කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි අපරාධ ගැන කඩිනමින් විමර්ශන කර චූදිතයින්ට දඬුවම් කළ යුතුයි - සජිත්

කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි අපරාධ ගැන කඩිනමින් විමර්ශන කර චූදිතයින්ට දඬුවම් කළ යුතුයි - සජිත්

27 July 2021 09:13 am

කාන්තාවන්ට සහ දරුවන්ට එල්ල වී ඇති හිංසන වලට එරෙහි ව පවත්නා නීති තවත් දැඩි විය යුතු බවත්, එවැනි අපරාධ වල දී කඩිනමින් අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා අදාළ චූදිතයන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පෙරේදා (25) පැවති කළුතර දිස්ත්‍රික් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගේ හමුවකට එක්වෙමින් විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය. ජීවිත සුරක්ෂිත කරන රටක් ගොඩ නැංවීම සමගි ජනබලවේගයේ ඒකායන ප්‍රාර්ථනය බවත්, ඒ වෙනුවෙන් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට කිසි විටෙකත් පසුබට නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.

RN