හබරණ දුම්රිය ගැටුමින් මියගිය අලි සංඛ්‍යාව 5ක් ?

හබරණ දුම්රිය ගැටුමින් මියගිය අලි සංඛ්‍යාව 5ක් ?

18 September 2018 07:05 am

හබරණ සහ පළුගස්වැව අතර දුම්රිය මාර්ගයේ 127 වන කිලෝ මීටර් කණුව ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් වන අලින් තිදෙනෙක්, ගැබ්බර ඇතින්නක් සහ ඇගේ පැටවා මියගොස් ඇතැයි වාර්තා වේ.

 

අද (18) අළුයම කොළොන්නාවේ සිට මඩකලපුව දක්වා ධාවනය කෙරුණු, ඉන්ධන රැගත් 493 දුම්රියේ වන අලින් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරෙන් දුම්රිය ද පීලි පැනීම නිසා අදාළ මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වී ඇති අතර දුම්රිය ධාවනය මහව දක්වා සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ ඛේදවාචකය මධ්‍යයේ ම අනතුරට ලක්ව පෙරළී තිබූ දුම්රියේ ඉන්ධන ටැංකිවලින් කාන්දු වූ ඉන්ධන ප්‍රදේශවාසීන් විසින් කඩිනමින් එක් රැස් කරගන්නා ආකාරය ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඡායාරූප - ට්විටර් සමාජ මාධ්‍ය ජාලයෙනි

RN

habarana 03

habarana 02

habarana 01