කෙළින් වැඩකරනවා කියපු ලොකු සර් චීනෙට විතරක් නෙවෙයි කැස්බෑවේ ලොකුගේ සීයාටත් බයයි - උලපනේ හිමි (VIDEO)

කෙළින් වැඩකරනවා කියපු ලොකු සර් චීනෙට විතරක් නෙවෙයි කැස්බෑවේ ලොකුගේ සීයාටත් බයයි - උලපනේ හිමි (VIDEO)

5 May 2021 04:41 pm

තුනෙන් දෙකක බලයකුත් අරගෙන කෙළින් වැඩකරන බව පැවසූ ජනාධිපතිවරයා මේ වන විට චීනයට පමණක් නොව කැස්බෑවේ ලොකුගේ සීයාටත් බය බව පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ පැවසූහ.

පසුගියදා පිළියන්දල සිදුවීමෙන් එය තහවුරු වන බවයි උන්වහන්සේ පැවසුවේ. 

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (05) සාධාරණය සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් කොළඹදී කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදීය. 

මුව ආවරණයක් නොමැතිව කෙනෙක් සිටියහොත් නිරෝධායන පනතට අනුව දඬුවම් දෙන නමුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගය මත වසා දමන ලද පිළියන්දල ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගේ නියෝගයෙන් විවෘත කරන විට පනතට අනුව ඔහුට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක නොවන බව සුමංගල හිමියෝ කියා සිටියහ. 

''සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍යයට පැහැදිලිවම කියනවා මේ නගරය විවෘත කිරීමට ගත් තීන්දුව තමන් දැනුවත්ව නෙවෙයි වුණේ කියලා. මේ රටට 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ශක්තිමත් නායකයෙක් විසින් මේ රට පාලනය කරනවා කියලා පුරසාරම් දොඩපු අයගෙන් අපි අහනවා අඩුම තරමේ ලොකුගේට විරුද්ධවවත් තීන්දුවක් ගන්න හයියක් නැති කොන්දක් නැති පඹයොද මේ රට පාලනය කරන්නේ කියලා.''

මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයෙක් පත්නොකර සිටින්නේ ද ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාට හිතවත් කෙනෙක් පත්කරගැනීමේ අරමුණ නිසාවෙන් බවද සුමංගල හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

ASK