පාස්කු ප්‍රහාරයට මෛත්‍රී වැරදිකරුවකු වියයුතු නෑ. දින 52න් පස්සෙ එතුමාට ප්‍රශ්න තිබුණා - මැදගොඩ හිමි

පාස්කු ප්‍රහාරයට මෛත්‍රී වැරදිකරුවකු වියයුතු නෑ. දින 52න් පස්සෙ එතුමාට ප්‍රශ්න තිබුණා - මැදගොඩ හිමි

8 March 2021 08:03 am

පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව වරදකරුවකු ලෙස නම් කළයුතු යැයි පළව ඇති අදහස් තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවත් ප්‍රබල භික්ෂුවක් වන මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. 

"වර්තමාන පවත්නා ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් තියෙන්නෙ ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ වගකීමක් මිසක් මේ වාර්තාව සම්බන්ධයෙන් හෝ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීමක් ආණ්ඩුවට නෑ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගැන මං දැක්කා අදහසක් පළකරලා තියෙනවා පත්තරවල එහෙම එතුමා මේ ගැන වැරදිකාරයෙක් වියයුතුයි කියලා. මං ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා, මොකද එතුමාට වගකීම් පැහැරහැරීම සම්බන්ධයෙන් එන්න පුළුවන් යම් අදහසක් හැබැයි ඒ වුණාට ඔබ දකින්න ඇති ඒ වෙනකොට පොලිස්පතිවරයා අස්කරන්න බැරිගාණට ජනාධිපතිවරයාට ගැටළු තිබුණා. 

අපි දැක්කා දින 52 ආණ්ඩුවක් තිබුණා, මහින්ද මහත්තයා ටික දවසකට අගමැති වෙලා හිටියා, නැවත රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙනවා. ඉතිං මං හිතන්නෑ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඒ කාලය ඇතුළත ඔහුට රට රකින්න තියා ඔහුගේ තනතුර රැකගැනීම සම්බන්ධයෙන් පවා තිබුණෙ ලොකු අර්බුදකාරී තත්වයක්. කෙට්ටු මිනිහෙක් වැරැද්දක් කළාම ඒ මනුස්සයා අලියා ලව්වා පාගන්න ගියාම අලියාගේ කටු ඇණෙයි කියලා මේ මිනිහාගෙ, මහත මිනිහෙක් අල්ලලා පාගවනවා වගේ වැඩක්නෙ මේක" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

මැදගොඩ අභයතිස්ස හිමි මේ බව පැවසුවේ ඊයේ (07) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

RN