හම්බන්තොට හොඬවැල් පොකුණ රක්ෂිතයේ රෝගාතුරව සිටි වන අලියා මියයයි

හම්බන්තොට හොඬවැල් පොකුණ රක්ෂිතයේ රෝගාතුරව සිටි වන අලියා මියයයි

9 October 2018 02:00 pm

හම්බන්තොට හොඬවැල් පොකුණ වැව ආසන්නයේ රක්ෂිතයක් තුළ රෝගාතුරව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි වන අලියා අද (09) දින පෙරවරුවේ මියගොස් තිබෙනවා.
මෙම වන අලියා පිළිබඳව පසුගිය 05 වැනිදා හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ලැබිණි. හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින්ගේ දැනුම්දීම මත උඩවල ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරියකගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් වන අලියාට ප්‍රතිකාර කිරීම ආරම්බ කළේය.
 
ප්‍රතිකාර ලබාදෙමින් සිටි අතරතුර අද (09) පෙරවරුවේ මියගොස් තිබේ. අලියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය මාලක පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එහිදී අනාවරණය වී ඇත්තේ අලියාගේ පිටුපස දකුණු පාදයේ අස්ථි බිඳීයාමක් හේතුවෙන් අලියා රෝගාතුර වී ඇති බවයි. මෙම රෝගී තත්වය අලියාගේ මරණයට හේතුව වී ඇති බව මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
 
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
 
{gallery}Wana Ali 02{/gallery}