රංජන්ගේ පාර්ලිමේන්තු අසුන අහිමි කෙරේ. පුරප්පාඩුව මැ.කො.ට දැනුම් දෙයි !

රංජන්ගේ පාර්ලිමේන්තු අසුන අහිමි කෙරේ. පුරප්පාඩුව මැ.කො.ට දැනුම් දෙයි !

7 April 2021 10:49 am

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 

ඒ මහතා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයේදීය. 

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිව් වසරක සිර දඬුවමක විඳිමින් සිටින රංජන් රාමනායක මහතා තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි නොකරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණු නමුත් පසුගියදා එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරෙණි. 

ඒ, අභියාචනාධිකරණ සභාපති අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඬුල්ල විසිනි. 

රංජන් රාමනායක මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීම ද කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී. 

ඒ අනුව මාස තුනක් තිස්සේ පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී නොවීමේ හේතුව මත රාමනායක මහතාගේ මන්ත්‍රී අසුන අහිමි කර තිබේ. 

RN