කොවිඩ් - 19 වෛරසයෙන් මියයන අයගේ මෘතදේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ලබන සතියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අද (27) දිනයේදීත් පැවැත්වෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
"දැනට ඒ විද්වත් කමිටුවෙන් ඒ අවශ්‍ය මාර්ගෝපදේශ හදමින් පවතිනවා. ඒක හෙට (27) උදේ මමත් විද්වත් කමිටුවත් සාකච්ඡා කරලා එය අපගේ ඇමතිතුමිය සහ අනෙකුත් රාජ්‍ය අමාත්‍යවරුන් එක්කත් සාකච්ඡා කරලා ලබන සතිය වෙනකොට අපි ඒ නිර්දේශ දෙන්න බලාපොරොත්තු වෙනවා.
තියෙන නීතිරීති ඉතාමත් දැඩිව අනුගමනය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. දැනට ආදාහනය කරන කටයුතු ඒ විදියටම වෙනවා. ඊළඟට භූමදානයට තමයි දැනට අපි නීතිරීති හදන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ ඊයේ (26) පෞද්ගලික රූපවාහිනී නාලිකාවකින් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.
RN
2021-04-19 23:00:00
2021-04-19 21:30:00
2021-04-19 20:04:00
2021-04-19 20:00:00