මන්නාරම් ඉතිහාසය වර්ණවත් කරන අලි ගස!

මන්නාරම් ඉතිහාසය වර්ණවත් කරන අලි ගස!

23 September 2018 06:30 am

මන්නාරම කියු සැණින් කාගෙත් මතකය අවදි වන්නේ එහි පිහිටා ඇති සුවිශේෂ වූ ප්‍රෞරාණික මෙන්ම ඵෛතිහාසික වැදගත්කමක් කැටී වූ විවිධ පුරාවිද්‍යාත්මක ස්ථාන කෙරෙහිය.

 

එක් පසකින් රමණිය මුහුදු තීරයකින් අලංකාර මන්නාරම තුළ ඩොරික් බංගලාව, අල්ලිරාණි කොටුව, අරිප්පු කොටුව වැනි නොයෙකුත් ස්ථාන එහි යන කාගෙත් නෙත් සිත් දනවන සුළුය. එකී විවිධ ස්ථාන වලට අමතරව ස්භාවිකව පිහිටි ජෛව විවිධත්වය මන්නරමේ සුන්දරත්වය විදහා පෑමට නිරන්තරයෙන් ඉවහල් වෙයි. එවැනි ජෛව විවිධත්වයේ සහ ශාක ප්‍රජාවගේ අපූර්වතම නිර්මාණයක් වන මන්නාරමේ පිහිටි බයෝබැබ් ගස අපට හමුවන්නේ පල්ලිමුනේ මාර්ගයේ ඇතුළට වන්නටය. එහි උස මීටර් 7.5ක් පමණ වන මෙම බයෝබැබ් ගසෙහි වට ප්‍රමාණය මීටර් 19.5ක පමණ වේ.

Tree 03

අරාබි වෙළෙන්දන් විසින් ශ්‍රී ලංකාවට බයෝබැබ් ගස (අලි ගස) ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ. 2003 වසරේ සිදුකරන ලද සමීක්ෂණයකට අනූව මෙරට අලි ගස් 40ක් පමණ තිබෙන අතර, ඉන් 34 පමණ මන්නාරමේ පිහිටා තිබේ. මින් පල්ලිමුනේ පිහිටා තිබෙන අලිගස වර්ෂ 800ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරේ. වර්තමානයේ මෙය පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් වශයෙන් නම්කර තිබේ.

දිනකට සීයකට ආසන්න පිරිසක් මන්නාරම සංචාරයේ යෙදෙන අතර, ඔවුන් ඉවක් බවක් නොතකා පරිසරයට බැහැර කරන කැළි කසල හේතුවෙන් බයෝබැබ් ශාක වටාද මෙලෙස දැඩි ලෙස කසළ පිරි ඉතිරි ඇති ආකාරයක් දක්නට ලැබේ.

මේ දිනවල බයෝබැබ් ශාකයේ පල හට ගැනීම ඇරඹී ඇති අතර, ඵලවල රස බැලීමට බූරුවන් රංචු වශයෙන් බයෝබැබ් ශාක අසල රැදි සිටින ආකාරයක් දක්නට ලැබේ.

ප්‍රියංකර කළුපහන - පුත්තලම

Tree 01

Tree 02