පුත්තලම මූලික රෝහලේ වාට්ටූ අංක 08 හි ප්‍රසව ඒකකය පූර්ණ අළුත්වැඩියාවකින් පසුව මහජනතාව සඳහා විවෘත කිරීම පසුගියදා සිදු කර තිබේ.
ඒ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
පළමු අදියර යටතේ මෙම වාට්ටුවේ වහළය, වැසිකිළි පද්ධතිය හා බිත්ති කොටසක් නවීකරණය කිරීම සිදු කර ඇත.
ඒ් සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 25 කට ආසන්නයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිපාදන යටතේ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය මගින් මීට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේ.
මේ අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, රෝහලේ අධිකාරීවරයා ඇතුළු පිරිසක් එක්ව ඇත.
CR
{gallery}puttalam - hospitel{/gallery}
2019-12-12 22:07:00
2019-12-12 20:36:00
2019-12-12 20:08:00
2019-12-12 19:00:00
2019-12-12 18:31:00