මාව පත්කළේ පරිප්පුවලයි හාල්වලයි මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ - ජනාධිපති

මාව පත්කළේ පරිප්පුවලයි හාල්වලයි මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ - ජනාධිපති

23 October 2021 02:33 pm

රටේ ජනතාව තමාව ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නම් තමන්ගෙන් වැඩක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, සියයට සියයක් කාබනික ගොවිතැන ඔස්සේ වගාව සාර්ථක කරගත් ගොවිපොළක් නිරීක්ෂණය කිරීම සඳහා අද (23)  උඩුබැද්දාව බුන්නැහැපොළ වෙත ගොස් සිටි අවස්ථාවේදීය.

තමන්ව පත්කර ඇත්තේ පරිප්පු,සහල් වල මිල තීරණය කිරීමට වැඩ වෙනසක් කිරීමට බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. 

"අපේ පහුගිය රජයවල් පවා මේක කරන්නට උත්සහය අරගෙන තියෙනවා. මේක අමාරු කාර්යයක්. අවුරුදු 30ක් විතර, මගේ පරම්පරාවේ අයනම් දැකලා තියෙනවා පාරම්පරික වගාවක් කරන හැටි. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් මේ තීරණය ගත්තේ නෑ. මම විශ්වාස කරන්නේ මාව පත් කළේ නිකං පරිප්පුවල ගාන බලන්නයි හාල්වල ගාන බලන්නයි නම් මාව වැඩක් නෑ. නමුත් ඊට වඩා වෙනසක් මේ රටේ කරන්නට, විශේෂයෙන්ම මේ කෘෂි කර්මාන්තය ගැන. මම ආපු දවසේ ඉඳලා පොහොර නොමිලේ දුන්නා. නොමිලේ දුන්නේ ඇත්තටම ගොවියාගේ ජීවන තත්ත්වය වැඩි කරන්න. වී වල සහතික මිල අපි වැඩි කළා. " යනුවෙන් ජනාධිපතිවරයා තවදුරටත් අදහස් දක්වන ලදී. 

ASK 



Recommended News