වැටුප් ප්‍රශ්නය මැද දළු නෙළීමේ තරඟ!

වැටුප් ප්‍රශ්නය මැද දළු නෙළීමේ තරඟ!

13 February 2019 05:43 pm

තේ වතු ආශ්‍රිතව වැඩ කරන වතු කම්කරුකරු කාන්තාවන්ව දිරි ගැන්වීම සඳහා සහ ඔවුන් තවදුරටත් තේ කර්මාන්තයේ රැකියාවල රදවා ගැනීම සදහා තේ වතු සමාගම් විසින් තේ දළු නෙලීමේ තරඟ පවත්වමින් විවිධ වැඩ සටහන් දියත් කර තිබේ.

 මෙම වැඩසටහනට සමගාමීව කැළනිවැලි සමාගමට අයත් බගවන්තලාව රොබ්ගිල් වත්තේ වතු කම්කරු කාන්තාවන් අතර තේ දළු නෙලිමේ තරගයක් පවත්වා එම තරඟයෙන් ජයගත් වතු තම්කරු කාන්තාවන්ට තෑගී මුදල් සහ පදක්කම් පැළද විමේ වැඩසටහනක් එම වතු යායේ වතු අධිකාරි ඉන්ද්‍රගාලි ආරච්චි ප්‍රධානත්වයෙන් අද (13) එම වතුයායේදි පැවැත් විණි.

එම වතු යායේ හොදින් තේ දළු නෙළන වතු කම්කරු කාන්තාවන් 9 දෙනෙකු තෝරාගෙන තේ වත්තේ හොදින් තේ දළු වැඩුණු ඉඩමක විනාඩි 30 ක කාලයක් තුළ ප්‍රමිතියට අනුව වැඩිම තේ දළු නෙළන කාන්තාවන් තිදෙනා තෝරා තෑගී මුදල් සහ පදක්කම් පිරිනැමීම සිදු කරනු ලැබීය.

මෙම තරගයේ පළමු ස්ථානය එම වතුයායේ එස්.කමලේෂ්වරි විසින් හිමි කරගත් අතර ඇය විසින් විනාඩි 30 ක කාලයක් තුළ අමු තේ දළු කිලෝ 4 ග්රුම් 380 ක් නෙලාගනිමින් ලකුණු 94 ක්ද ලබාගත් අතර, දෙවන ස්ථානය කිලෝ 3 ග්රුම් 850 නෙලා ගනිමින් ලකුණු 93.66 හිමිකරගත් එස්.මංජුලා විසින් දෙවන ස්ථානය දිනාගත් අතර තෙවන ස්ථානය එම වතුයායේ එස්.තෙයිවානේ විසින් කිලෝ 4 නෙලා ගෙන ලකුණු 93.11 ලබාගනිමින් තෙවන ස්ථානය හිමිකරගෙන ඇත.

මෙම තරගයෙන් ජයග්‍රහනය කළ තිදෙනාටම මුදල් තෑගී ලබාදුන් අතර පළමු ස්ථානය ලබා ගත් එස්.කමලේෂ්වරී ඇතුළු පවුලේ සැමට එක් දිනක් තුළ දිවයිනේ ඕනැම ස්ථානය සංචාරය කිරීමට අවශ්‍යය මුල්‍ය අනුග්‍රහය දැක්වීමට වතු පාලන අධිකාරිය කටයුතු කර තිබුණි.

මෙම තරගාවලිය මේ වසරේ අවසන් කාර්තුවේදි අන්තර් වතු සමාගම් අතර පැවැත්වීමට තේ වතු සමාගම් තිරණය කර ඇත.

අද පැවති මෙම තරගය එම වතු යාය තුළදි අති උත්කර්ෂවත් අන්දමින් සැමරූහ.

චමත් කාවින්ද - හැටන්

tea 01

tea 02

tea 03

tea 04

tea 05

tea 06

tea 07

tea 08

tea 09

tea10

tea 11