පුත්තලම, කල්පිටිය, ඉලන්තිඅඩිය රජයේ සිංහල විද්‍යාලයේ අඩක් නිම කර තිබූ ගොඩනැඟිල්ලේ වැඩ අවසන් කර පාසලේ අයිතියට පැවරීම පසුගියදා සිදු කර තිබේ.
ඒ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඒ.ඩී. චම්පිකා ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
මෙම ගොඩනැගිල්ල මහල් කිහිපයකින් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර බිම් මහලේ කටයුතු රුපියල් ලක්ෂ 30ක වියදමින් සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කිරීම විදුලිබල මණ්ඩලයේ ප්‍රතිපාදන යටතේ ලක්විජය ගල් අඟුරු බලාගාරය මගින් සිදු කර ඇත.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි හා පාසැලේ විදුහල්පතිවරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් පිරිසක් එක්ව තිබේ.
CR
{gallery}Ilanthiadiya schhol{/gallery}
2019-12-12 22:07:00
2019-12-12 20:36:00
2019-12-12 20:08:00
2019-12-12 19:00:00