වෙනිසියුලාවේ සිදුවන්නේ කුමක්ද?

වෙනිසියුලාවේ සිදුවන්නේ කුමක්ද?

2 July 2019 05:30 pm

වෙනිසියුලාව යනු ඛනිජ තෙල් හා රත්‍රන් නිධි බහුල දකුණු ඇමෙරිකාවේ විශාල රටකි. හියුගෝ චාවේස් ගේ එක්සත් සමාජවාදී පක්ෂය එරට බලයට ඒමට පෙර වෙනිසියුලාව යනු ඇමෙරිකානු ආධිපත්‍යට යටවූ රාජ්‍යයකි. චාවේස් වැනි නිර්භය නායකත්වයක් විසින් එරට ඇමෙරිකානු සමාගම් මත රැඳී තිබුණු ඛනිජ තෙල් ව්‍යාපාරය ජනසතු කළේය. එය වියට්නාමයෙන් පසුව ඇමෙරිකාව රිදවූ අතුල් පහරක් ලෙස සැලකේ. කෙසේ නමුදු චාවේස් ගේ ජනප්‍රියත්වය හමුවේ ඇමෙරිකානුවන් දියත්කල සියලු කුමන්ත්‍රණ අඩපණ වූ අතර, අවසානයේ චාවේස් පිළිකා එන්නතකින් මරා දැමීමට සීඅයිඒ සංවිධානය සමත් විය. චාවේස් ගෙන් ගිලිහුණු ධජය සියතට ගත ඔහු ගේ අනුප්‍රාප්තිකයා වූ නිකොලෙයි මදුරෝ එරට ජනතාව ප්‍රජාතන්ත්‍ර මැතිවරණ දෙකකින් ජයග්‍රහණය කරවා එරට පාලනය භාරදුන්නේය. චාවේස් ගේ මග ගනිමින් එරට පාලනය ගෙන ආ මදුරෝ ඉතිහාසයේ වෙනිසියුලාව මුහුණ දෙන ගැඹුරුම අර්බුදයට මේ වන විට මුහුණ දෙමින් සිටියි.

ඇමෙරිකානු පෙන්ටගනය හා ධවල මන්ධිරය එක්ව වෙනිසියුලාව ආර්ථිකමය වශයෙන් ඔත්පල කිරීමේ කුමන්ත්‍රණයක් දියත්කල අතර, එමගින් ලෝක තෙල් නිෂ්පාධනයේ ඉහලම පංගුවක් නියෝජනය කරන වෙනිසියිලානු තෙල් අපනයට බෙහෙවින් බාධා එල්ල කළේය. තෙල් ආර්ථිකයක් මත යැපුණු වෙනිසියුලාව එතැන් සිට උද්දමනය ඉහල ගිය අතර, ඉන් වාසි ගනිමින් එරට විපක්ෂය නියෝජනය කල පුර්ණ ඇමෙරිකන් රූකඩයක් වූ Juan Guaidó හරහා ජනතාව උසි ගැන්වීමේ බලය වෙනුවෙන් දියත් වූ පටු අවස්ථාවාදී ක්‍රියාදාමය ආරම්භ කළේය. ඔහු පිටුපස ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේ පෙනි සිටින්නේ ඇමෙරිකානු දේශපාලන නායකත්වයයි. වෙනිසියුලාවේ දේශපාලන අර්බුදය උත්සන්න කිරීමට එරට විපක්ෂය කටයුතු කල අතර, ඇමෙරිකානුවන් ඕනෑම රටක් බිලි ගැනීමට පෙර අර්බුධය මතු කිරීමට මානන දේශීය බලවේගය වශයෙන් එරට ජුවාන් ගයිඩෝ ගේ නායකතත්වයෙන් යුත් විපක්ෂය පිළිකුල් සහගත ලෙස උපයෝගී කරගන්නා ලදී. පසුගිය නත්තල් සමයේදී අති බහුතරයක් වූ කතෝලික ජනයා උසි ගැන්වීම සඳහා එරටට ආනනයන කරන ඌරු මස් වලට පවා සම්බාධක පැනවීමට ඇමෙරිකාව කටයුතු කළේය.

අද වන විට එරට අගනුවර වන කර්කාස් හි තැනින් තැන රජයට එරෙහිව ප්‍රචණ්ඩක්‍රියා උත්සන්න කල අතර , එරටට එරෙහිව ඇමෙරිකාව පැනවූ ආර්ථික සම්බාධකයන්ද ඒ හා සමාන්තරව උත්සන්න කර ඇත. ආර්ථික සම්බාධක හා තෙල් අපනයනට කල බලපෑම මත එරට ආර්ථිකය කඩා වැටි ඇත. අත්‍යාවශය ද්‍රව්‍ය වල මිල ඉහලගොස් ජන ජීවිතයට මහත් බලපෑමක් එල්ල කර ඇති අතර, සාමාන්‍ය ජනයා මෙම කුමන්ත්‍රණය නිවැරදි ලෙස වටහා ගෙන ඇති බවක් නොපෙනෙන්නේ සියලු ප්‍රතිරෝධය රජයට මුදාහැරිම තුලිනි. මෙම අර්බුධකාරී තත්වය සත්‍යව වශයෙන්ම එරටට නිර්මාණය කරනු ලැබුවේ ඇමෙරිකානු බලලෝභී උවමනාමත ඇමෙරිකානු පාලනය විසිනි.

එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ එතෙක් එරට පාලනය කල එක්සත් සමාජවාදී පක්ෂය ගෙන ආ ජනතාවාදී වැඩ පිළිවෙල විනාශ කර දමමින් , එරට ඛනිජ තෙල් හා රත්‍රන් හූරා කෑමට අවශ්‍ය ඇමෙරිකන් ගැති රූකඩයක් බලයට ගෙන ඒමටය. මෙවැනි තත්වයක් අභිමුව සිටින අප වැනි රටකට වෙනිසියුලාවේ සිදුවන ඇමෙරිකානු කූට ප්‍රයත්නය තුලින් බොහෝ පාඩම් උගත හැකිය. රටක් තුල අර්බුදයක් නිර්මාණය කර, එම අර්බුදය රටවැසියාගෙන් තෝරාගත් පිරිසක් හරහා ක්‍රියාත්මක කර අවසානයේ එම රට විනාශ කර දමා සියලු සම්පත් කොල්ලකෑම මේ වන විට ඇමෙරිකානු දේශපාලන හා යුධමය න්‍යාය පත්‍රය වී ඇත.

මේ වන විට වෙනිසියුලාවේ පාලනයට සහය පළකරමින් චීනය, රුසියාව, තුර්කිය, කියුබාව, ග්‍රීසිය පෙරට පැමිණීම ඇමෙරිකානුවන්ගේ කුමන්ත්‍රණ යම් තරමකට අඩාල කිරීමට සමත්ව ඇත. රුසියානු ජනපති පුටින් එරට හමුදා ඛණ්ඩයක්ද මේ වන විට වෙනිසියුලාවට පිටත් කොට ඇත.

 

(උපුටා ගැනීමකි)