තෘෂ්ණා රසයේ තල්මස් ලේ විල (ඡායාරූප)

තෘෂ්ණා රසයේ තල්මස් ලේ විල (ඡායාරූප)

3 June 2019 04:36 am

ඩෙන්මාර්කයට අයත් ෆාරෝ දූපත් කොදෙව්වේ තොර්ෂ්වාන් මුහුදු බොක්ක බලා සිටියදී ලේ කඳක් බවට පත්විය.

උදා වී තිබුණේ නොමිනිසුන් කැළක් විසින් නීල සයුරේ දැවැන්තයන් - තල්මසුන්ව සහ නීල සයුරේ මිනිසාට වඩාත්ම හිතවත් අහිංසකයා වන ඩොල්ෆින්ලාව හොය හොයා මරා දමන මූසල දිනයයි.

ෆාරෝ කොදෙව්වාසීන් මේ ගැන කීවේ කුමක්ද? එය ’natural part of life’ ජීවිතයේ ස්වභාවික කොටසක් කියා ය! තල්මස් මාළු සහ තල්මසුන්ගේ තෙල් මන්ද (blubber) එකී දූපත් වාසීන්ගේ ආහාර වේලේ අත්‍යාවශ්‍ය අංගයක් බව ද ෆාරෝ දූපත් කියා තිබේ.

ෆාරෝ දූපත්වලට උදා වී තිබෙන්නේ ගිම්හානයයි. එළඹෙන ශීත සෘතුවට තමන්ට තල්මස් හා ඩොල්ෆින් මස් උවමනාව බව ඔවුහු කියති. සෑම ගිම්හානයකදීම මේ වෙරළ කරා ඇදී එන පයිලට් වර්ගයේ තල්මසුන් 800 දෙනෙක් පමණ මේ අන්දමින් සිත් පිත් නැති ලෙස මරා දැමෙන්නේ දිගු කලෙක පටන් ය. මුළු ලෝකයම ගල් ගැසී බලා සිටියත්, මුළු ලෝකයම ඔවුන්ට එරෙහිව අවි අමෝරා ගත්තත් මේ භීෂණය අවසන් වන පාටක් නැත.

Scribble
Scribble

ඊයේ දිනය වන විට පයිලට් වර්ගයේ තල්මසුන් 145 දෙනෙක් සහ සුදු පාට ළපැත්තක් සහිත ඩොල්ෆින් මසුන් සත් දෙනෙක් ෆාරෝ දූපත්වලදී මරා දමා තිබේ. ජපානයේ තල්මස් දඩයම්කරුවන් සිය දඩයම සාධාරණීකරණය කරන්නේ ‘විද්‍යාත්මක පර්යේෂණ‘ සඳහා තල්මසුන් මරා දැමිය යුතු බව‘ කියමිනි. ඒ අනුව ෆාරෝ දූපත්වාසීන්ගේ විත්තිවාචකය වන්නේ දූපත්වාසීන්ගේ ආහාර වේලට තල්මසුන් නැතිවම බැරි බවයි. ඒ අනුව තල්මසුන් පමණක් නොව දූපතේ තණබිම්වල උළා කන බැටළුවන්, වෙරළාසන්නයේ ජීවත් වන මත්ස්‍යයන් මෙන්ම තල්මසුන් ද ඔවුන්ට දඩයම් කිරීමටම සිදුවන බව කියති. මේ අතරම ඔවුහු තවත් දෙයක් කියති. ඒ නම්, තමන් විසින් දඩයම් කරන්නේ (තියුණු ආයුධවලින් ඇණ මරා දමන්නේ) ගැඹුරු දියඹේ සිට වෙරළ වෙත ඇදී එන තල්මසුන් පමණක් බවයි. නමුත් මෙම ඡායාරූපවලින් පැහැදිලිවම පෙනී යන පරිදි, තල්මසුන් ස්වභාවිකව වෙරළට ඇදී එනවා නොවේ. උන්ව බෝට්ටු යොදාගෙන වෙරළ කරා පැන්නීම සිදු කරයි.

Andrija ILIC-AFP-Getty
බෝට්ටුවලින් තල්මසුන් වෙරළට කොටු කරන අන්දම | Andrija ILIC-AFP-Getty

Andrija ILIC - AFP-Getty
Andrija ILIC - AFP-Getty

‘‘එක තල්මසෙකුගෙන් මේ ප්‍රජාවට තල්මස් මාළු කිලෝ සිය ගණනක් සහ තෙල් මන්දක් බැගින් ලැබෙනවා. එහෙම නොකළොත් අපිට සිද්ධ වෙන්නේ ඒවා පිටරටින් ආනයනය කරන්නටයි.“ යැයි ඔවුහු කියති.

