ජපානයේ ඔලිම්පික් නිසා ඇස්ට්‍රාසෙනිකා ගේන්න ප්‍රමාදයි. ඒත් බය වෙන්න එපා - ඇමති චන්න

ජපානයේ ඔලිම්පික් නිසා ඇස්ට්‍රාසෙනිකා ගේන්න ප්‍රමාදයි. ඒත් බය වෙන්න එපා - ඇමති චන්න

26 July 2021 07:15 am

අද වනවිට මෙරටට ලැබීමට නියමිතව තිබුණු ඇස්ට්‍රාසෙනික කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 14කට අධික ප්‍රමාණය දින කිහිපයකින් කල්ගොස් ඇති බවත් ඊට හේතුවී ඇත්තේ ජපානයෙහි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිසා ප්‍රවාහන ගුවන්යානා ප්‍රමාද වීම බවත් ඖෂධ සැපයුම් අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. 

"ජපාන රජය මගින් පරිත්‍යාගයක් ලෙස ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 1,470,000ක් ලැබීමට නියමිතයි. එය අද හෝ හෙට ලැබෙන්න තමයි මුලින් සැලසුම් කරලා තිබුණේ. නමුත් ජපානයේ ඔලිම්පික් උළෙල නිසා භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන්යානාවල යම්කිසි ප්‍රමාදයක් සිදුවෙලා තිබෙනවා. ඒක නිසා තමයි මේ දින කිහිපයක ප්‍රමාදයක් සිදුවෙන්නේ. එනිසා අප ඉතාම වගකීමෙන් කියනවා බිය වෙන්න එපා, නියත වශයෙන්ම ඔබට දෙවැනි මාත්‍රාව ලබාදෙන්නට අප කටයුතු කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මේ බව පැවසුවේ ඊයේ (25) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරට ජනතාවට ලබාදීම ආරම්භ වූයේ මීට මාස පහකට පමණ පෙර වන අතර පළමු මාත්‍රාව ලබාගත් අයගෙන් ලක්ෂ පහකට අධික පිරිසකට තවමත් දෙවැනි මාත්‍රාව ලබාදීමට නොහැකි වී ඇත. 

RN