තවත් වන අලි තිදෙනෙක් දුම්රියේ ගැටී මරුට

තවත් වන අලි තිදෙනෙක් දුම්රියේ ගැටී මරුට

7 October 2018 04:07 am

වැලිකන්ද සහ පූනානි අතර දුම්රිය මාර්ගයේදී දුම්රියේ ගැටීම හේතුවෙන් වන අලින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

 

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ මෙම වන අලින් තිදෙනා ගැටී ඇත්තේ ඊයේ (06) රාත්‍රී 9.50ට පමණ ය.

අනතුර සිදුව ඇත්තේ වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදීය.

අනතුර හේතුවෙන් දුම්රිය මැදිරි තුනක් පීලි පැන ඇති අතර දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව ඇති බැවින් පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවා ඇත.

පසුගිය සැප්තැම්බර් 18 වනදා ද මඩකලපු දුම්රිය මාර්ගයේ හබරණ සහ පළුගස්වැව අතර ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් වන අලින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

RN

elep 01

elep 02

elep 03

ඡායාරූප ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයෙනි priyankara gamanayaka

සබැඳි පුවත් - 

හබරණ දුම්රිය ගැටුමින් මියගිය අලි සංඛ්‍යාව 5ක් ?