ඉන්දියාව කොවිඩ් එන්නත් අපනයනය අරඹයි. පළමු අදියරේදී ශ්‍රී ලංකාවට නොලැබෙන ලකුණු !

ඉන්දියාව කොවිඩ් එන්නත් අපනයනය අරඹයි. පළමු අදියරේදී ශ්‍රී ලංකාවට නොලැබෙන ලකුණු !

20 January 2021 06:41 am

ඉන්දියාව, තමන් නිෂ්පාදනය කෙරෙන කොවිඩ් - 19 ප්‍රතිශක්තිකරණ එන්නත් අද (20) සිට අපනයනය කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබේ. 

ඒ අනුව පළමු එන්නත් තොගය භූතානයට අපනයනය කිරීමට නියමිතව ඇති අතර දෙවැනි එන්නත් තොගය ලෙස ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් - ඇස්‍ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිනයේදී බංග්ලාදේශයට යැවීමට නියමිත බව සඳහන්. 

කෙසේවෙතත් මෙම එන්නත් අපනයන වැඩසහටනේ පළමු අදියරට ශ්‍රී ලංකාව ඇතුළත් නොවන ලකුණු පහළ වී ඇති බවක් ද වාර්තා වේ. 

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර තිබුණේ පළමු අදියර යටතේ භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට එන්නත් නිකුත් කෙරෙන බවයි. ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ මුරුසිය එන්නත් ලබාගැනීම සදහා අවශ්‍ය නියාමන අවසරයන් තවමත් ලබාදී නොමැති බවත් එම කාර්යාලය සඳහන් කර ඇත.