Andrija ILIC - AFP-Getty
Andrija ILIC - AFP-Getty

Andrija ILIC -AFP-Getty
Andrija ILIC -AFP-Getty

Andrija ILIC -AFP-Getty
Andrija ILIC -AFP-Getty

උතුරු අත්ලාන්තික් සාගරයේ තල්මසුන් 700,000 කට වඩා ජීවත් වන බවත්, ෆාරෝ දූපත අවට සැරිසරන්නේ තල්මසුන් 100,000 ක් පමණක් බවත් ඔවුහු තවදුරටත් කියති.

Ceta Journal – Dolphins & Whales
Ceta Journal – Dolphins & Whales
තල්මසුන් මරා දැමීමට යොදාගන්නා ආයුධ කට්ටලය

‘ස්පයිනල් ලාන්ස්‘ නමැති ආයුධයක් ඔවුහු මේ දඩයම සඳහා යොදා ගනිති. එය සෑම තල්මස් දඩයක්කාරයෙකු අතම අනිවාර්යයෙන් දැකගත හැකිය. එහිදී සිදුකරන්නේ තල්මසාගේ සුෂුම්නාවට එයින් ඇන, මොළයට ලැබෙන ලේ සැපයුම නතර කිරීමයි. එමගින් තත්පර කිහිපයක් ඇතුළත අවම වේදනාවකින් තල්මසා මියයන බව ධීවරයන්ගේ මතයයි.

‘‘අපිට සාමාන්‍යෙයන් මේ වගේ ලේ පොකුණක් හදාගන්න යන්නෙ විනාඩි 15 යි!“ යනුවෙන් ද ඔවුහු පාරම් බාති. ‘‘මේක හොඳින් සැලසුම් කරලා, නීති රීති අනුව කරන දෙයක්..‘‘ යැයි ද ඔවුහු තවදුරටත් කියති. ෆාරෝ දූපතේ තල්මස් දඩයම් කරුවන් ඒ සඳහා අවසර ලබාගත යුත්තේ ‘ෆාරෝ දූපත් සත්ව සුබ සාධන සංගමය‘ හරහා ය.

මේ අතර මේ වසරේ Blue Planet Society නමැති සත්ව අයිතිවාසිකම් සංවිධානය විසින් දියත් කළ අන්තර්ජාල පෙත්සමක් හරහා ලොව පුරා 250,000කට අධික පිරිසක් මේ තල්මස් දඩයම නතර කර දමන ලෙසට ෆාරෝ දූපත් වාසීන්ට අභියාචනය කර සිටියහ. කොතරම් නීත්‍යානුකූල සහ සතුන්ට අවම විඳවීමක් සහිතව මෙහි යෙදෙන්නේ යැයි කීවද, ඒ කිසිවක් සත්‍ය නොවන බව ඔවුහු කියා සිටියහ. සෑම වසරකම නීති විරෝධී අන්දමින් සහ අති අමානුෂික අන්දමින් 100,000 කට අධික ඩොල්ෆින් මසුන් සහ කුඩා තල්මසුන් ප්‍රමාණයක් මේ අන්දමින් මරා දමන බව ද ඔවුහු පෙන්වාදුන්හ.

මේ අතර, දූපත් වාසීන්ගේ ආහාර වේල පිළිබඳ වසර ගණනාවක පටන් පර්යේෂණවල නිරත වී සිටින ආචාර්ය ෆාල් වෙයිහේ අසාමාන්‍ය සොයාගැනීමක් ද කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ අධික ලෙස තල්මස් මාළු ආහාරයට ගැනීම නිසා කොදෙව්වේ අලුත ඉපදෙන බිළිඳන්ගේ ශරීරවල රසදිය මට්ටම ඉහළ ගොස් ඇතිබවයි. තල්මස් මාළු විෂවීමේ අවදානමක් ද පවතින බව ඔහු පෙන්වා දෙයි. රුධිරගත රසදිය මට්ටම ඉහළ යාම සහ, ගර්භනී සමයේ දූපත් මව්වරුන් විසින් ආහාරයට ගන්නා තල්මස් මාළු ප්‍රමාණය අතර දැඩි සම්බන්ධතාවක් පවතින බව ද ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

නමුත් තෘෂ්ණා රසය මේ හැම කතාවකටම වඩා ප්‍රබල ය. ඉදිරි දින වලදී ෆාරෝ දූපත්වාසීන් තවත් තල්මසුන් සිය ගණනක් මරා ආහාරයට ගන්නවා ඇත.

- අවුට්බවුන්ඩ් ටුඩේ | www.outboundtoday.com