කුමරිය ඩොලර් මිලියන 31 රැගෙන පලායයි!

කුමරිය ඩොලර් මිලියන 31 රැගෙන පලායයි!

1 July 2019 06:00 pm

සාමාන්‍ය ගැහැණියක් මෙසේ තම ස්වාමියා අතහැර පලායාම රාඡතන්ත්‍රික අර්බුදයකට හේතු නොවනු ඇත. එය ඉපැරනි ග්‍රීසියේ හෙලන් කුමරිය ට්‍රෝයි පුරවරයේ පැරිස් කුමරා සමග පලායාම නිසා ඇය නැවත ග්‍රීසියට ගෙන ඒමට ට්‍රෝයි පුරවරය සමග පුරා වසර ගණනාවක් රටවල් යුධ වැදුනාක් මෙනි. මින් අරාබි ලෝකය කැළඹෙනු නියතය. මෙ‍‍සේ පළා ගොස් ඇත්තේ ඩුබායි සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ප්‍රකෝටිපති පාලක මොහමඩ් බින් රෂීඩ් Mohammed bin Rashid කුමරුගේ බිරිදය. ඇය ලෝකය හදුන්වන්නේ Haya Al Hussein කුමරිය ලෙසය. ඇය ඡෝර්දානයේ හුසේන් රඡුගේ ඥාති සොයුරියකි. එමෙන්ම ඇය දක්ෂ රංගන ශිල්පිනියකි. කෙසේ වුව මෙය ලෝකයට ප්‍රකාශයට පත්වෙන්නේ සිය ස්වාමියාගේ තාඩන පීඩන වලින් හා පුරුෂ ආධිපත්‍යෙයන් මිදී ගිය නිදහස් ගැහැනියකගේ කතාවක් ලෙසිනි. වැඩවසම් යුගයේ සිට නූතන යුගයට පැමිණිමට සාර්ථක උත්සාහයක් ගත් හා එය සපල කරගත් ගැහැණියකගේ කතාවක් ලෙසිනි.

ඇය පළා යන විට සිය පුතු හා දියණියද රැගෙන ගිය බව තහවුරු නොකල ආරංචි මාර්ග කියා සිටී. තහවුරු කල ආරංචි මාර්ග කියා සිටින්නේ සිය ස්වාමියා වු මොහොමඩ් බින් රෂිඩ් සතු මුදලෙන් ඇය ඇමෙරිකානු ඩොලර් මිලියන 31 ද රැගෙන ආ බවයි. කුමරිය පවසන්නේ ඒ මුදල තමාට නිදහස් ඡිවිතයක් ගත කිරීමට ප්‍රමාණවත් බවයි.

බ්‍රිතාන්‍ය යේ සන් පුවත්පතට අනුව දැන් ඇය රැකවරනය ලබන්නේ බ්‍රිතාන්‍ය රාඡතන්ත්‍රීකයන්ගේ ආරක්ෂාව මැද ලංඩනයේය. කෝපයෙන් සිය ටුවිටර් ගිනුම හරහා බ්‍රිතන්‍යයට චෝදනා කරන එමීර් පාලකයා කියා සිටින්නේ එය තමාට කල පුද්ගලික අපහාසයක් සේ සළකන බවයි. එබැවින් ඔහු මෙසේ අසයි, 

"බ්‍රිතාන්‍ය ඔබ කාර්යබහුල වන්නේ කා වෙතටද !!!" 

69 හැවිරිදි ෂෙයික් මොහොමඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප සභාපති සහ අගමැති මෙන්ම ඩුබායි එමීර් රාජ්‍යයේ නායකයා ද වේ. ඔහුගේ වටිනාකම ඩොලර් බිලියන 9 ක් යැයි විශ්වාස කෙරේ.

ෂෙයික් වරයාගේ දියණියක වන 33 හැවිරිදි ලතීෆා බින්ට් මොහොමඩ් මක්ටූම් මීට පෙර මාළිගයෙන් පලා ගොස් සිටියදී ඉන්දියානු වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක සිට අල්ලා ගැනීමට ෂෙයික්වරයාගේ පුද්ගලික හමුදාව සමත්විය. එතැන් සිට ඇය ගැන කිසිදු තොරතුරක් නැත. සිය පියාගේ අත්අඩංගුවට නැවත පත්වීමට පෙර ලතීෆා කුමරිය පැවසුවේ ඩුබායි මාළිගාවෙිදී ඇගේ පියා ඇයව අපයෝජනයට ලක්කල බැවින් බ්‍රිතාන්‍යට පලා යාමට තමාට බල කළ බවයි. එහෙත් ඇගේ තැත වැරදී ගියේය. එය වැරදී ගිය නිසා මානව හිමිකම් කණ්ඩායම් කියා සිටින්නේ ඇය නැවතත් ඩුබායි හි වහල්භාවයේ සිටින බවයි.

(උපුටා ගැනීමකි)