නඩුවට පෙර බැසිල් ලංකාවට. ඉන්ධන මිලත් යළි පහළට ?

නඩුවට පෙර බැසිල් ලංකාවට. ඉන්ධන මිලත් යළි පහළට ?

19 June 2021 05:52 am

පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාවට ගොස් සිටින බැසිල් රාජපක්ෂ මහතා ජුනි 28 වනදාට පෙර අනිවාර්යයෙන්ම යළි මෙරටට පැමිණෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි. 

මල්වානේ නිවසක් ඉදිකිරීම පිළිබඳ නඩුව ගම්පහ මහාධිකරණය හමුවේ ජුනි 28 වනදා කැඳවීමට නියමිත හෙයින් එම නඩුවට පෙනී සිටීම සඳහා ඒ මහතා බොහෝ දුරටත් ජුනි 23 වනදා වනවිටම මෙරටට පැමිණෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

එසේ පැමිණි පසු ආර්ථික පුනර්ජීවන හා දිළිදූකම පිටුදැකීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් අදාළ අංශ සමග සාකච්ඡා කර ඉන්ධන මිල ද යළි පහළ දැමීමට ඒ මහතා කටයුතු කරනු ඇති බවත් ඒ මහතාට සමීප ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. 

පසුගිය දින කිහිපය තුළ ද රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසකුත් දැඩි විශ්වාසයෙන් ප්‍රකාශ කර තිබුණේ බැසිල් රාජපක්ෂ මහතා මෙරටෙහි සිටියේ නම් ඉන්ධන මිල මේ මොහොතේ වැඩිකිරීමට ඉඩ නොදෙනු ඇති බවකි. 

RN