වඳ කතාවේ ඔබ නොදැන සිටි සහතික ඇත්ත

වඳ කතාවේ ඔබ නොදැන සිටි සහතික ඇත්ත

18 June 2019 08:03 pm

ලෝකයේ සත්ව කොට්ඨාශ දිනෙන් දිනම විවිධ හේතු නිසා වඳ වෙමින් පවතිනවා. එත් මිනිසුන්ගේ වඳ වීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ඇසෙන්නේ වෙනම මානයකින්. එය 'එක ජනවර්ගයක් විසින් තව ජනවර්ගයක් වඳ කරනවා' යන මතභේදාත්මක දේශපාලනික කතාබහකින්. 2004 දෙසැම්බර් 26 ශ්‍රී ලංකාව එදා මෙදා තුර සිදු වූ විශාලතම ස්වභාවික ආපදාවට මුහුණ දුන්නා. සුනාමි ව්‍යවසනය සිදුවන විට ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සන්නද්ධ අරගලයක් පැවතුණා. එහෙත් සුනාමිය විසින් සතුරා කවුද, මිතුරා කවුද යැයි බැලුවේ නැහැ. නමුත් මිනිස් වර්ගයාගේ නියත වඳ වීම අත ළඟ බව අපට තවමත් වැටහීමක් නැහැ. ඒ එය සුනාමිය ලෙස එක විට පැමිණෙන්නේ නැති නිසා. එනිසා ඒ පිලිබඳ අපට තැකීමක්ද නැහැ. සියලු ජනවර්ග වඳ වී යෑමට නියමිතයි. මුළු ලෝකයේම. සියලු මිනිසුන් වඳ වී යෑමට නියමිතයි. එය වෙන ග්‍රහ ලෝකයක කුමන්ත්‍රණයකින් නොවේ. මිනිසාගේම දීර්ඝ කාලීන ක්‍රියාවන්ගේ ආදීනව හේතුවෙන්.

ජූනි 5වන දිනට යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් අප ගෝලීය උණුසුම හා දේශගුණික විපර්යාසයන් පිලිබඳ කෙටියෙන් කතා කළා. මිනිසාගේ විනාශය, ලෝකයේ අවසානය නුදුරේ බව අප කතා කළා. ඒ ගෝලීය උණුසුම හේතුවෙන් මතුවන දේශගුණික විපර්යාස හේතුවෙන්. ගෝලීය උණුසුම පිලිබඳ අවම දැනුමක් ශ්‍රී ලාංකිකයන්ට තිබුණද දේශගුණික විපර්යාසයන් පිලිබඳ දැනෙන්නට පටන් ගෙන තිබෙනවා. අධික උණුසුම හා අධික වර්ශාපනය වැනි ආන්තික කාලගුණික තත්ත්වයන් අප මෑතක සිට වසර ගණනක් අත්දකිනවා. ඉඩෝරය, ගංවතුර, නාය යෑම් නිසා ලාංකිකයන් වෙන කාලයන්ට වඩා අද පීඩා විදිනවා. බැලූ බැල්මට එකකට එකක් වෙනස් ලෙස පෙනුනද මේ සියල්ලන්ම එකම චක්‍රයක අතුරුඵලයි. එම නිසා මේවා එකින් එක වෙන් වෙන්ව ගෙන මෙම ලිපිය මඟින් කතා කිරීමට අප සිතුවා.

 

කාලගුණය යනු කුමක්ද?

කාලගුණය යනු කෙටි කාලයක් තුළ දේශීයව සිදුවන වායුගෝලීය තත්වයන් ය. එය මිනිත්තු ,පැය හෝ දින කිහිපයකට බලපැවැත්වෙන තත්ත්වයන්ය. උදාහරණයක් ලෙස වැස්ස, සුළඟ, හිම, වලාකුළු, ගංවතුර හෝ ගිගුරුම් සහිත වැසි ගත හැක.

 

දේශගුණය යනු කුමක්ද?

