මංතීරු නීතිය හෙට සිට අවලංගු වන ලකුණු ! මහවැසි නොතකා පොලිස් පොඩ්ඩන් කළ මැදිහත්වීම වතුරේ යයි !

මංතීරු නීතිය හෙට සිට අවලංගු වන ලකුණු ! මහවැසි නොතකා පොලිස් පොඩ්ඩන් කළ මැදිහත්වීම වතුරේ යයි !

22 September 2020 06:03 pm

පසුගිය සඳුදා සිට කොළඹට ඇතුළුවන ප්‍රධාන ප්‍රවේශ මාර්ග 04 ක් සඳහා හඳුන්වා දුන් මංතීරු නීතිය හෙට සිට අවලංගු වීමට නියමිත බව වාර්තා වේ. රජයේ තීරණය වී තිබෙන්නේ මෙම නව ක්‍රමවේදය හේතුවෙන් අදාල මාර්ග භාවිතා කරන මගී ජනතාව සහ රියදුරන් දැඩි දුෂ්කරතාවලට පත්වන බවයි.

ඒ අනුව හෙට දිනයේ සිට ත්‍රීවිල් රථ රියදුරන්ට සහ යතුරුපැදිවල සුපුරුදු පරිදි ඕනෑම මංතීරුවක ගමන් කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

නව මංතීරු නීතිය සම්බන්ධයෙන් අද පැවති පසුවිපරමේදී ආරක්ෂක ලේකම්වරයා විසින්‍ පොලිස් රථවාහන අංශයේ ප්‍රධානියාට දන්වා ඇත්තේ රියදුරන්ට අවශ්‍ය පරිදි ධාවනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.

පසුගිය සතියේ සඳුදා සිට ආරම්භ වූ මෙම වැඩපිළිවෙල වෙනුවෙන් පොලිස් රථවාහන අංශය සහ සමස්ත පොලීසියම දැවැන්ත මෙහෙයුමක් දියත් කළ අතර රියදුරන් නීති කඩ කරන්නේද යන්න පිළිබඳව CCTV සහ ඩ්‍රෝන කැමරා ද භාවිතා කළේය. ඇතැම් පොලිස් නිළධාරීන් මේ සඳහා කැපවීමෙන් ක්‍රියා කළේ අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේ මහ වැසිද නොතකාය.

එසේ කැපවීමෙන් ක්‍රියා කළ පොලිස් නිළධාරීන් නව තීරණය හේතුවෙන් දැඩිලෙස කළකිරීමට පත්ව සිටින බවද වාර්තා වේ.

අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදිකරුවන් සඳහා හෙට සිටි ඇතුළත මංතීරුද විවෘත වන බවයි.

UN