20ට විරුද්ධව අගමැතිතුමා මොකුත්ම කිව්වෙ නෑ. ජනපතියි අගමැතියි එකම ස්ථාවරයක ඉන්නේ - අමරවීර

20ට විරුද්ධව අගමැතිතුමා මොකුත්ම කිව්වෙ නෑ. ජනපතියි අගමැතියි එකම ස්ථාවරයක ඉන්නේ - අමරවීර

22 September 2020 05:42 am

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කිසිදු අදහස් දැක්වීමක් සිදු නොකළ බවත් මේ පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සිටින්නේ එකම ස්ථාවරයක බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

"20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අධිකරණයට යන්න පුළුවන් සතියක්. ඊළඟට තව සති තුනක් කාලය තියෙනවා. අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට.

ජනාධිපතිතුමා හොඳට කරුණු පැහැදිලි කළා. මූලික කෙටුම්පතට ඉතිං අවශ්‍ය සංශෝධන තියෙන ඒවා එදිනට කරනවා, සම්මත කරන දවසට. 

අගමැතිතුමාත් යම් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා ඒ සම්බන්ධව. ඒ කාරණාත් සැලකිල්ලට අරගෙන කටයුතු කරන බව තමයි අධිකරණ ඇමතිතුමා කිව්වෙ.

අගමැතිතුමා විරුද්ධව කතා කළේ නෑ මොකුත්. අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් එකම ස්ථාවරයක ඉන්නේ. 

කමිටුව විසි වෙලා කියලා එකක් නෙවෙයි. කමිටුවෙ තියෙන අදහස් ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා කියලා අධිකරණ ඇමතිතුමා කිව්වා ඒ පිළිබඳ යම් යම් අවශ්‍යතා පරිදි ඒ කටයුත්ත කරයි. 

අගමැතිතුමාගේ කිසිම හිත් අමනාපයක් අපට දැනුනෙ නෑ, අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් එකම ස්ථාවරයක තමයි මේ කටයුත්ත ගැන හිටියෙ, ඒ නිසා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ඇමතිවරුත් කිසිම ප්‍රශ්නයක් නෑ, බොහොම එකඟතාවෙන් කටයුතු කළේ. එතුමන්ලා දෙන්නාම එකම .... නිකම්වත් දැනුනෙවත් නෑ එහෙම කිසිම වෙනසක් තියෙනවා කියලා. 

මේක සම්මත වෙනවා, තුනෙන් දෙකටත් වැඩිය. විපක්ෂයේ කණ්ඩායමකුත් මේකට සහාය දෙයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත කරුණු දක්වමිනි. 

RN