත ආගමනය -2 කොටස