දේශගුණය දීර්ඝකාලීනව කලාපයකට හෝ ගෝලීයව සෘතු, අවුරුදු හෝ දශක ගණනාවකට පවතින සාමාන්‍ය උෂ්ණත්වය, ආර්ද්‍රතාවය සහ වර්ෂාපතන රටාවන්ය.

 

ගෝලීය උණුසුම යනු කුමක්ද?

ගෝලීය උණුසුම යනු 20 වන සියවසේ මුල් භාගයේ සිට පෘථිවිය දිගු කාලීනව උණුසුම් වීමයි. විශේෂයෙන්ම 1970 ගණන්වල අග භාගයේ සිටම කාර්මික විප්ලවය පටන් පොසිල ඉන්ධන දහනය වැඩිවීම පෘතුවි උණුසුම ඉහළ යෑම සැලකේ. 1880 සිට 20 වන සියවසේ මැද භාගයට සාපේක්ෂව (1951-1980) ලොව පුරා සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය 1 ° C (2 ° F පමණ) කින් ඉහළ ගොස් ඇත. මෙය 1750 සිට 1880 දක්වා කාලය තුළ අතිරේකව 0.15 ° C ක පමණ උණුසුම් වීමකි. එම නිසා ගෝලීය උණුසුම ඉහළ යාමට ප්‍රධානතම හේතු සාධකය වන්නේ මිනිස් ක්‍රියාකාරකම්. මිනිසා විසින් මිනිසාටම අටවා ගත් උගුල ගැන වෙනම පොස්ටුවකින් කතා කරමු.

 

කාර්මික විප්ලවයෙන් පසු දේශගුණික විපර්යාස යනු කුමක්ද?

දේශගුණික විපර්යාස යනු පොසිල ඉන්ධන දහනය කිරීමෙන් ප්‍රධාන වශයෙන් නිර්මාණය වූ පුළුල් පරාසයක ගෝලීය දේශගුණික තත්ත්වයන්ය. එමඟින් පෘථිවි වායුගෝලයට 'හරිතාගාර වායූ' (තාප උගුල්) එකතු කරයි. එවිට ගෝලීය උෂ්ණත්වය සදහන් කළ ආකාරයට ඉහළ යයි. මුහුදු මට්ටම ඉහළ යෑම, ලොව පුරා ග්‍රීන්ලන්තය, ඇන්ටාක්ටිකාව, ආක්ටික් සහ කඳු ග්ලැසියරවල අයිස් ස්කන්ධය නැතිවීම; මල් / ශාක පිපෙන වෙනස්වීම්; සහ ආන්තික කාලගුණික සිදුවීම් (කලාපීය වර්ෂාපතන වෙනස්කම් සිදු වීම, ඉහළ තාප තරංග වැනි) මෙමඟින් ඇති වේ. දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිවිපාක වෙනම පෝස්ටුවකින් බලාපොරොත්තු වන්න.

 

'හරිතාගාර වායූ' (තාප උගුල්) යනු කුමක්ද?

19 වන සියවසේ මැද භාගයේදී කාබන් ඩයොක්සයිඩ්, ක්ලෝරෝෆ්ලෝරො කාබන් සහ අනෙකුත් වායූන්ගේ තාප උගුලේ ස්වභාවය පෙන්නුම් කරයි. සූර්යයාගෙන් ලැබෙන අහිතකර අධෝරක්ත ශක්තිය ගෝලීය වායුගෝලයට උරා ගැනීමට ඒවාට හැකියාව ඇත. කාබන් ඩයොක්සයිඩ් සහ අනෙකුත් හරිතාගාර වායුවල අණු මෙම දිගු තරංග විකිරණය නැවත පෘථිවි පෘෂ්ටය දෙසට මුදා හරින විට එහි ප්‍රතිලය අධික උණුසුමයි. මානව කාබන්ඩයොක්සයිඩ් (වායුගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයට අමතරව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ්) මුදා හැරීම ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට ප්‍රධානතම හේතුවයි.

ඉදිරියේදී මේ සියළු සිද්ධීන් ලංකාව ඇතුළු මුළු ලෝකයටම දීර්ඝ කාලීනව බලපාන ආකාරය පිලිබඳ කතා කරමු.

දේදුනු සංවාද