කෙසෙල්ගමුඔය වනසමින් රහසිගතව ඉදිවන පෞද්ගලික විදුලි බලාගාරය කාගේද?

කෙසෙල්ගමුඔය වනසමින් රහසිගතව ඉදිවන පෞද්ගලික විදුලි බලාගාරය කාගේද?

11 September 2018 04:03 am

බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් එල්ටොප්ස් වතුයායේ ඉදිකෙරෙන පෞද්ගලික ජල විදුලි බලාගරයක ඉදිකිරිම් සඳහා කපා ඉවත් කරන පස් කෙසෙල්ගමුඔයට මුදා හැරිම නිසා විශාල පරිසර හානියක් සිදු වෙමින් තිබේ.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් මහඑළිය රක්ෂිතයේ සිට ගලා බසින කෙසෙල්ගමුඔයට යාබදවයි මෙම පෞද්ගලික ජල විදුලි බලාගාරය ඉදිකරමින් පවතින්නේ.

බැකෝ යන්ත්‍රයක් යොදාගනිමින් එම පෞද්ගලික ජල විදුලි බලාගාරයේ ඉදිකිරිම් කටයුතු සදහා කපා ඉවත් කරන පස් අලුයම් කාලයේ ඉතා සුක්ෂම ලෙස එම ඉදිකිරිම් සිදු කරන අය විසින් කෙසෙල්ගමුඔයට මුදා හරින බව ද ප්‍රදේශවාසීන් පවසයි.

එම ජල විදුලි බලාගාරය ඉදිකරන ස්ථානය සිට කාසල්රි ජලාශය දක්වා කිලොමිටර් 15 පමණ දුරක් කෙසෙල්ගමුඔයේ ජලය ගලා බසින අතර පවත්නා පරිසර විනාශය හේතුවෙන් ඔයේ ජලය බොර පැහැයෙන් ගලා බසින බවයි එම ජනතාව සඳහන් කරන්නේ.

 

මේ දිනවල මධ්‍යම කඳුකරයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ ඔයේ ජල මට්ටම ද පහළ බැස ඇති බවත්, ඔයේ ජලය බොර පැහැයෙන් ගලා බැසීම හේතුවෙන් එම ඔයේ ජලය දිනපතා පරිහරණය කරන තමන් දැඩි අසිරුතාවයට පත් වි සිටින බවත් ඔවුහු ප්‍රකාශ කරති.

මෙම පරිසර විනාශය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.සි ධර්මප්‍රිය මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු කියා සිටියේ වහාම ඒ පිළිබඳව සොයා බලන බවයි.

චමත් කාවින්ද - හැටන්

kaslri 01

kaslri 02

kaslri 04